(ඩී.කේ.රත්න)
කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බවට සැක සහිත සංචාරක මඟ පෙන්වන්නෙකු අද (15) වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.
වැල්ලවාය වීරසේකරගම ප්‍රදේශයේ පදංචි වයස අවුරුදු 36 සංචාරක මඟපෙන්වන්නෙකු මෙලෙස වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
උණ සහ පාචනය යන රෝග ලක්ෂණ පහළවීමත් සමඟ මෙම පුද්ගලයා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මෙම පුද්ගලයා මීට සති දෙකකට පමණ පෙර ඇල්ල නගරයේ සිට ඇමෙරිකානු ජාතික විදේශීය සංචාරක යුවළක් කටුනායක ගුවන්තොටුපල දක්වා රැගෙන ගොස් ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd