රේඛා තරංගනී ෆොන්සේකා
රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේදී පහසුව සලසන වෛද්‍ය සහයක රොබෝ යන්ත්‍රයක්, වායු පිරිසිදුකාර යන්ත්‍රයක්,ස්වසන ආධාරක යන්ත්‍රයක් සහ ජංගම දුරකථන මෘදුකාංගයක් අද(23) විශ්ව විද්‍යාල ප්‍රධාන ශාලාවේදී එළි දක්වනු ලැබීය.
ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආචාර්‍ය මණ්ඩලයේ මග පෙන්වීම යටතේ ඉංජිනේරැ, වෛද්‍ය,පරිඝණක පීඨ සිසුන්ගේ එකමුතුවෙන් මෙම උපාංග නිමවා ඇති අතර විශ්ව විද්‍යාලිය උප කුලපති මේජ ජනරාල් මිලින්ද පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් එළි දැක්වීම සිදුකෙරිණි.
රෝගින් අට දෙනෙකුට එකවර ආහාර ගෙන යාම, රෝගින් නවදෙනෙකුට එකවර ඔෟෂධ රැගෙන යාමේ හැකියාව ජීවාණුහරණ දියර ඉසිමේ හැකියාව රෝගියාව නිරික්ෂණය කිරීමේ හැකියාව මෙම සහයක රොබෝ යන්තයට ඇත.
එමගින් වෛද්‍යවරුන් කොරෝනා අවදානමෙන් යම් තරමකට මුදවාලනු ඇත.
එමෙන්ම විදේශයකින් ආනයනය කිරීමේදී මිලියන හතර වියදමක් දැරිමට සිදුවන කෘතිමව ස්වසනය ලබා දෙන ආධාරක යන්ත්‍රය රුපියල් මිලියනයක වියදමකින් නිමවා ඇති අතර එය KDU Ventilator 2020v1.0 ලෙස නම් කර ඇත .
Curec නමින් ජංගම දුරකථන ඇප් එකක්ද එළි දැක්වු අතර එමගින් රෝගියා සහ වෛද්‍යවරයා අතර දත්ත හුවමාරැවකින් ආසාදිතයින් හඳුනා ගැනීමේ පහසුව ඇත.
GPS තාක්ෂණය ඔස්සේ රෝගියා අවසාන වශයෙන් ගැවසුන ස්ථානද හඳුනා ගැනීමේ හසුව ඇති අතර එමගින් නිරෝධායනය ක්‍රියාවලිය විදිමත් කෙරෙනු ඇත.





2025 දෙසැම්බර් මස 04
536
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
483
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයෙන් නව නිපැයුම් රැසක්
Chamila Thursday, 23 April 2020 03:39 PM
පුලුවන්නම් මුදල් නෝට්ටු එකතු කළහැකි පෙට්ටියක් හදන්න, ඇතුලත අංශක 40 විතර වාතය තිබෙන ලෙස....