IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


එක්සත් ජාතීන්ගේ පරමාණුක ඒජන්සියෙන් කොරෝනා පරීක්ෂණ සඳහා උපකරණ

කොරෝනා වයිරසය සම්බන්ධ පරීක්ෂණ කටයුතු සඳහා රටවල් 40කට උපකරණ යැවීමට එක්සත් ජාතීන්ගේ පරමාණුක ඒජන්සිය කටයුතු කර තිබේ.
 
න්‍යෂ්ටික තාක්ෂණය භාවිතා කරමින් කොරෝනා ‍වයිරසය සම්බන්ධ පරීක්ෂණ වඩාත් වේගවත් කිරීමට එම රටවලට  එමගින් හැකිවන බව එක්සත් ජාතීන්ගේ පරමාණුක ඒජන්සිය විශ්වාසය පළකරයි.
 
ඉරානය, ඊජිප්තුව, කෙන්යාව, නයිජීරියාව, තායිලන්තය, වියට්නාමය, කියුබාව, පේරු සහ උරුගුවේ යන රවටල මෙම පළමු උපකරණ කට්ටල ලබාදීමට සූදානම් කර ඇති අතර ඒවායේ වටිනාකම යූරෝ මිලියන හතරක් හෙවත් ඩොලර් මිලියන 4.37කි.
 
ශ්‍රී ලංකාවටද මෙම උපකරණ ලැබීමට නියමිත ව ඇත.
 
රෝග විනිශ්චය යන්ත්‍ර සහ කට්ටල, ප්‍රතික්‍රියාකාරක, රසායනාගාර උපකරණ හා පුද්ගලික ආරක්ෂක උපකරණ මෙලෙස ලබා දෙයි.
 
සමාජික රටවල් 90ක් කො‍රෝනා වයිරස පරීක්ෂාවට සහාය දෙන ලෙස ඉල්ලා ඇති බව ද පරමාණුක බලශක්ති ඒජන්සිය පවසයි.
 
එක්සත් ජාතීන්‍ගේ පරමාණුක බලශක්ති ඒජන්සිය ඉරානය වැනි රටවල න්‍යෂ්ටික පරීක්ෂණ කටයුතු සඳහා දැඩි විරෝධයක් පළකරන නමුත් සාමකාමී සහ මිනිසාගේ පැවැත්මට හානිකර නොවන කටයුතු සඳහා න්‍යෂ්ටික තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන් රටවලට උපකාර කිරීමට ද කටයුතු කරයි.
 
කොරෝනා වසංගතය ලෝකයේ දියුණු රටවල වෛද්‍ය හා සෞඛ්‍ය පද්ධති සියල්ල පරයමින් ව්‍යාප්තවන අතර වයිරසයේ ව්‍යාප්තිය, ස්ථානගතවීම පිළිබඳ පූර්ව නිගමනයන්ට එළැඹීමට හෝ එම රටවලට නොහැකි වී ඇත. එබැවින් දියුණු වෙමින් පවතින රටවල තත්ත්වය ඊටත් වඩා දරුණු වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළකරයි.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

එක්සත් ජාතීන්ගේ පරමාණුක ඒජන්සියෙන් කොරෝනා පරීක්ෂණ සඳහා උපකරණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site