IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන්න රොබෝ යන්ත්‍රයක්

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය සත්කාර දුරස්ථව ලබා දීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරින් හට සහයෝගය දැක්වීමට හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම විසින් ස්වයංක්‍රිය නියමු රොබෝ යන්ත්‍රයක් ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයට  පරිත්‍යාග කරනු ලැබ තිබේ.


කොවිඩ්-19 රෝගීන් සඳහා ම වෙන් වූ ඉරණවිල රෝහල විවෘත කිරීමේ අවස්ථාවේදී, මුළුමනින් ම දේශීය නිමැවුමක්වන මෙම රොබෝ යන්ත්‍රය නිල වශයෙන් බාරදුන්නේය.


සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සහ කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු මහත්ම මහත්මීහු රැසක් එම අවස්ථාවට සහභාගී වූහ.

පළමු අදියර යටතේ රෝගීන් 40 කට ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතින මෙම රෝහල් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා වශයෙන් වෛද්‍ය දිමුත් පොන්වීර මහතා කටයුතු කරයි.
අවශ්‍යතාව පරිදි එම පරිශ්‍රයේ පහසුකම් තවත් පුළුල් කිරීමට සැලසුම් කර ඇත.


මින් පෙර ඇමරිකානු හඬ ගුවන් විදුලි සේවයට අයත් ගොඩනැගිල්ලක්ව පැවති මෙම ස්ථානය සති දෙකක් වැනි අඩු කාලයක් තුළ පූර්ණ පහසුකම්වලින් සමන්විත විශේෂඥ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කළේය. එම මධ්‍යස්ථානයට පරිත්‍යාග කෙරුණු රොබෝ යන්ත්‍රය ඇට්ලස් ඇක්සිලියා සමාගම විසින් නිෂ්පාදනය කරන ලද දෙවන රොබෝ යන්ත්‍රයයි.

මින් පෙර නිෂ්පාදනය කෙරුණු රොබෝ යන්ත්‍රය  හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කෙරිණි.

රෝගීන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ රැගෙන යාමේ හැකියාව ද මෙම රොබෝ යන්ත්‍රය සතු වේ. එහි සවිකර ඇති කැමරා පද්ධතිය හරහා රෝගීන් සමග සංවාදයේ යෙදෙමින් දුරස්ථව ඔවුන් පරික්ෂා කිරීමේ හැකියාව ද වෛද්‍යවරුන්ට හිමි වේ. ඒ අනුව සෞඛ්‍ය අංශයේ විශේෂඥයන්ට සිය සෞඛ්‍යය රැක ගන්නා අතරම වෛරසයට එරෙහි සටනට දායකත්වය ලබා දීමට මෙම රොබෝ යන්ත්‍රය උපකාරී වෙයි.


ජාතික අවශ්‍යතාවක් මතු වී ඇති මෙවන් මොහොතක ඊට දායකත්වය ලබා දීමේ අරමුණ පෙරදැරිව මෙම කාර්යය සඳහා ඇට්ලස් ඇක්සිලියා සමාගමේ ඉංජිනේරු කණ්ඩායම ඉදිරිපත් වූ බව එම සමාගමේ නියෝජිතයෙකු සඳහන් කළේය.

 

කෝවිඩ් - 19  වසංගතයට එරෙහිව මෙවැනි ඒකක නිෂ්පාදනය කිරීමට ඉදිරිපත්වන තෝරාගත් පුද්ගලයන් සහ ආයතන සඳහා සිය දැනුම ලබා දීමට ද ඇට්ලස් ඇක්සිලියා සමාගම තීරණය කර ඇත.



අදහස් (1)

කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන්න රොබෝ යන්ත්‍රයක්

Champa Wednesday, 08 April 2020 01:50 PM

අපේ තරුණයන්ගේ අතින් නිමවෙන හැම අලුත් නිර්මාණයක්ම අපි ඉහලින්ම අගය කරනවා. තවත් තරුණියක් ස්වයංක්‍රීයව ඉහලට පහලට හරවන්න පුළුවන් මෙට්ටයක් හදල තිබුන. තව බොහෝ අපේම නිර්මාණ අපි දැක්ක. ඉතා කෙටි කාලයකින් මෙවන් දේශීය නිර්මාණ කරන්න පුළුවන් වෙච්ච රටක රජයක්, කොරෝනා උණ රෝගයට දේශීය බෙහෙතක් හොයන්නත් උනන්දු වුනු නැති එක ගැන කණගාටුයි. ආණ්ඩුවට එකපාරට කොත්තමල්ලි මතක් වෙලා බෙහෙත් කඩ ඇරලා තියෙන්න කිව්වේ මොකොද බලපුවහම කොත්තමල්ලි ඉඟුරු එහෙම පිටරටින් ගෙන්නගන්න වෙනවලු. ලැජ්ජයි. වවපු ඉඟුරු ටික විකුණගන්න බැරුව ලතවෙන මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. ජනාධිපති ලේකම් කාර්යාලය අඩු ගානේ මේ වගේ ජාත්‍යන්තර මට්ටමේ දේශීය නිර්මාණ දිහා බලලවත් මෙතෙක් තිබ්බ විජාතික මානසිකත්වයෙන් අයින් වෙන්න. ජනාධිපති ලේකම් කාර්යාලය කියල වෙන් කරලා කිව්වේ කොරෝනා සම්බන්ධ තීරණ ගන්නේ එතැනින් නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 131 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site