( තිළිණි ද සිල්වා )
නව කොරෝනා වෛරසය පැතිර යන පසුබිමක ත්‍රිමාණ තාක්ෂණය උපයෝගී කරගනිමින් මුව ආවරණයක් නිපදවීමට අමෙරිකානු ජාතිකයෙක් සමත්ව තිබේ.
අමෙරිකාව මේ වන විට නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්තානය බවට පත්ව තිබෙන්නේ පුද්ගලයන් 140,000කට වැඩි පිරිසක් ඊට ගොදුරු කරගනිමිනි.වයිරස් ව්‍යාප්තියත් සමග රට තුළ මුහුණු ආවරණ හිඟයක්ද මතුව තිබේ.
ඊට විසඳුමක් ලෙස ත්‍රිමාණ තාක්ෂණය උපයෝගි කරගනිමින් මුහුණු ආවරණයක් මුද්‍රණය කිරීමට ඔක්ලහෝමා ප්‍රාන්තයේ වැසියෙක් සමත්වී තිබේ. ඔහු 35 හැවිරිදි ජෝ කූවර්.
වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාවට නිවෙස්වලට වී සිටීමට උපදෙස් ලබාදී ඇති අවස්ථාවක සිය කාලය අපතේ නොයවමින් මෙවැනි නිර්මාණයක් කිරීමට අදහස් කළ බව ජෝ පවසයි.
එමෙන්ම ආරක්ෂිත මුහුණු ආවරණවල හිඟයක් පවතින බවට පලවූ වාර්තා ඇසීමෙන් මුහුණු ආවරණය පිළිබඳ අදහස පහළවූ බවත් ඔහු පැවසුවේය.
ත්‍රිමාණ මුහුණු ආවරණ මුද්‍රණය කිරීමට අමතරව ඔහු මේ දිනවලදී අන්තර්ජාලය ඔස්සේ මැජික් සංදර්ශන හා පන්ති පැවැත්වීමත් සිදු කරයි.
කෙසේ වෙතත් ඔහු මුහුණු ආවරණ සඳහා ජනතාවගෙන් මුදල් අය නොකරන අතර තව තවත් මුහුණු ආවරණ මුද්‍රණය කිරීම සඳහා ප්ලාස්ටික් අමුද්‍රව්‍ය පමණක් පරිත්‍යාග ලෙස ලබාගන්නා බව ද කියා සිටී.

COMMENTS
කොරෝා පරීක්ෂණය සිදුකර විනාඩි 5ක් වැනි කෙටි කාලයකදී ප්‍රතිඵලය ලබාගන්න පුළුවන් ටෙස්ට් කිට් එකක් ඇමරිකාවේ ආයතනයක් නිපදා තිබෙනවා( එයට FDA අනුමැතියත් ලැබී තිබෙනවා ) , ලංකාවෙත් මෙවැනි ඉක්මනින් ප්‍රතිඵලය ගන්න පුළුවන් ටෙස්ට් කිට් එකක් හදාගන්න පුළුවන් නම් අපිට නිරෝධායනය මධ්‍යස්ථාන වල කට්ටිය ගොඩ ගැහෙන එක අඩු කරගන්නත් නැවත ගුවන්තොටුපළ විවෘත කරගන්නත් පුලුවන්.
අනේ අනිච්චං අපි බලාගෙන හිටියේ ඔයගොල්ලෝ අඟහරු ලෝකෙට මිනිස්සු යවනකල්. දැන්නම් පෙනහැල්ලට හුලං ටිකක් පොම්ප කරන උපකරණවත් ඔය ගොල්ලන්ට නැහැනේ.
දවස් දෙක තුන යනකොට මුඛ ආවරණ හදපු, ලෙඩාගේ ඇද ළගට බෙහෙත් ගෙනියන මැෂින් හදපු, ශ්‍රී ලංකාවට ඔහොම කතා කරන එක කොච්චර වැරදිද ? ඔයා ටී.වී, රේඩියෝ, ෆෝන් පාවිච්චි කරන්නේ නැත්තම් අර වන්නිල ඇත්තන්ගෙන් රටේ විස්තර අහගන්න.
ඇප් එකක් හදන්න ඕන ස්මාර්ට් දුරකථන පාවිච්චි කරන අයගේ කොරෝන තියෙනවද කියල බලාගන්න පුළුවන්..?