IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොරෝනා ආසාදිතයකුදැයි හඳුනාගැනීමට මෘදුකාංගයක් නිපදවයි

පුද්ගලයින්ගේ කැස්ස සහ හඩ අනුව කොරෝනා වෛරසය වැළඳී ඇත්දැයි පුරෝකථනය කළ හැකි මෘදුකාංගයක්(ඇප්)  නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් ලොව ප්‍රමුඛ විශ්වවිද්‍යාල දෙකක් විසින් අරඹා ඇත.


පුද්ගලිකත්වයට සම්බන්ධ එකිනෙකට වෙනස් ප්‍රවේශ දෙකක් ඔස්සේ ක්‍රියාත්මත මෙම ව්‍යාපෘති එකිනෙක අතර සම්බන්ධතාවකින් තොරව ක්‍රියාවට නැංවේ.

මින් එක් ව්‍යාපෘතියක් බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාවට නංවා ඇති අතර අනෙක් ව්‍යාපෘතිය අමෙරිකාවේ කානෙජි මෙලෙන් විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාත්මක කරයි.

ව්‍යාපෘති දෙකටම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගන්නා අතර වෛරසය සම්බන්ධයෙන් දත්ත විශාල ප්‍රමාණයක් විශ්ලේෂණය කර එහි යම් රටාවක් සොයා ගැනීම මඟින් ගැටලු විසඳාගැනීම අපේක්ෂාවයි.

මෙහි මූලික අරමුණ වන්නේ උණ ඇතුළු වෙනත් රෝගවලින් කොවිඩ් - 19 වෙන්කර හඳුනාගැනීම වේ.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මෙහෙයවන ව්‍යාපෘතියට අදාළ දත්ත රැස්කර ගැනීම සඳහා මහජනතාවට ආරාධනා කර ඇති අතර ඔවුන්ගේ ශ්වසනය සහ කැස්ස සම්බන්ධ දත්ත මයික්‍රොෆෝනයක් මගින් පරිගණකයට ඇතුළත් කෙරේ.

එම දත්ත දායකයින්ගේ වයස, ස්ත්‍රී පුරුෂභාවය, පදිංචි ප්‍රදේශය මෙන්ම කොරෝනා වෛරසය ඔවුන්ට ආසාදනය වී ඇති බවට මෑතකදී පරීක්ෂාවන් සිදුකර ඇත්දැයි යන තොරතුරු ද මෙහිදී ලබාගැනේ.

මෙසේ ප්‍රමාණවත් පරිදි ලබාගත් දත්ත ඇසුරෙන් වෛරසය ආසාදිත පුද්ගලයින් සහ ඔවුන් රෝගයේ කවර අදියරේ සිටින්නේ ද යන්න හඳුනාගන්නා බව මහාචාර්ය සෙසිලියා මස්කෝලෝ පවසයි.

මෙම ව්‍යාපෘතිය පසුගිය අඟහරුවාදා ආරම්භ කළ අතර පළමු දිනයේදී පුද්ගලයින් 1200 දෙනෙකු තොරතුරු ලබා දීමට සහභාගි වී තිබේ.

ඔවුන් අතරින් 22 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ පුද්ගලයෝ වෙති.

මාස 2 ක් තුළ මෙම ඇප් එක එළිදැක්වීමට කේම්බ්‍රිජ් පර්යේෂකයෝ අපේක්ෂා කරති.

කානෙජි මෙලෙන් විශ්වවිද්‍යාලය පුද්ගලයින්ගේ හඬ යොදාගෙන දත්ත රැස් කිරීමට පියවර ගෙන තිබේ.

මේ සඳහා ආරම්භ කළ වෙබ් අඩවියක් මගින් පරිශීලකයින්ගේ කැස්ස, ඉංග්‍රීසි භාෂාවේ ස්වර ශබ්ද නැගීම සහ හෝඩිය ශබ්ද කිරීමට අදාළව දත්ත ලබා ගැනේ.

අවසානයේ ඔවුන්ට කොවිඩ් - 19 ආසාදනය වී තිබීමට කෙතරම් හැකියාවක් පවතීදැයි දක්වනු ලැබේ.

කෙසේ වෙතත් ඒ පිළිබඳ යළි සිතා බැලීම වැදගත් බව පර්යේෂකයින්ගේ අදහස වේ.

 

මේ වන විට මෙම වෙබ් අඩවිය අක්‍රීයව පවතින අතර මෙම සතිය අවසන් වන විට නැවත එය සක්‍රීය කරන බව පර්යේෂකයෝ පවසති.


(බීබීසී ඇසුරෙනි)

 -226-



අදහස් (3)

කොරෝනා ආසාදිතයකුදැයි හඳුනාගැනීමට මෘදුකාංගයක් නිපදවයි

අත්තා Thursday, 09 April 2020 05:51 AM

".... පදිංචි ප්‍රදේශය මෙන්ම කොරෝනා වෛරසය ඔවුන්ට ආසාදනය වී ඇති බවට මෑතකදී පරීක්ෂාවන් සිදුකර ඇත්දැයි යන තොරතුරු ද මෙහිදී ලබාගැනේ". මේ දවස් වල කැස්ස සහ ශ්වසන අපහසුතා වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා නම් කොරෝනා ගැන සැක කරන්න වෙනම ඇප් අවශ්‍ය නෑ. (ඇප් එකක් කියන්නෙ විද්‍යාගාර පරීක්ෂණයක් නෙවෙයි නේ) සාමාන්‍ය දැනීමක් තියෙන ඕනම කෙනෙකුට ඒක තේරුම් ගන්න පුළුවන්. ඔය කතා හොඳයි මොළේ උඩ ඉඳන් ඉන්න බටහිර උගතුන් ට !

:       0       0

අත්තා Thursday, 09 April 2020 05:57 AM

.... තව දෙයක් කියන්න ඕන. රෝගය වැළඳුනු අයටවත් හරි ප්‍රතිකාර නොකරන බටහිර රටවල් රෝගීන් අඳුනාගැනීමට ඇප් සෙවීම විහිළුවක් !

:       0       2

jayath Thursday, 09 April 2020 09:16 AM

මෙම ව්‍යායාමය සපල වේවා !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site