( දිල්රුක්ෂි ග්‍රේරු )
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ, කලුතර යන දිස්ත්‍රික්ක ලෙස නම් කර තිබේ.
එම ප්‍රදේශයන්හි ඇදිරීනිය නැවත දැනුම්දෙන තුරු දීර්ඝ කිරීමටද පියවර ගෙන ඇත.
එමෙන්ම අතවශ්‍ය සේවා භාණ්ඩ මහජනතාවට සැපයීම සඳහා එම භාණ්ඩ නිවසටම රැගෙනවිත් දීමට විශේෂ වැඩපිළිවෙළක් ද රජය විසින් ක්‍රියාත්මක කර ඇති අතර එම සේවා හෙට (25) සිට ක්‍රියාත්මක වේ.
ලොරි, වෑන්, ත්‍රිරෝද රථ, මෝටර් සයිකල් ඇතුළු භාණ්ඩ බෙදාහැරීමට උපයෝගි කරගන්නා සියලු ඩිලිවරි වාහනවලට ඇඳිරි නීති කාලය තුළ මාර්ගවල ගමන් කිරීමට අවසර ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
ඇඳිරි නීතිය අද උදේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වෙළෙඳ සැල් අසල විශාල ලෙස රැස්වී සිටීම කොරෝනා වෛරසය පාලනයට බරපතල බාධාවක් බව සෞඛ්‍ය බලධාරීන් නිරීක්ෂණය කර තිබේ.
එබැවින් ඉදිරි කාලය තුළ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවාසවලටම ගෙන ගොස් අළෙවි කරන ලෙස තොග වෙළෙඳ ආයතනවලට රජය උපදෙස් දී ඇත. සතොස, කීල්ස්, ලාෆ්ස්, ආපිකෝ, ෆුඩ් සිටි, අරලිය, නිපුණ සහ සෙසු තොග වෙළෙඳ සමාගම් මේ කාර්යයට හවුල් කර ගන්නා බව රජය කියයි.
අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිවෙස්වලටම ගොස් අලෙවි කිරීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව ඉටුකරනු පිණිස බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර ඇත.
අමාත්‍යාංශ ලේකම්වරු, දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ අදාළ වෙනත් නිලධාරීහූ බලකායේ සෙසු සාමාජිකයෝ වෙති.

COMMENTS
අද දිනයේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් වැනි ප්‍රදේශ වලඉන්න මිනිස්සු ගැහැණු එකපොදියට වෙළඳසැල් වල පොරකන ඡායාරුප අද අන්තරජාලයේ දකින්න ලැබුණා, එක දැක්කහම මේ කරපු කිසිම වැඩක ප්‍රතිඵලයක් නැහැ වගේ තමයි හිතෙන්නේ... කරුණාකර එම ප්‍රදේශ දිගටම lock down කර තබන්න.
චිරාත් කාලයක් , විනයක්, හැදියාවක් නැතුව සතුන් වාගේ ජීවත් වුණු මිනිසුන්ව හරි මගට පෙළ ගස්සවා ගැනීම හිතන තරම් පහසු වෙන්නේ නැහැ අකිල.... මෙවැනි භයානක වසංගතයක් පැතිරෙන මොහොතක තමන් ගැන පමණක් සිතා කටයුතු කරන මිනිසුන් ගැන තව මොනවා ලියන්නද? පවට පින දෙන්න බැහැයි කියනවානේ..
