IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නිරෝධායනය අවසන් කළ තවත් කණ්ඩායමක් පිටව යයි

(සමන් පාලිත නානායක්කාර)

යුද හමුදා අධීක්ෂණය යටතේ දියතලාව යුද හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සාර්ථකව අවසන් කළ 25 දෙනෙකු අද (02) පෙරවරු සිය ගම්බිම් බලා පිටත් ව ගියබව දියතලාව යුද හමුදාව කියයි.

ඉතාලියේ හා දකුණු කොරියාවේ සිට පැමිණි කොළඹ සහ මහනුවර ප්‍රදේශවල පදිංචි පිරිස් මෙසේ අද දිනයේ පිටත්ව ගිය බවද යුද හමුදාවේ උසස් නිලධාරියෙකු පැවසීය.

හමුදාව හා පොලිසියේ ආරක්ෂාව යටතේ හමුදාවට අයත් විශේෂ බස්රථ වලින් මෙම පිරිස කොළඹ හා නුවර ප්‍රදේශවලට පිටත් කර යැවූ බවත් ඔවුන්ගේ භාණ්ඩ වෙනත් වාහන වලින් යැවීමට කටයුතු කළ බවත් යුද හමුදාව කියයි.

දියතලාව යුද හමුදා කඳවුරේ අධීක්ෂණය යටතේ මධ්‍යස්ථාන හතරක පුද්ගලයින් 413 දෙනෙකු මේ විට නිරෝධායන සාර්ථකව අවසන් කර ඇති බවද තවත් පුද්ගලයින් 35 දෙනෙකු හෙට (03) දිනයේ දී ගම්බිම් බලා පිටත් වීමට නියමිතව ඇතිබව ද යුද හමුදාව සඳහන් කරයි.

 



අදහස් (1)

නිරෝධායනය අවසන් කළ තවත් කණ්ඩායමක් පිටව යයි

ajithkaru Thursday, 02 April 2020 04:02 AM

අපේ වීරෝධාර යුධ හමුදා ව ඇතුළු ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් කරනු ලබන මෙම අනර්ඝ සේවාව යුධ බිමේ සටනටත් වඩා අති ශ්‍රේෂ්ඨයි. තෙරුවන් සරණින් ඔබ සියලු දෙනාම ආරක්ෂා වේවා!

:       0       110

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site