IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


කෝවිඩ් 19 - අරමුදලට අදත් රුපියල් මිලියන 97ක පරිත්‍යාග

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
 
කෝවිඩ් 19  සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට අද (08)  රුපියල් මිලියන 97 ක පරිත්‍යාග සිදු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
 
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා තම අමාත්‍යංශ යටතේ ඇති ආයතන ලබාදුන් රුපියල් මිලියන 29.5 ක්, අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන් පරිත්‍යාග කළ රුපියල් මිලියන 2.8 ක් සහ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සිය කැබිනට් අමාත්‍ය ධුරයට අයත් අප්‍රේල් මස වැටුප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වූහ.
 
මීට අමතරව යුනිලීවර් ශ්‍රී ලංකා ලිමිටඩ් රුපියල් මිලියන 10ක්, කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය රුපියල් මිලියන 5ක් කිරම විමලජෝති හිමි බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය රුපියල් මිලියන 2ක්, අත්තනගල්ල රජමහා විහාරය රුපියල් මිලියන 10ක් සහ මලලසේකර පදනම රුපියල් මිලියන 3ක් අද (08) සිදු කෙරුණු පරිත්‍යාගයන්ට ඇතුළත් වේ. 
 
ඒ අනුව, අද පස්වරු වන විට COVID - 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 517 ඉක්මවා ගොස් තිබිණ.
 
ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ  අංක 85737373 දරණ  විශේෂ ගිණුමට මෙම පරිත්‍යාග බැර කෙරේ.
 
දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට හැකියාව ඇති බවද එම නිවේදනයේ දැක්වේ.
  
දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර ලබාගත හැකිය.



අදහස් (2)

කෝවිඩ් 19 - අරමුදලට අදත් රුපියල් මිලියන 97ක පරිත්‍යාග

Champa Wednesday, 08 April 2020 02:47 PM

මේ සල්ලි ගණන් කර කර තියාගෙන ඉඳලා වැඩක් නැහැනේ. කොරෝනා ඉවර වෙනකම්ද ඉන්නේ? කොරෝනා රෝගය වෙනුවෙන් කරන්න තියෙන ප්‍රධානම දේ තමයි ටෙස්ටින් කිරීම. මාර්තු මුලදීමයි ලිව්වේ. තාම ජනාධිපති ලේකම් කාර්යාලය කාලේ මරනවා මොකක් හරි යටි අදහසක් වෙනුවෙන්. දැන්වත් මේ ආධාර මුදල් යොදවලා කොනක ඉඳන් මහා පරිමාණයෙන් ටෙස්ටින් කරන්න පටන් ගන්න. ස්වාබ් පරීක්ෂණය කරන කොට හුඟක් ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරන්න වෙනවා. ඒ කියන්නේ එක පුද්ගලයෙකුගේ ශ්ලේෂ්මල පටල ගත්තට පස්සේ වෛද්‍යවරයා සහ ඔහුට සහයෝගය දක්වන අය තමන් ඇඳගෙන ඉන්න ලෝගුවත් වෙනස් කරන්න ඕනේ ඊළඟ පුද්ගලයාගේ ශ්ලේෂ්මල පටල ගන්න ඉස්සෙල්ල. ඒ හින්ද ඉවත දැමිය හැකි අඩු වියදම් ලෝගුවක් තමන්ගේ අනිත් ලෝගුවට උඩින් ඇඳ ගන්න ඕනේ. මේ අරමුදල කොටස් තුනකට බෙදල වැඩි කොටස සෞඛ්‍ය අංශයේ කටයුතු වෙනුවෙන් යොදවන්න පටන් ගන්න. මක් කරනවද සල්ලිත් තියෙත්දී.

:       10       141

samaraweera Wednesday, 08 April 2020 02:56 PM

බැසිලට රජ මඟුල් ඇති නේද...?

:       6       131

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 142 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 363 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site