‘ඉතා නරකම’ තත්ත්වය තවමත් පැමිණ නැතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට මියගිය ගණන 64,000 ඉක්මවා ගොස් ඇත. ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන මිලියන 1.2 ඉක්මවා ගොස් තිබෙන අතර ඉන් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 311,637කි.
ගෝලීය සෞඛ්‍ය මෙන්ම ආර්ථික අර්බුදයක් ද නිර්මාණය කර ඇති කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. එහිදි නිව්යෝක් ප්‍රාන්තය කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. නිව්යෝක් ප්‍රාන්තයෙන් සෙනසුරාදා දිනයේදී පමණක් වාර්තා වූ මරණ ගණන 630කි. කොරෝනා වයිරසය ඇමෙරිකාව තුළ ව්‍යාප්ත වීමට පටන් ගැනීමෙන් පසු ඇමෙරිකාව මෙන්ම නිව්යෝක් ප්‍රාන්තය ද මුහුණ දුන් නරකම සහ දරුණුම දිනය එය විය.
නිව්යෝක් ප්‍රාන්තය මේ වනවිට දැවන්ත වෛද්‍ය සැපයුම් හිඟයට මුහුණ පා සිටින අතර චීනය නිව්යෝක් ප්‍රාන්තයට ස්වසන සංවාතන යන්ත්‍ර (වෙන්ටිලේටර්ස්) 1,000ක් යවා තිබුණු අතර නිව්යෝක් ප්‍රාන්තය ඒ වෙනුවෙන් චීනයට සිය කෘතඥතාව පළ කර තිබිණි.
‘‘ඒක අපිට ලොකු දෙයක්. එයින් ලොකු වෙනසක් වේවි’’ යැයි නිව්යෝක් ප්‍රාන්ත ආණ්ඩුකාර ඇන්ඩෘ ක්වාමෝ පැවැසීය. දැනට පවතින ප්‍රවණතාව ඉදිරියටත් පැවතුණහොත් තත්ත්වය බරපතළ වනු ඇති බවත් අත්‍යවශ්‍ය ස්වසන සංවාතන යන්ත්‍රවල දැඩි හිඟයක් ඇති වනු ඇති බවටත් අනතුරු ඇඟවීය. කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට ගත් අවස්ථාවේ සිට නිව්යෝක් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා දිගින් දිගටම අනතුරු ඇඟවීය.
කෙසේ නමුත් කොරෝනා වයිරසයේ නවතම තොරතුරු දැනුම් දීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ ද සහභාගීත්වය ඇතිව දිනපතා පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ට චෝදනා කළේය.
ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් දිගින් දිගටම අවශ්‍ය ප්‍රමාණයට වෛද්‍ය සැපයුම් ඉල්ලන බව ඇමෙරිකා ජනාධිපතිවරයා සෙනසුරාදා චෝදනා කළේය.
නිශ්චිත අධ්‍යයනයක් කර නොමැති මැලේරියා රෝගීන්ට ලබාදෙන ‘හයිඩ්‍රොක්සික්ලෝරාක්වීන්’ ඖෂධය කොරෝනා රෝගීන්ට ලබාදෙන්නැයි ද ඇමෙරිකානු ජනාධිපතිවරයා එහිදි කීය. කෙසේ නමුත් එම ඖෂධය කොරෝනා රෝගීන්ට ලබාදීම මෙතෙක් නිශ්චිතව තහවුරු කර නැතැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනි ෆවුචි පැවැසීය.
ඉදිරි සති දෙක ‘‘දරුණුම’’ සති දෙක වනු ඇතැයි ද ‘‘මරණ විශාල ගණනක්’’ සිදුවිය හැකි ද ජනාධිපති ට්‍රම්ප් මෙහිදි අනතුරු ඇඟවීය. ප්‍රාන්තවල
සහාය සඳහා හමුදාව යොදවන බව ද හෙතෙම කීය.
ද ගාඩියන්
055
COMMENTS
මේකෙන් වත් ඇමෙරිකාව පාඩමක් ඉගෙන ගන්නවා නම් හොදයි . මොකද හඳට මින්ස්සු අරින්න අඟහරු අල්ලන්න , ලෝකයේ තියන දියුණුම ආයුද හදන්න , තාක්ෂනය තිබුන එහෙම තියෙද්දිත් මේ වගේ වයිරසයකට එරෙහි ව එන්නතක් නිපදවන්න උනන්දු උනේ නැහැ එහෙම උනානම් 2011 දී මේකෙම ලොකු අයිය වන sarrs සහ mers වසංගත ආපු කාලේ පටන්ගත්ත එන්න්නත් හැදීම නවත්තල දමන්නේ නැහැ එදා ඒක දිගටම කරා නම් අද ලෝක ඉතිහාසය මීට වඩා වෙනස් වෙනවා . ඒ වෙනුවට කලේ මේ චීන වයිරසය කියල අවඥාවෙන් කතාකරපු එක . අන්තිමට චීනෙන් වෙන්ටිලටෙර්ස් හිගන්නා වූනා
යහපාලන කාලය සිහිවෙනවා ට්‍රුම්ප් ගේ කතා හා පසු කතා ඇහුවම...
අන්තිමට චිනටත් අතපාන්න වුන නේද ? ලොකු කතා කීවට හදිසියකට අවශ්‍ය පමණට වෙන්ටිලේටර්ස් ටිකක්වත් රටේ නැහැ. නිපදවගන්නත් බැහැ. මේ විදිහට බලනකොට ජෙර්මනිය සෞඛ්‍ය පැත්තෙන් ඉන්නේ ඉතා ඉහලින්.., මිනිස්සුන්ට දැඩි තහංචි දමලත් නැහැ. කොරෝන රෝගියෝ 90000 විතර සොයාගෙන , 24000 සුවපත් කරලා , මැරිලා තිබෙන්නේ 1900 කට අඩු ප්‍රමාණයක් , දැඩි සත්කාරේ 1500 පමණ ඉන්නවා , තව ඇදන් 2000 කට වැඩි ප්‍රමාණයක් දැඩි සත්කාරේ හිස් , ඉන්දියාවත් මේ වගේ ලොකු ටෝක් දුන්නට දැන් පස්ස බිම ඇනිලා.