(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නේපාලයේ අතරමංව සිටි ශ්‍රී ලාංකික සිසුන් 93 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1425 දරණ ගුවන් යානය අද 24 සවස 3.30 ට නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
එම ගුවන් යානයෙන් පැමිණි සියලු සිසුන් ගුවන් තොටුපළේ සිට නීරෝධායන කටයුතු සදහා පිටත් කර හරිනු ලැබීය .




COMMENTS
ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ධනවත් පවුල්වලට අයත් වෛද්‍ය සිසුන් වන අතර එක් ශිෂ්‍ය අධ්‍යාපනයක් නොමිලේ දළ වශයෙන් ලක්ෂ 200 කට සමාන වේ. මාලදිවයිනේ හා මැද පෙරදිග රටවල සේවය කරන අහිංසක කම්කරුවන් දෙස බැලීමට රජයට කිසි විටෙකත් අවශ්‍ය නොවේ. මෙය ලැජ්ජාවකි, මේ රට පොලිස් නිලධාරීන්ට සහ ඔවුන්ගේ සම්බන්ධතා සඳහා පමණක් හොඳ ය.
විදේශයන්හි ඉන්නා ශ්‍රී ලාංකිකයින් ආපසු ගෙන්වා ගැනීමේදී ඒ සඳහා වියදම් එම මඟීන්ගෙන් අයකර ගන්නා බවට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් නිකුත්කළ ලිපියක් සමඟ විස්තරයක් අන්තර් ජාලයේ පළකර තිබෙනවා. ඉන්දියාවේ සිට පැමිණි එක මගියෙකුගෙන් රුපියල් 103,000කට ආසන්න ගණනක් අයකර ඇති බව එහි සඳහන්. බොහෝ දෙනා සිතාගෙන ඉන්නේ මේ පිරිස් ආපසු ගෙන්වා ගන්නේ රජයේ වියදමින් බවයි.