විනීතා එම් ගමගේ
දෙවන පාසල් වාරය මැයි 11දින ආරම්භ කිරීමට රජය තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කරමින් කියයි.
මීට පෙර රජය තීරණය කර තිබුණේ අප්‍රෙල් 20 වැනිදා දෙවන පාසල් වාරය ආරම්භ කිරීමටය.
කොරෝනා වයිරසය පැතිර යාම හේතුවෙන් පාසල් දරුවන්ගේ ආරක්ෂාව උදෙසා දින නියමයක් නැතිව වසා දැමුණු පාසල් පද්ධතිය ආරම්භ කිරීම මැයි 11 ආරම්භ කිරීමට තීරණය වී තිබේ.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දෙවන පාසල් වාරය ඇරඹීම මැයි 11 ට කල්යයි
මුණසිංහ Saturday, 11 April 2020 04:35 PM
නමුත් මේ තීරණය ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම ඇත්තේ මහජනතාව අතේ. තව දුරටත් හැංගිමුත්තන් කළොත් රටම බරපතල විදියට අනතුරේ.
chandana Saturday, 11 April 2020 05:27 PM
තවම කල් වැඩියි මෙම තීරණය ගන්න. අඩුම තරමින් අප්‍රේල් 25 පසුවවත්(හරිනම් දින 21 ක් -18 වෙනිදා) අලුතින් රෝගීන් හමු නොවුනොත් ගැටළුවක් නැහැ. නමුත් පාස්කු ප්‍රහාරයේදී වගේ දේශපාලන උවමනා මත බොරු බිල්ලෝ මවාපාන්න පුළුවන්. කෙසේ වෙතත් දරුවන්ගේ ආරක්ෂාව තමා වැදගත්. මේනම් චන්දය ඉක්මනින් තියන්න තියෙන උවමනාවට කරන වැඩක්.
සමන්ත Saturday, 11 April 2020 05:58 PM
ඡන්දය නම් මොකක්ද අර දකුණු කොරියාවේත් කොරෝනා වසංගතයත් එක්කම පවත්වන්නේ.... හැමදේටම ඡන්දය ගාන්න එපා.
SamanSunday, 12 April 2020 04:44 AM
බහුබූතයෝ. හැමදේටම දේශපාලනය ඇදගන්නවා.ජන්ද භීතිකාව.
සෙන්දේ Sunday, 12 April 2020 05:04 AM
දකුණු කොරියාවේ කොරෝනා දෙවෙනි වටය පටන් අරන් කියලා දැක්කේ නැද්ද?
AsankaSunday, 12 April 2020 05:48 AM
හලෝ... දකුණු කොරියාව ළිදේ වැටෙනකොට අපිත් පනින්න ඔනද?
vipula Saturday, 11 April 2020 06:13 PM
20 වැනිදා තිබුණු දවස කල්දැමීමක් විතරයි. හැබැයි මුලින්ම ඇදිරි නීතිය නැතිව ආයතන නිවාඩු දීලා දවස් දෙකක් විතර ගියාම ආයතන පටන් ගත්තා නම් හොදයි..
Deepal Nirosh Sunday, 12 April 2020 05:36 AM
හැකි විගසින් පාසල් අරඹීම සතුටට කරුණක්. හැබැයි ප්‍රථමයෙන් ඇඳිරි නීතිය මුළු දිවයිනටම බලපාන පරිදි ඉවත් විය යුතුයි. ඉන් දින කිහිපයක් පරීක්ෂාවෙන් සිට කාර්යාල හා ප්‍රවාහන සේවා යථා පරිදි ඇරඹීමට හැකි විය යුතුයි. ඉනුත් සුමානයකට පමණ පසුවයි පාසල් නැවත ඇරඹිය යුත්තේ. පළමුව ආරක්ෂාව....