ඕක අපි කලින්ම කිව්වා. කරන්න තිබුනේ ගෙවල් වලට ජංගම රථ මගින් අත්‍යවශ්‍ය බදු ටික ගෙනත් දෙන එක,ඒකට සාධාරණ ගානක් අය කරන්න පුළුවන්. අනික, මේ විදියට ඇදිරිනීතිය තිබිල අයින් කරන දවස කිව්වම, මිනිස්සු කොහොමත් බය වෙනවා. කොච්චර කිව්වත් ඇහැව්වේ නැහැ. ගුවන්විදුලි සංස්ථාවෙන් ප්‍රවෘත්තිවලට කිව්වේ ඇදිරි නීතිය පවතින කාලය තුල අත්යවශ භාණ්ඩ ජංගම රථ මගින් බෙදාහැරින්නවා කියල. එහෙම කිසිම දෙයක් උනේ නැහැ. ඉතින් අපි නිවසේ සිට වැඩ කරනවා. පඩි ලැබුනට වැඩක් නැහැ. කන්න දේවල් නැතිව. දැන් වෙන්න ඕනි දේ වෙලා ඉවරයී. තව සතියක් යද්දී මේකේ ප්‍රතිපල දකින්න පුළුවන් වේවි. මොකද අපේ මිනිස්සු එච්චර හොදයි. දැනට තියෙන තොරතුරු අනුව, බලමු. මොනවා කරන්නත් දැන් ඉතින් තියෙන දෙයක් කල බීල ඉන්න වෙනවා. කිසිම ආහාරයක් ලැබෙයි කියල නම් හිතන බහ චුන්පන් වත් අවේ නැහැ එයේ විතරක් උදේ අාවා. මොනවා වුණාද දන්නැහැ.
මෙතන රජය ලොකු වරදක් කරනවා දිනපතා හමුවන ලෙඩුන් මොන ප්‍රදේශවල සිට ආපු අය බව හෙලි නොකීරීම. ඒක රජයට මදිපුංචිකමක් කියල හිතනවා නම් මුලාවක් , සියල්ල ( නම් ගම් රහිතව) හෙලිකරන්නේ නම් ජනතාව අනීවාරයෙන්ම බයට ප්‍රවේශම් වේවි....
ජනතාවට බඩු රැස් කරන්න එපා කිව්ව මෝඩයින් මේවට වගකියන්න ඕනි. බඩු හිගයක් නැත්නම් රැස් කළාට මොකද වෙන්නෙ? එහෙම උනා නම් අද පොරකන්න ඕනි නැහැ.
මං හිතන්නේ පවතින සියලුම රජයන්ට වඩා ගෝඨාභය ජනාධිපතිතුමාගේ ඍජු තීන්දු සහ තීරණ වලින් මේ රටේ ජනතාවට මෙවන් හදිසි, පෙර-නොවූ හා සංවේදී අවශ්‍යතාවයන්ට මුහුණ දීමේ ශක්තිය ලැබිලා තියෙනවා. කිසිදු දේශපාලනමය වශයෙන් වාසි සහගත නොවන තීරණ ගැනීමටත්, රජයේ වෛද්‍යවරුන් සහ වෙනත් වියතුන් ඉදිරිපත් කරන මත සහ දත්ත අනුව යමින් වඩාත් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමත් යන කරුණු නිසා මේ තත්වය පාලනය කෙරෙමින් පවතිනවා. එය ප්‍රශංසනීයයි. රටේ කරුමෙකට හරි පැවති යහපාලනය හෝ වෙනත් අයෙක් ජනපති වී සිටියානම් මේවනවිටත් ලංකාවෙන් බාගයකට මෙම වසංගතය....... පැතිරෙන්න තිබුනා.
