IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 321 ක් හෙට ගෙදර යති

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
 
නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයන් 321දෙනෙකු හෙට(31) දිනයේදී නිරෝධායන මධ්‍යස්ථානවලින් නිවාස බලා පිටත්ව යාමට නියමිත බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද(30) පැවසීය.
 
ඒ අනුව, හෙට දිනයේදී නිරෝධායන කටයුතු අවසන් කළ 104දෙනෙකු පෙරයකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන්ද, තවත් පුද්ගලයන් 11දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන්ද, ඉතිරි 206දෙනා ගුවන් හමුදාව විසින් සම්බන්ධීකරණය කරනු ලබව පුරවාසකුලම් නිරෝධායන මධ්‍යස්ථානයෙන්ද පිටත්වයාමට නියමිත බවද ඒ මහතා සඳහන් කළේය.
 
ඒ මහතා මේ බව පැවසුවේ, රාජගිරියේ, කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අද(30) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.



අදහස් (3)

නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 321 ක් හෙට ගෙදර යති

samantha Monday, 30 March 2020 03:36 PM

ඔබතුමන්ලා කරන සේවය ඉතාමත් අගනේය. ඇඳිරි නීතිය නිසා පීඩාවට පත් ජනතාවට අඩුම තරමේ පිසූ ආහාර වත් බෙදා දීමට ක්‍රමවේදයක් සකසන මෙන්ද මුදල් ඇති අයට අවශ‍ය තරම් ආහාර හා විශේෂයෙන් කුඩා දරුවන්ට අවශ‍ය නැපි, සබන්, සනීපාරක්ෂක ද්‍රවය ලබා දෙන වැඩපිළිවෙලක් ද සැකසුවොත් හොඳයි. කාර්ය සාධක බලකායට මේක කර ගන්නට නොහැකියි. සතොසට ඉල්ලුමට තරම් සැපයුම දෙන්න අමාරුයි සීමිත කාලයකින්.

:       0       4

Anton austria Monday, 30 March 2020 05:05 PM

ඔබගේ කථාව ඉතා නිවැරදි... මුලින් ජනාධිපතිතුමා කිවේ ගත්තේ හමුදාවේ අයයි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අයයි ඉහළ දොස්තර මහත්තුරුයි... වැඩේ හොඳට කෙරුණ දැන් මට හිතෙන්නෙත් ටිකක් අවුල් වගේ ඒත් ජනාධිපති තුමා එහෙම වෙන්න දෙනකක් නැ කියල මා හිතනවා...

:       1       14

රුවන් Monday, 30 March 2020 05:22 PM

මම හිතන්නේ මේ වැඩ අපේ රටේ (සිව් හෙළයේ විරුවන්) පොලිස්, යුද, ගුවන්, නාවික,යන අංශ වලට භාර දුන්නා නම් හොඳයි කියලා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site