IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


චීන වෛද්‍ය ආධාර තොගයක් කටුනායකට

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව පවතින කොරෝනා වසංගත රෝග තත්වයට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් චීන මහජන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාග කර , ඒවා විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇති බව චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා ප්‍රකාශ කළේය .

මෙම වෛද්‍ය උපකරණ තොගය රැගත් චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් එම්.යූ.- 231 දරන ගුවන් යානය අද (8) දින රාත්‍රී 6.33 ට චීනයේ ෂැංහයි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානය තුළ වූ වෛද්‍ය උපකරණ අතර , කොරෝනා රෝගීන් පරීක්ෂා කිරීමට භාවිතා කරන පී.සී.ආර්. කට්ටල 30,000 ක් තිබූ අතර , ඊට අමතරව මුව වැසුම් සහ අත් ආවරණ ද ඇතුළු තවත් බොහෝ වෛද්‍ය උපකරණ  විශාල ප්‍රමාණයක් තිබිණි.

එම වෛද්‍ය උපකරණ සියල්ලෙහි මුළු බර කිලෝ ග්රැම් 4,753 ක් බව මෙම ගුවන් සේවයේ ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා පැවසීය .

මෙම වෛද්‍ය උපකරණ තොගය ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මගින් , ශ්‍රී ලංකා රජය වෙත හෙට දින භාර දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවද චයිනා ඊස්ටන් ගුවන් සේවයේ ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (11)

චීන වෛද්‍ය ආධාර තොගයක් කටුනායකට

amal Friday, 08 May 2020 04:24 PM

බාල ජරාව තමයි... අනික් රටවල් වලින් රිජෙක්ට් කරපුවා මෙහෙට එවනවා.

:       0       0

සනත් ඉතාලිය Friday, 08 May 2020 05:38 PM

පවිත්‍ර නෝනගෙ හාදුව ගිය දුර රාජ්‍යය ත්‍රාන්ත්‍රික හාදුවයි

:       40       89

KKSaturday, 09 May 2020 09:55 PM

වෛද්‍ය උපකරණ තොගයක් චීන මහජන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාගය අගය කරන නමුත් මේ වනවිට ලෝකයේ වෙනත් රටවල් චීනයෙන් ගෙන්වනලද බොහෝ උපකරණ නියමිත ප්‍රමිතියෙන් තොර නිසා නැවත ආපසු යවා ඇත. කැනඩාව විසින් මිලියන 8ක "face mask" තොගයක් සඳහා මුදල් නොගෙවන බව කැනේඩියානු අගමැතිවරයා ප්‍රකාශ කළේය. ලංකාවට චීනයෙන් මිලදී ගත්තද, නොමිලයේ ලැබුණද "face mask" සහ අනෙකුත් වෛද්‍ය උපකරණ නිසි පරික්ෂාවට සහ ඒවායේ ගුණාත්මක භාවය සොයා බැලිය යුතුවේ. මේ අතර ලෝකයේ බලවත් රටවල් මේ වනවිට චීනය පිළිබඳව තිබූ යහපත් ආකල්පය වෙනස් කොට තිබේ...

:       0       0

Binkunndaa Friday, 08 May 2020 06:15 PM

යුරෝපයෙන් ඉන්දියාවෙන් බාල බඩු කියා ආපසු අරප‍්‍රවාද දන්නේ නෑ.

:       209       425

tikiri Saturday, 09 May 2020 01:37 PM

බාල බඩු වලින් චීනේ ගොඩ ගියා... යුරෝපේ තවමත් කොලිටි බඩු හොයනවා ඇති .

:       103       39

lanka Friday, 08 May 2020 08:14 PM

ඒ ආධාර තොගයේ ගහලාම එවලා තියෙනවා " චයිනා එයිඩ් ෆෝ ශෙයාඩ් ෆියුචර් කියල"..

:       0       0

padmapriya Friday, 08 May 2020 11:02 PM

චීනය හිතනවා ඇති ලංකාවට covid-19 පාලනය කරගන්න බැරිව ඇති කියලා... එ්ක ඇත්ත වෙන්නත් පුළුවන්...

:       0       0

janis Friday, 08 May 2020 11:14 PM

ඉන්දියාව ඇතුළු මුලුලෝකයම චීන උපකරණ කොරෝනාවලට නුසුදුසු බාලබඩු බව පිළිගනිද්දී අපේ ලොක්කෝ චීනුන්ගේ යටින් තනා අදහස දාන්නේ නැතුව දොහොත් මුදුනින් මේ බදුබර ගන්නවා. ලංකාවට තවත් කුණුගොඩක් එව්වා කියා චීනුන් හිනාවෙනවා ඇති...

:       0       0

sena Saturday, 09 May 2020 05:44 AM

ඕවා බාල බඩු කිව්වා නේද?

:       0       0

sugath Saturday, 09 May 2020 09:38 AM

දින කිහිපයකට පෙරදී කැනේඩියානු රජය චීනෙන් එවූ වෛද්‍ය උපකරණ තොගයක් බාල ප්‍රමිතිය නිසා ප්‍රතික්ෂේප කරා. චීනුන් ඒවා අනිත් රටවලට "ආධාර" ලෙස දෙනවාද දන්නේ නැහැ.

:       0       105

Malawaththage chathurangani kumari peiris Monday, 11 May 2020 02:12 PM

චිනේන් අප රටට කරපු උපකාරෙට ගොඩක් ස්තුතියි...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1225 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1200 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site