මේ වගේ දේකට මුහුණ දෙන්න රට පුරා ඇඳිරි නීතිය දැමීමෙන් හැකිවන්නේ නැහැ. ඇත්තටම කළයුත්තේ මිනිසුන් ඒකරාශී වීම තහනම් කිරීම සහ අනවශ්‍ය ගමනාගමනය තහනම් කිරීම පමණයි. ආපනශාලා, ක්‍රීඩා, ගෝල්ෆේස් වැනි මිනිසුන් ඒකරාශී වෙන තැන් වසා දැමීම නම් කලයුතුයි. ෆාමසි, සුපර් මාකට්, අනිකුත් ආහාර කඩ ආදිය පැය 8 ක් පමණ විවෘත කර තැබිය යුතුයි. අද සිදුවූ දෙයට හේතුව දින තුනකින් පසුව පැය 6 ක් පමණක් විවෘත කිරීම නිසා විශාල ප්‍රමාණයක් කුඩා කාලයක් ඇතුලත එක් රැස් වීමයි. වෙලඳ සැල් වල තිබූ පෝලිම් නිසා බොහෝ දෙනෙක් සිකුරාදා වෙනතෙක් පිරිමහගන්නා බලාපොරොත්තුව උඩ යන්න ඇති. දැන් දින නියමයක් නැතිව වසා දැමීමෙන් වෙන්නේ සමාජයේ පහල මට්ටම් වල අයට කෑමබීම නොමැතිවීමයි. තීරණ ගන්නා මැතිඇමතිවරුන්ට නම් හැමදේම නිකම්ම වගේ කට්ටිය ගෙනත් දෙනවා ඇති. නාම යේජනා ගන්නකන් කිසිම පරිස්සමක් නොගෙන දැන් මිනිසුන් ගැන නොහිතා ප්‍රායෝගික නොවන තීරණ ගන්නවා. රෝගීන් එක් කෙනෙක්වත් තවම නැති රටවලත් දවස් ගණන් ඇඳිරි නීතිය දාලද, ඒ අය මොනද කරන්නෙ කියල හෙව්වොත් උත්තරේ පෙනෙයි.
මේ සම්පූර්ණ ක්‍රියාදාමය තුලදිම ආන්ඩුව අසමත්.. රෝග වාහකයන් ටික කොටු කර ගන්නෙ නැතිව මුලු රටක ජනතාවම කොටු කරන්න යාම ඉතාම අපහසු වැඩක්.. මුල ඉදන්ම වැඩේ අනා ගත්තා. පණ්ඩිතකම් කියව කියවා.. යුද්දෙ දිනුවා අපිට මේක මොකක්ද කියලා වහසි බස් දෙඩුවා. පාලකයන් මේකට 90%ක් වග කියන්න ඔනේ.. රජයේ දොස්තරවරු නොහිටින්න මගෙ රට අමු සොහොනක් වෙන්න තිබුනා. අන් මතයන්ට කන්දෙන්නෙ නැති හිට්ලර්ලා යුද්ද කරන්න ගැලපුනාට රටක් පාලනය කරන්න ගැලපෙන්නේ නැති බව තහවුරු වුණා...
කරන්න තිබෙන්නේ දින කිහිපයකට වරක් තෝරාගත් ස්ථාන වලට ලොරි රථ වලින් බඩු අරගෙන එන එක ඉන්පසු පොලිසිය ගෙන් ගෙට ගොස් බඩු මිලදී ගන්න ගෙදරින් එක පුද්ගලයෙකුට පිටතට එන්න අවසර දෙන්න ඕනේ... අඩු ආදායම් ලාභීන්ට බඩු ගන්න කුපන් නිකුත් කරන්න. ග්‍රාමසේවක විසින් එම කූපන් ඔවුන්ගේ ගෙදරටම ගොස් දෙන්න. එතකොට මේ වැඩේ ජනතාවට කරදරයක් නොමැතිව හරියට කරගන්න පුළුවන්... දැනට ලොකු පෝලිම් තිබෙන්නේ සහ මිනිස්සු පොරකන්නේ ලොකු ලුණු, පරිප්පු, සැමන් සහ සහල් වැනි දේවල් මිලදී ගන්න. එම දේවල් මුලින්ම මේ ක්‍රමයට බෙදා හරින්න... ගෙදර ඉන්නකොට අපිට බලන්න හොඳ චිත්‍රපටි සහ ක්‍රිකට් මැච් වැනි දේවල් රූපවාහිනියෙන් විකාශනය කරන්න. ඉන්ටෙර්නෙට් GB සිමාවන් ඉවත් කරන්න... එවිට මේ නිරෝධන කටයුතු ජනතාවට කරදරයක් නොමැතිව හරියට කරගන්න පුළුවන්...
