IMG-LOGO

චීන ගුවන් යානයක් වෛද්‍ය ආධාර තොගයක් රැගෙන කටුනායකට

(ටී.කේ.ජී.කපිල )

චීනයේ සිට සිව් වන වතාවටත් වෛද්‍ය ආධාර තොගයක් රැගෙන තවත් ගුවන් යානයක් අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා පැවසීය.

මෙම වෛද්‍ය ආධාර තොගය රැගෙන චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම වෛද්‍ය ආධාර අතර ආරක්ෂිත මුඛ ආවරණ සහ හදිසි ප්‍රතිකාර සඳහා යොදා ගනු ලබන ඖෂධ සහ උපකරණ ඇතුළත් ඇසුරුම් 1006 ක් මෙම ගුවන් යානයෙන තිබූ බව යූස්ටස් සිල්වා මහතා පැවසීය.

මෙම වෛද්‍ය ආධාර තොගය කටුනායක ගුවන් තොටුපළේ ගබඩා වල තබා හෙට දිනයේදී ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මගින් ශ්‍රී ලංකා රජය වෙත භාර දීමට නියමිතව ඇති බව යූස්ටස් සිල්වා මහතා කීය.

 



අදහස් (7)

චීන ගුවන් යානයක් වෛද්‍ය ආධාර තොගයක් රැගෙන කටුනායකට

Binkunndaa Friday, 15 May 2020 08:05 PM

ඉන්දියාවෙන්, යුරෝපයෙන් ආපසු ඇරපුවාද දන්නේ නෑ.

:       3       142

බද්රානි Friday, 15 May 2020 08:55 PM

ලෝකෙටම කොරෝනා පතුරවපු චීන්නු දැන් හිඟන මෝඩයෝ ඉදිරියේ වීර වෙස්සන්තරලා වෙලා. අම්ම, අප්පව පමණක් නොවේ, සහෝදරිය හෝ බිරිදව විකුණගෙන යැපෙන ජාතියකට මේ වගේ අවලමුන්ගේ ජරාව ලොකු උනාට, අපිට නම් කොරෝනා හැදිලා මලා හෝ බඩගින්නේ මලත් මේ වගේ දහජරාව සතේකට මායිම් කරන්නේ නැහැ. එක අතකට ඉතින්, සුද්දන්ට, මේ රට පාවා දුන් අයයි චීන්නුන්ට රට පාවා නොදුන්නොත් තමයි අපි පුදුම වෙන්න ඕනා. හැබැයි කතාව නම් මහා ලොකු දේශප්‍රේමය? හිනා යනවා ඕවට,....

:       278       132

KK Saturday, 16 May 2020 12:15 AM

චීනයේ සිට සිව්වන වතාවටත් වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ලබා ගනිද්දී ලංකාවේ නිෂ්පාදිත ඉහළ ප්‍රමිතියේ මුහුණු ආවරණ ඇමෙරිකාවට ලබාදීමට රජය කටයුතු කර ඇත. ලංකාවේ නිෂ්පාදිත ඇමෙරිකාව පවා මිලදී ගන්නා මුහුණු ආවරණ ලංකාවේ සෞඛ්‍ය සේවයේ නියුතු කණ්ඩායම් වලට ලබා නොදී, ලංකාවේ නිෂ්පාදිත ඇමරිකාව යවා චීනයෙන් ලබා දෙන්නාවූ ( ප්‍රමිතිය නොදන්නා ) මුහුණු ආවරණ ලංකාවේ සෞඛ්‍ය සේවයේ නියුතු වුවන්ට ලබා දෙන්නේ මන්ද ? ලෝකයේ වෙනත් රටවලට චීනයෙන් ලබාදෙන ලද පරිත්‍යාග සහ එම රටවල් චීනයෙන් මිලදී ගත් වෛද්‍ය උපකරණ සහ මුව ආවරණ ප්‍රමිතියෙන් තොර බව පවසමින් නැවත චීනයෙන් මිලදී ගැනීම් නවතා වෙනත් රටවලින් මිලදී ගැනීම මේවන විට කරනු ලැබේ.

:       0       6

rocky Saturday, 16 May 2020 01:37 AM

චීනෙන් අපට හැමදාම ආධාර හම්බෙනවද?

:       0       4

මානිල් අනුරුධික Saturday, 16 May 2020 03:43 AM

අනිත් රටවල රිජෙක්ට් කරපුවා මෙහෙ ගොඩ බස්සනවා.

:       383       516

Rata Perata Saturday, 16 May 2020 07:58 AM

චීනා සරණං ගච්චාමි...!!

:       1       28

Nandalal DE SILVA - France Saturday, 16 May 2020 12:43 PM

බබා කොනිත්තල අඬන කොට හාදු දීල සනසනවා වගේ වැඩ කරන්න චීනා හොඳට දන්නා බව මේ වැඩ කටයුතුවලින් පැහැදිලිවම පේනවා. චීන මාමා අපේ රටට ගොඩක් ආදරේ වගෙයි!!! මේ ගෝනිවල කොවිඩ් 19 වයිරස් ටොන් කීයක් අපේ රටට ගොඩබා තිබේද කියා දන්නා කෙනෙක් ඉන්නවද?

:       2       175

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 501 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site