IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නිරෝධායනයට යැවූ කොළඹ 25 ක් පුනරුත්ථාපනයට

(නිමල් ජයරත්න)

කොළඹ සිට නිරෝධායනය සඳහා වැලිකන්ද ගල්කන්ද යුද හමුදා කඳවුරට රැගෙන ආ පිරිස අතරින් පුද්ගලයින් 25 දෙනෙකු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම හේතුවෙන් අද (06) සවස ඔවුන් පොළොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන්  නියෝගයකට අනුව මාස අටක කාලයක් පුනරුත්ථාපන කටයුතු සඳහා කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර වෙත යොමුකළ බව වැලිකන්ද පොලිසිය කියයි.

මොදර, කොළඹ, මාතර , පිටකොටුව යන ප‍්‍රදේශවලින් ඔවුන් දින 21 ක කාලයක් නිරෝධානය කටයුතු සඳහා ඉකුත් අපේ‍්‍රල් 16 වෙනිදා වැලිකන්ද ගල්කන්දේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙනවිත් ඇති බව පොලිසිය පවසයි.

එහිදි යුද හමුදාව සහ ශ‍්‍රී ලංකා පොලිසිය මගින් ඔවුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති බවට හදුනාගැනිමෙන් අනතුරුව අද පොළොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු එම පුද්ගලයින් 25 දෙනා මාස අටක කාලයක් පුනරුත්ථාපනය සඳහා යොමු කරන ලෙස මහේස්ත‍්‍රාත් සුරංග අසේල ද සිල්වා මහතා එම නියෝග කළේය.

ඒ අනුව දින 21 කාලයක් කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර තුල නිරෝධායනයට ලක් කරමින් ඔවුන්ට මාස 08 ක විවිධ වෘත්තිය පුහුණු ලබා දිමටද කටයුතු කර ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

ඒ සෙඳහා ඔවුන්ට අවශ්‍ය සියලූ පහසුකම් කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර තුල සුදානම් කර ඇති අතර එලෙස පුනරුත්ථාපනය වෙන පුද්ගලයන්ගේ වයස අවුරුදු 25 ත් 50 අතර පසුවන්නන් බවද පොලිසිය සඳහන් කරයි.



අදහස් (1)

නිරෝධායනයට යැවූ කොළඹ 25 ක් පුනරුත්ථාපනයට

surath Wednesday, 06 May 2020 02:31 PM

හොඳ ක්‍රියාදාමයක්...

:       0       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site