( ඔගස්ටින් ප්‍රනාන්දු)
ඇදිරි නීතිය පැනවි ඇති නිසා මේ වන විට ආර්ථික වශයෙන් දැඩි ලෙසින් පීඩනයට පත්වි ඇති උතුරු කරයේ ජනතාවගේ ජල හා විදුලි බිල්පත් මාස හයක කාලයක් සදහා අය කර නොගන්නා මෙන් මන්නාරම ප්‍රාදේශීය සභවේ සභාපති එස්.එච්.එම්.මුජාහීර් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතින් ඉල්ලීමක් කර ඇත.
කොරෝනා වයිරස් රෝගයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම පිණිස රජය විසින් මේ වන විට උතුරු කරය සදහා අඛණ්ඩව ඇදිරි නීතිය පනවා ඇති බැවින් එහි ජීවත් වන ජනතාව විශේෂයෙන්ම අඩු ආදායම්ලාභි පවුල් දැඩි ලෙසින් ආර්ථික පීඩනයකට මුහුණ දෙන බැවින් ඔවුන්ගේ ඔවුන් ජීවත්විම පිණිස විශාල අරගලයක නිරතව සිටින බවත් මේ නිසා ඔවුන් කෙරෙහි අවධානය යොමු කරණ ලෙසත් ප්‍රාදේශීය සභවේ සබාපතිවරයා පෙන්වා දෙයි.
මේ නිසා මෙම වසරේ මාර්තු මාසයේ සිට ඉදිරි මාස හයක කාලයක් සදහා උතුරේ ජනතාවට ලබා දෙන ජලය හා විදුලිය සදහා මුදල් අය කර නොගන්නා ලෙසත් මුජාහීර් මහතා ඉල්ලා ඇත.
COMMENTS
උතුරේ විතරක් නෙවෙයි මුළු ලංකාවටම එහෙම කරන්න. මේ වෙලාවේ හැම මනුස්සයකුම අසරණ වෙලා ඉන්නේ.
කොහොමද එහෙම කරන්නේ ? අඩු ආදායම්ලාභී ජනතාවට යම් සහනයක් දෙන එක වෙනම වැඩක්... එහම නැතුව හැමෝටම දුන්නොත් ව්‍යාපාරිකයෝ කොහේ හරි ගෙයක් බද්දට අරගෙන එක ඇතුලේ ෆැක්ටරියක් දමාගෙන හොඳට හම්බුකරගෙන මාස 6 පස්සේ මණ්ඩලේට පොලු තියල මාරුවෙවී , දෙනව නම් උතුරට පමණක් දෙන්න බැහැ. මුලුරටටම දෙන්න ඕනේ... එහෙම කලොත් මණ්ඩලේට මාස 2-3 කට වැඩිය දුවන්න බැරිවේවි .
ඇයි ඒ පැත්තේ අය විතරයිද අසරණ? අනික් පැතිවල ඉන්න මිනිස්සු සනීපෙන්ද ඉන්නේ?
අනික් පළාත්වල අයගේ ජිවිත සුකිත මුදිත වෙලා කියලද හිතන්නේ...? මේ තමයි නියම ජාති වාදියෝ . තමන් ගැන විතරයි . සිංහල අපි නෙමෙයි ජාති වාදියෝ. මේ අය...
දකුණේ ඉන්නේ කොටිපතියෝද?
එතකොට දකුණු පළාතේ ඉන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව නෙමෙයිිි ද? ඒ ගොල්ලෝ සල්ලි වල ගිලිලද ඉන්නේ? අනේ මෙහෙමත් මිනිස්සු.
අනිත් පළාත් වල ඉ් මිනිස්සු නෙවෙයිද ආයි්න් ?
රටටම කුඩු විකුණලා, පරණ බේත් හොර ලේබල් ගහලා විකුණලා, පරණ සෝසේජස් අළුත් ලේබල් ගහලා විකුණලා බුදු සරනයි කියලා ලොරියේ ගහගෙන හොර හරක් මස් ඇදලා සල්ලි හම්බ කරලා, වනාතවිල්ලුව විනාශ කරලා, දීගවාපිය ඩෝසර් කරලාදැන් පිනට ලයිට් වතුර ඉල්ලනවාද ?
කොහෙන්හරි ගානක් කඩාගන්න විදිහක් හොයනවා. මොන වසංගතේ හිරි හැදිලා තොරතෝංචි වෙලා ගියොත් තමා ලෝකෙටම නිදහස ලැබෙන්නේ.
මුලු රටේම ඉන්න කිසිවක් කරකියා ගන්ඩ බැරි අසරණයන්ට කාගේ පිහිටක්ද? දුශිත දේසපාලුවන්ට, බලපුලුවන්කාරයන්ට නම් අවුලක් නැතුවා.
උතුරේ විතරක් නෙමෙයි ලංකාවේ හැම පළාතකම ඉන්නවා මේ වෙලාවේ අසරණ වුුුුනු ජනතාව.. එහෙම සහනයක් දෙනවා නම් එක ලංකාවට ම දෙන්න..
දේශපාලකයෙක්ගේ අනුගුත්තේරු කතාවකට සියලුම පාටකයන් එක හඩින්ම විරෝධතාවය ප්‍රකාශ කරපු අවස්ථාවක්. කිසිම "ඩිස්ලය්ක්" එකක් නැහැ