(අනීෂා මානගේ)
ඇඳිරි නීතිය අද(28) අළුයම 5.00ට තාවකාලිකව ඉවත් කළද බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් මගීන් ඉතා සුළු පිරිසක් පමණක් දුම්රියෙන් ගමන් කළ ආකාරය දක්නට හැකිවිය.
අද පෙරවරු 6.00ට බෙලිඅත්තේ සිට ඉඳුරුව දක්වා පමණක් ධාවනය කිරීමට එක් දුම්රියක් යොදවා තිබිණ.
සෑම දුම්රිය මැදිරියක් සඳහාම යුද හමුදා නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවා තිබිණ.
කෙසේ වුවද මගීන් 14 දෙනකු පමණක් මෙම දුම්රියෙන් ගමන් කළහ.





COMMENTS
යන්න පුලුවන් බෙලිඅත්තේ ඉඳල... ඉඳුරුවට රාජකාරි ගමන් පමණයිනෙ. 14 දෙනෙක් හිටිය එකම ඇති.
මගීන් 14 කට දුම්රියක් යොදාගන්නවා කියන එක මොන අපරාධයක්ද ?
කොහෙද ඔය බෙලි අත්ත තියෙන්නේ? මමනම් ඇහුවමයි . අපි දන්නේ කෝච්චි මරදාන හරි කොටුව හරි ඉඳල අඩු ගානේ ගම්පහ ,මොරටුව වගේ තැන්වලට යනවා කියලා. සෙනග ඉන්නේ මෙහේනේ. ඔය කැලෑවල නෙමේනේ.
රටේ සාමාන්‍ය ජනතාවගෙන් බහුතරය නිකරුනේ රස්තියාදු ගහන්නේ යන්නේ නැහැ... ප්‍රවේශමෙන් සිටිනවා...