IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තවත් 22ක් සුවය ලබා ගෙදර යති

පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 22දෙනෙකු සුවය ලබා අද(23) රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ අනුව, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් 6දෙනෙකුද, වැලිකන්ද රෝහලෙන් 7දෙනෙකුද, කාත්තන්කුඩි රෝහලෙන් 7දෙනෙකුද, හෝමාගම මූලික රෝහලෙන් පුද්ගලයෙකුද, තෙල්දෙනිය මූලික රෝහලෙන් පුද්ගලයෙකුද මෙසේ සුවය ලබා පිටව ගොස් තිබේ.

අද දිනයේදී සුවය ලැබූ පිරිසත් සමඟ මේ දක්වා කොරෝනා වයිරසයෙන් සුවය ලැබූවන් සංඛ්‍යාව 1548 දක්වා ඉහළ ගොස් ඇත.

සුවය ලැබූ මෙම පිරිස අතර විදේශිකයන් කිසිවකු වාර්තා නොවන බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කෙසේවෙතත් මේ වනවිටත් 392ක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති. අද උදෑසන 10.00 වනවිට රෝහල් ගතකර ඇති, කොරෝනා බවට සැක සහිත රෝගීන් 54දෙනෙකු සිටින බවද පවසයි.

කොරෝනා ආසාදනය වීමෙන් 11දෙනෙකු මියගොස් ඇත.

මේ වනවිට ලංකාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1951කි.



අදහස් (0)

තවත් 22ක් සුවය ලබා ගෙදර යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 52 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 132 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site