ඉන්දිකා රාමනායක
කොරෝනා වයිරසය ආසාදිතයකු ඇසුරැ කළ බව කියන පුද්ගලයකු ධීවර කටයුතු සදහා ගොස් ඇති බවට ලැබුණු තොරතුරක් මත ඔහු සමග ධිවර කටයුතු සදහා ගොස් සිටි ති‍්‍රකුණාමලය ප‍්‍රදේශයේ ධීවරයින් 10 දෙනකු අද (29) අලූයම මුහුදේ සිට ගොඩබිම වෙත ගෙන්වාගෙන නාවික හමුදා ති‍්‍රකුණාමලය විදුර නාවික හමුදා කදවුර තුළ දින 14 ක නිරෝධායනයට යොමුකළ බව නාවික හමුදාව පවසයි.
මෙම ධීවරයා කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයකු ඇසුරු කර පසුව පිරිසක් සමග ධීවර කටයුතු වලට ගොස් ඇති බවට නාවික හමුදාව වෙත ලැබුණු තොරතුරක් මත මොවුන් ගොඩබිම වෙත ගෙන්වා ගත් බව නාවික හමුදා මාධ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා පැවසීය.
මෙම පුද්ගලයා සමග බෝට්ටුවේ ගමන් ගත් සිව් දෙනා හා ඔවුන් සමග ඇසුරු කළ තවත් ධීවර යාත‍්‍රා තුනක පිරිස මෙලෙස ගොඩබිම වෙත ගෙන්වාගෙන නිරෝධායනය වෙත යොමු කළ බවද ඒ මහතා කියා සිටියේය.
මෙම ධිවරයින් පිරිස මීට දින කිහිපයකට පෙර ධීවර කටයුතු සදහා ගොස් ඇති බවත් බවද නාවික හමුදාව කියයි.
ගොඩබිම වෙත රැගෙන ආ බව මෙම පිරිස නාවික හමුදාව විසින් පරීක්ෂණ යට ලක්කර ඇති අතර පසුව නිරෝධායනය සදහා යොමු කළ බවද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශවරයා කියා සිටියේය.
මෙම පිරිස ගමන් ගත් බෝට්ටු 3 ද නාවික හමුදාව විසින් විසබීජහරණයට ලක් කළ බවද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
41
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
129
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
928
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරෝනා ආසාදිතයකු ඇසුරු කළ මුහුදු ගිය ධීවරයෝ 10 ක් ගොඩබිම ගෙනෙති