(නිමල කොඩිතුවක්කු)
ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් 300 කට අධික පිරිසක් නවදිල්ලියේ පිහිටි මහාබෝධි මධ්‍යස්ථානයේ මේ වනවිට රඳවා සිටින බව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවැසීය.
ඔවුන් සදඟා අවශ්‍ය ආහාරපාන සහ සෞඛ්‍ය පහසුකම් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් 1200 ක් පමණ සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ඔවුන් ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීමෙන් නවදිල්ලි සහ චෙන්නායි නුවර පිහිටි මහාබෝධි මධ්‍යස්ථානය හරහා සම්බන්ධ කරගනිමින් දිවයිනට රැගෙන ඒමට කටයුතු කරන බවද හරිස්චන්ද්‍ර මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝටම දළදා සමිඳු පිහිට ප්‍රාර්ථනා කරනවා.
හොර දේශපාලුවන්ගේ දරුවන්, නෑයන් එංගලන්තයේ සිට හදිස්සියේම ගෙන්න ගත්තාවගේ මේ අපේ රටේම ජනතාව ගෙන්නා ගැනීමට ආණ්ඩුවට හදිස්සියක් නැහැ නේද...? ඡන්දෙ ඉල්ලාගෙන රටේ මිනිස්සුන් හමුවෙන්නට එන්නේ රෙදි ඇඳගෙනද..? තවමත් මොවුන්ගේ ඉඳුල් කන ගෝත්‍රිකයින් ඉන්නවද.?
ඇත්තටම රටේ විනිමය වියදම් කර හොර වන්දනා නඩ කාරයන්ගේ ගැට වලට අසුවෙමින් මේ යන ගමනින් ඇති ප්‍රයෝජනය කුමක්ද?
මේ ගොල්ලෝ පින් රැස් කරගෙන රටට පව්දෙනවා ...
මේ මිනිස්සුන්ට මොලයක් නැත්ද මන්දා...? මේ වෙලාවේ මොන මගුලකට ඔය වගේ ගමන් යනවද? ඇදහීම් වලින් කොරෝනා හොඳකරන්න බැහැ. මොනම ආගමකටවත් එ්ක කරන්න බැහැ.
මෙයාලා ගියෙ කොරෝනා අනතුරු ඇඟවීමට කලින් නම් මගේ කමෙන්ට් එකේ මුල් කොටස මම ඉල්ලා අස්කරගන්නවා නමුත් දෙවන කොටස නම් හැමදාම වලංගුයි