ඇඳිිරි නීතිය දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුව ෆේල්. කිසිම පෙර සූදානමක් නැති බව පේනවා. මුලින්ම එක දවසයි කියලා දවස් දෙකක් දැම්මා. ඊළඟට ඡන්දේ ගැන හිතලා දැම්මා. මිනිස්සුන්ට කියනවා වැඩිපුර කෑම එකතු කරගන්න එපා කියලා. මිනිස්සු දවස් දෙකකට බඩු ගත්තට පස්සේ දවස් තුන කරනවා. මිනිස්සු අසරණ වෙනවා. මේ පාරත් ඒකම කරා. මිනිස්සු පෝලිම් වල ඉඳලා ඇතුලට ගියාම බඩු ඉවරයි. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහරින්න වැඩ පිළිවෙලක් තිබුනේ නෑ. මුල ඉඳන්ම කරේ අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහන වැඩ.
ඇදිරිනීතිය දවස් ගානක් එක දිගට දාලා ආයෙත් පැය 6කට හෝ 8කට ඉවත්කරනකොට හැම කෙනෙක්ම එක සැරේම කඩවල් වලට යනවා. එහෙම වුනාම පුදුම විදියට ජනතාව එකම තැනකදී එකම විදියට එකතුවෙන එක වලක්වන්න බැහැ. මොකද මිනිස්සුන්ට බයයි ආයෙත් ඇදිරි නීතිය දාලා දවස් කීයක් එක දිගට තියවිද කියලා ඒ නිසයි හැමෝම යන්නේ. හැබැයි ඇදිරිනීතිය නොදාම තිබුනානම් අවශ්‍ය කෙනා අවශ්‍ය වෙලාවට විතරයි කඩයට යන්නේ මේ විදියට එකට එකතුවෙන්නේ නැහැ. සමහරවිට ඇදිරිනීතිය නොදාම ඉන්නවට වඩා බයානක ප්‍රතිපල ඇතිවෙන්න පුළුවන් දාලා පැය කිහිපයකට විතරක් අයින් කරන එක. අද පෝලිම්වල හිටපු සෙනග දිහා බලනකොට කොරෝනා තියන කෙනෙක් පෝලිමක හිටියානම් සුළු වෙලාවකින් තව සිය ගණනකට බෝවෙන්න පුළුවන්. මිනිස්සුන්ට දොස් කියන්න බැහැ මිනිසුන්ට බඩගින්නේ ඉන්න බැහැ තමන්ගේ දරුවෝ බඩගින්නේ තියන්න බැහැ. හැමෝම බලන්නේ ආයෙත් ඇදිරිනීතිය දාන්න කලින් බඩු ටිකක් අරගෙන ගෙදරට යන්න. නමුත් මේ විදියට දිගටම ඇදිරිනීති දැම්මොත් මිනිස්සු මැරෙන්නේ කොරෝනා වලින් නෙවෙයි බඩගින්නෙන්. ගෙවල් වලට ජංගම රථ ආවට එදාවේල හම්බ කරන අයට කෝ සල්ලි බඩු ගන්න. සල්ලි තියන කට්ටිය කාවි නැති අයට මොකද වෙන්නේ...?
ඇදිරි නිතිය නැතුව වෙන මොකක් හෝ නීතියක් දාන්න ආණ්ඩුවට තේරෙන්නේ නැද්ද? ඇදිරි නිතිය දැම්මහම ජනතාව ගොඩක් අපහසුතාවයට පත් වෙනවා.
අතීසාරයට අමුඩයක් ගසා ගෙන හත්පොලේ ගා ගෙන සමාජයටම, කරුමයක් වූ විසඳුම් වෙනුවට අපේ පාලකයෝ කවදද, හරිහමන් ප්‍රයෝගික විසඳුමක් ගෙනාවේ? එක අතකට පාලකයෝ වුණත් ජාතියට ගැලපෙන වර්ගයේ විසඳුමක්නේ ගත යුත්තේ. අනික, ඔය ආහාර ප්‍රශ්නයට නම්, තමන්ගේම ජාතියෙන් තමයි කොරෝනා පැතිරුනේ කියමින් ලුණු ඇඹුල් ඇතිව තම වර්ගයාටම බැන වැදීම, ඉබේටම කුස ගිනි පුරවා ගත සරල ක්‍රමයනේ? චුං එකත් සමගම බඩකට පුරෝගන්න ඒ වගේ සුන්දර ක්‍රම තියෙද්දී,මොන කෑමද අපට?