නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ‘‘අලුත් සහ භයානක අදියර’’කට පැමිණ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
ලොව නන්දෙසින් දිනපතා වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන ඉකුත් බ්‍රහස්පතින්දා 1,81,000 ඉක්මවූ බව මෙම නව අනතුරු ඇඟවීම කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් පැවැසීය.
ජූනි 16 වැනිදා සිට ජූනි 20 වැනිදා දක්වා ගත වූ දින පහකට ආසන්න කාලයේදී ගෝලීය වශයෙන් දෛනිකව වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,15,000ඉක්මවීය.
පසුගිය බ්‍රහස්පතින්දා වාර්තා වූ දිනයේදී පමණක් වාර්තා වූ දෛනික ගෝලීය ආසාදිතයන්ගේ ගණන 1,81,232ක් වූ අතර සිකුරාදා (19) 1,43,073 දෙනකු වාර්තා විය. සෙනසුරාදා (20) දිනයේදී පමණක් වාර්තා වූ දෛනික ගෝලීය නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,38,980ක් විය.
‘‘දෙනිකව වාර්තා වන ආසාදිතයන්ගෙන් අඩකට ආසන්න ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකානු කලාපයෙන්’’ විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කීය.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ නවතම දැනුම් දීම සඳහා දින කිහිපයකට වරක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී මාධ්‍ය හමුවක් පැවැත්වෙයි.
‘‘ලෝකය දැන් ඉන්නේ නව සහ භයානක අදියරක. වයිරසය වේගයෙන් පැතිරෙනවා. එය තවමත් මාරාන්තිකයි. මිනිස්සු තවමත් ඉතා ඉක්මනින් වයිරසයට ගොදුරු වෙනවා’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කීය.
ඒ.එෆ්.පී./රොයිටර්
055
COMMENTS
සත්‍ය වශයෙන්ම සියලුම දෙනා මේ වයිරසය බොහොම පරෙස්සම් විය යුතුයි.. ඒක සත්‍යයක්.. ඒත්, චීනාගේ පැත්තට ඇදලා මේ අයම නේද කිව්වේ මේ වයිරසය ගැන බයවෙන්න අවශ්‍ය නැහැ. ඒක ගෝලීය වසංගතයක් වශයෙන් ලොවපුරා පැතිරෙන්නේ නැහැ කියා. ඒ කෙසේ වෙතත් අප සියලුම දෙනා නිරෝධායන නීතිරීති පිලිපදීමින් ආරක්ෂාවීම ඉතාමත්ම වැදගත්...
ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් වාර්තා සපයන ආයතනයක් බවට පත් වෙලා.
අප රටත් වැඩි වැඩ නොකර මේ තත්වයෙන් පවත්වා ගැනීමට කටයුතු කළ යුතුයි.