IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජපන් සෞඛ්‍ය සේවකයන්ට ගුවනින් හරසර

‘නව කොරෝනා වයිරස’ වසංගතය හෙවත් ‘කොවිඩ්-19’ගෝලීය වසංගතයට එරෙහි සටනේ ඉදිරියෙන්ම සිටින වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු වෛද්‍ය සේවකයන්ට ගෞරව ආචාර කරමින් ජපානයේදී , ගුවන් හමුදා සංදර්ශන බළකායට අයත් යානා අද (29) අහසේ පියාසර කළේය.
 
ජපාන ගුවන් හමුදාවේ ගුවන් සංදර්ශන බළකාය ‘බ්ලූ ඉම්පල්ස්’ යනුවෙන් හැඳින්වෙන අතර එම බළකායට අයත් ‘ටී-4’ පුහුණු ජෙට් යානා 6ක් අද (29) දහවලේ ජපාන අහසේ පියාසර කළේය. දුම්වළා නඟමින් පියාසර කළ මෙම ජෙට් යානාවලට අත වැනීමටත් ඡායාරූප ගැනීමටත් වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් රෝහල්වලින් පිටතට පැමිණි සිටි අයුරුද දක්නට ලැබිණි.
 
‘‘අපි මාස 4ක් තිස්සේ දැඩි පීඩනයක් යටතේ වැඩ කරනවා. මේ ගුවන් ආචාරය අපිට අස්වැසිල්ලක්, සතුටක් වගේ අපේ සටනට පණක් ගෙනදුන්නා යැයි වෛද්‍ය සේවකයන් කියනවා මට ඇහුණා’’ යැයි ටෝකියෝහි ඉබාරා රෝහලේ සුයිචි මිකාමි පැවැසීය.
 
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සාර්ථකව පාලනය කරගැනීමට හැකි වූ රටක් ලෙස ජපානය හඳුනාගෙන ඇත. ජපාන රජයේ පුවත් සේවාවලට අනුව එරටින් අද පස්වරු වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 16,759ක් වූ අතර එරටින් වාර්තා වූ ආසාදිත මරණ ගණන 882ක් විය.
 
‘‘කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශාල පිරිසක් දිවා රෑ වෙහෙස වී වැඩ කරනවා. විශේෂයෙන්ම කොරෝනා වයිරසයට එරෙහිව සටනේ ඉදිරියෙන්ම සිටින වෛද්‍ය සේවකයන් දැඩි කැපවීමක් කරනවා. අපි ඔවුන්ට ගෞරව දැක්විය යුතුයි. අපි ඔවුන්ගේ සේවය ඇගයීමට ලක් කළ යුතුයි’’ යැයි ජපානයේ ආරක්ෂක අමාත්‍ය ටාරෝ කොනෝ පැවැසීය.
 
කෙසේ නමුත් ජපාන රජය ගත් මෙම ක්‍රියාමාර්ගයට සමාජ මාධ්‍ය ඔස්සේ මිශ්‍ර අදහස් පළ වී තිබිණි. ඇතැම් අය එය අගය කළ තිබූ අතර වෛද්‍ය සේවකයන්ට ගෞරව කිරීමට ගුවන් යානා පියාසර කරනවා වෙනුවට වෛද්‍ය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගැනීමට සඳහා අවධානය යොමු කළ යුතුව තිබුණා යැයි ඇතැම් අය කීහ.
 
‘‘ගුවන් යානා පියාසර කරවපු මුදල්වලින් මුඛ ආවරණ සහ අනෙකුත් ආරක්ෂණ උපකරණ මිලදී ගන්නට තිබුණා’’ යැයි ඇතැමකු ට්විටර් සමාජ මාධ්‍යයේ සටහනක් තබා තිබිණි.
 


 

ජපන් සෞඛ්‍ය සේවකයන්ට ගුවනින් හරසර

ඒ.එෆ්.පී./රොයිටර්
- 055

 



අදහස් (1)

ජපන් සෞඛ්‍ය සේවකයන්ට ගුවනින් හරසර

nek Friday, 29 May 2020 11:48 AM

ජපානය මේ වගේ වැඩ කරයි කියලා නිකමටවත් හිතුණේ නැහැ... ජපානයත් දැන් ගොනාට වැටිලා...

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 31 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site