(මලිෂා ගුණවර්ධන)
කොරෝනා වයිරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කිරිම හා සමාජ සුබසාධන කාර්යයන් පහසු කිරිමට විශේෂිත අරමුදලක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ස්ථාපනය කර තිබෙි.
එය “කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල”ලෙස නම් කර ඇත.
ජනාධිපති නියමයෙන් ජනාධිපති අරමුදල සඳහා රුපියල් මිලියන 100ක මුදලක් ප්‍රදානයක් කර තිබේ.
ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ වෙනම විශේෂ ගිණුමක් මේ සඳහා ආරම්භ කර ඇත.
එනම්, ලංකා බැංකු ශාඛාවේ ගිණුම් අංක 85737373 වේ.
දේශීය, විදේශීය පරිත්‍යාගශීලීනට සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට මුදලින් දායකවීමට හැකියාව තිබේ.
නිත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කරන අතර චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට හැකියාව තිබේ.
“සෞඛ්‍ය සහ සමාජ සංරක්ෂණ අරමුදල” කළමනාකරණය පරිපාලන, මූල්‍ය සහ බැංකු ක්ෂේත්‍රයේ ඉහළම නිපුණතාවක් සහිත වෘත්තිකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් සිදු කරනු ඇත.
අමාත්‍යංශ ලේකම්වරු, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විගණන විශේෂඥයන් සහ බැංකු ප්‍රධානීහූ කළමනාකරණ මණ්ඩලයට පත් කරනු ලැබෙති.
ජාතිය මුහුණ පා සිටින වත්මන් අභියෝගය හමුවේ මානුෂවාදී හැඟීමෙන් සහ සහෝදරත්වයෙන් එකට එක්ව ක්‍රියා කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටී.
COMMENTS
හෙල්පින්ග් හම්බන්තොට වගේ නොවේවා!!!
කාලෝචිත දෙයක්. විදේශ රැකියා කරන අපටද මෙම කාර්යය සඳහා දායකවීමට හැකිවීම භාග්‍යයක් කොට සලකමි.
ඉතාම කාලෝචිත පියවරක්, මේ ගැන ඉල්ලීමක් මේ පුවත්පත හරහා ඉල්ලීමට සිතා සිටි මොහොතකම සිදුවීම වාසනාවක්. විදේශිකයින්ට මුදල් ප්‍රේෂණය කිරීම සඳහා බැංකු ගිණුම මෙන්ම "ROUTING NUMBER " එකත් අවශ්‍ය වෙනවා. එ්කත් පළකරනවා නම් ඉතාමත් වටිනවා. නොඑසේනම් කෙලින්ම චෙක්පතක් මගින් වෙබ් පිටුවක් හරහා මුදල් ප්‍රේෂණය කල හැකි ක්‍රමයක් වත් පිහිටුවනවා නම්. කෙසේ වෙතත් මෙම අංකයට මුදල් ප්‍රේෂණය කිරීමට උත්සාහ කරමි.
සහන මල්ල නිවාස ඉස්සරහට ගෙනැවිත් දෙන්න. වත්මන් තත්වය අනුව අපිට තවත් තැනකට යන්න බැහැ. ග‍්‍රාම නිලධාරිතුමාගෙන් ලැයිස්තුවක් ගන්න.
කාලීන අවශ්‍යතාවක්, සාර්ථක වේවා..!!!
සිරිලිය, හෙල්පින්ග් හම්බන්තොට, වගේ පවුල් පාලනේ ගිණුම්ද කවුද දන්නේ .