IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නාවික හමුදා නිලධාරියා මියගියේ මී උණ රෝගයෙන්

(නිමන්ති රණසිංහ)

වැලිසර නාවික හමුදා රෝහලේදී ඊයේ (25) රාත්‍රීයේ මියගිය නාවික හමුදා නිලධාරියාට කොරෝනා වයිරසය වැලදී නොමැති බව පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා ලංකාදීපයට පැවසිය.

නාවික හමුදාවේ ලූතිනන් කමාන්ඩර්වරයකු වන මෙම නිලධාරියා හදීසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 18 වැනිදා වැලිසර නාවික හමුදා රෝහල වෙත ඇතුළත් කරනු ලැබිණ. පසුව කරන ලද පරීක්ෂණ වලදී, මී උණ වැළදීමෙන් එම නිලධාරියා මියගොස් ඇති බව තහවුරු වී ඇතැයි ද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.

කොරෝනා ආසාදිතයකු බවට පසුව හෙළිවූ නිලධාරියකු මෙම නිලධාරියා ප‍්‍රතිකාර ලබමින් සිටි වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිට ඇති බැවින් මියගිය ලුතිනන් කමාන්ඩර්වරයාගේ අවසන් කටයුතු ද ජාත්‍යන්තර නිරෝධායන නිතීන්ට යටත් සිදුකරන ලෙසට රාගම අධීකරණ වෛද්‍ය නිලධාරිවරයා නියෝග කර ඇති බවද සදහන් වෙයි.



අදහස් (8)

නාවික හමුදා නිලධාරියා මියගියේ මී උණ රෝගයෙන්

Raveendra Sunday, 26 April 2020 08:01 AM

අනේ...පව් ... ඔබට නිවන් සුව අත්වේවා .....!!!!

:       0       59

wije Sunday, 26 April 2020 09:18 AM

අනේ මන්දා හැදිලා තියෙන්නේ මී උණලු. කොරෝනා නෙවෙයිනම් මොකටද නිරෝධායන නීතියට අවසන් කටයුතු කරන්නේ. කවුද ඇත්ත කියන්නේ කියලා දෙවියෝ තමයි දන්නේ.

:       6       272

Chandana - Australia Sunday, 26 April 2020 09:47 AM

ලංකාවත් චීනය වගේ වෙන්න යන්නෙ. කිසිම සත්‍ය තොරතුරක් එලියට දෙන්නේ නැහැ, ඉස්සරහට සමාජ මාධ්‍ය එහෙමත් තහනම් කලොත් පුදුම වෙන්න එපා.

:       142       353

rana Sunday, 26 April 2020 10:40 AM

යම් දෙයක් සඟවනවදෝ සිතෙනවා ? ඔබටත් එහෙමද

:       1       141

isuru Sunday, 26 April 2020 11:18 AM

සත්‍ය ජයගනිවී.. බොරුවට ආයුෂ නැ ළමයිනේ... !!!

:       0       0

Dasa P Sunday, 26 April 2020 01:16 PM

මී උන රෝග ලක්ෂණ කොරෝනා වල රෝග ලක්ෂණම බව ගූගල් එකෙන් දැන ගත්තා.

:       0       0

සංජීව Sunday, 26 April 2020 02:11 PM

මී උණ හැදෙන්න මොකද නේවි එකෙන් නිවාඩු අරන් මේ ඇඳිරි නීතිය අස්සේ කුඹුරු කොටන්න ගියාද? මැරුණේ මී උණෙන් නම් ඇයි කොරෝනා ලෙඩෙක් විදියට අවසන් කටයුතු කළේ?

:       0       0

Ramendra Sunday, 26 April 2020 03:19 PM

අපේ රට අමුතු රටක් වේගෙන එන්නේ , දැන් ව්‍යවස්ථා ප්‍රශ්න විසදන්නේ ආන්ඩුව නියෝජනය කරන ස්වාමින්වහන්සේලා කැදවාගෙන...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site