IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කලුතර ආසාදිතයා සමග බස් රියේ ආ අකුරැස්සේ අයකුටත් කොරෝනා

ඩී.ජී.සුගතපාල

කොරියාවේ සේවය කර පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන්වී පසුගිය 24වනදින සිය නිවෙස්වලට ගිය පුද්ගලයින් අතරින් කොරෝනා වයිරසය ආසාදනය වි ඇති කලුතර ප්‍රදේශයේ පුද්ගලයා පැමිණි බස් රථයේම පැමිණ ඇති අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයෙකුටද කොරෝනා වයිරසය ආසාදනයවි ඇති බවට අද(05)තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

කලුතර පුද්ගලයාට කෙරෝනා වැළඳිමෙන් පසු ඔහු සමග බස් රථයේ පැමිණි ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පුද්ගලයින් පිරිසක් මාතර කඹුරුගමුව ලැබිම රෝහලට සහ කරාපිටිය රෝහලට ඊයේ (04) ඇතුලත් කර ඇත.

එහිදි කරන ලද පි.සී.ආර්.පරික්ෂණයේදි අනාවරණයවි ඇත්තේ ලැබීම රෝහලට ඇතුලත් කරන ලද අකුරැස්සේ මලිදුව පදිංචි පුද්ගලයාට කොරෝනා වයිරසය ආසාධනයවි ඇති බවයි.

ඔහු 42 දෙහැවිරිදි පුද්ගලයෙකි. රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම රෝගියා අද කොළඹ අයි.ඩී.එච්.රෝහලට යවන බවයි.



අදහස් (1)

කලුතර ආසාදිතයා සමග බස් රියේ ආ අකුරැස්සේ අයකුටත් කොරෝනා

de silva Sunday, 05 April 2020 11:56 AM

අනිවාර්යයෙන්ම බස් එකේ කොරෝන විෂබීජ තිබිල තියනවා... ලබන කණ්ඩායම ගෙදර යවනකොට කැමති කෙනෙකුට පුද්ගලික වාහනයකින් ගෙදර යන්න ඉඩ දෙන්න. මින් ඉදිරියට 30-40 එකට නිරෝධනය කරන්න එපා... උපරිම 5 දෙනෙකු ඉන්න කණ්ඩායම් වශයෙන් වෙන වෙනම කාමරවල නිරෝධනය කරන්න... මින් ඉදිරියට තමන් පදිංචි දිස්ත්‍රික්ක තුලම තිබෙන මධ්‍යස්ථාන වලම නිරෝධනය කරන්න. උදහරණයක් වශයෙන් ගත්තම මාතර පදිංචි පුද්ගලයෙකු කන්දකාඩු යවන එක සුදුසු නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site