ගිම්හාන නිවාඩුව වෙනුවෙන් හෝටල් විවෘත කරන බව පෝලන්ත රජයේ ප්‍රකාශක පියෝටර් මුලර් අද (29) පැවැසීය.
එරට රාජ්‍ය ගුවන් විදුලියට අදහස් දක්වමින් හෙතෙම ඒ බව කීය. පෝලන්තයේ කොරෝනා වයිරස අවදානම තවමත් පහව ගොස් නැති අතර දිනපතා වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ද වැඩිවෙමින් තිබේ.
පෝලන්තයේ සාම්ප්‍රදායික ගිම්හාන නිවාඩුව ඇරඹෙන්නේ ජූලි සහ අගෝස්තු මාසවලදීය.
කොරෝනා වයිරසයෙන් පසු ව්‍යාපාර ඇතුළු රටේ ඇතැම් කටයුතු නැවත ආරම්භ කිරීමට පෝලන්ත ආණ්ඩුව තීරණය කර ඇත. ඒ සම්බන්ධයෙන් වන තීරණ බදාදා දැනුම් දීමට නියමිතව ඇත.
මේ අතර කොරෝනා වයිරසය හේතුවෙන් වසා දැමුණු පෝලන්තයේ පාසල් මැයි 24 වැනිදා ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
අල්ජසීරා
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd