"ඉදිරි කාලය ඉතාමත් දුෂ්කර සහ වේදනාකාරී වනු ඇත, ඒ සඳහා සෑම ඇමරිකානුවෙක්ම සූදානම්ව සිටීම අවශ්‍යයි"යැයි ඊයේ (31) සවස් කාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා තිබේ.
මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම හමුව පැවති අවස්ථාවේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ මුහුණ බැරෑරුම් සහ දුක්මුසු ස්වභාවයක් දක්නට ලැබුණු බවයි.
මුහුණු ආවරණ වල හිඟය ගැන ජනාධිපතිවරයාගෙන් මාධ්‍ය වේදීන් විමසූ විට ඔහු පවසා ඇත්තේ ඒ සඳහා විකල්පයක් ලෙස ස්කාෆ් භාවිතා කළ හැකි බවයි.
එම සාකච්ඡාවේදී වෙනදා මෙන්, ප්‍රාතිහාර්යය, සුවකිරීම්, පාස්කු දිනය, කාලීන ව්‍යාපාර හෝ නැවත විවෘත කිරීම් වැනි සුභවාදී කිසිවක් සඳහන් නොවූ බවද සීතල එහෙත් දරුණු යථාර්ථය පමණක් පෙන්නුම් කළ බවද සඳහන් වේ.
වයිරසය සම්බන්දව දැනට පනවා ඇති නීති රීති අප්‍රේල් අවසානය දක්වා දික් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කර ඇත.
කොරෝනා වයිරසය හේතුවෙන් ඇමරිකාවේ මරණ 100 000ත් 200 000ත් අතර ප්‍රමාණයක් සිදුවනු ඇතැයි එරට විශේෂඥයන් අනුමාන කර තිබේ.
මෙම ගනනය කිරීම් වලට අනුව අප්‍රේල් මැද වනවිට දිනකට මරණ 2 000ක් පමණ සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
(බීබීසී ඇසුරිනි - 085)
COMMENTS
ඔව්. සමහරවිට සියල්ලම අතහැරලා පැවිදි වෙන්නත් ඉඩතියනවා.
ත්‍රස්තවාදියෝ කියා කියා මුළු ලෝකෙටම බෝම්බ ගහන්න තිබුණු ආසාවත් දැන් ටිකක් අඩුවෙලා වගේ.
බොරුකාරයෙක්. මිනිස්සු මැරෙනකම්ම මාධ්‍ය හමු තිය තියා කියව කියවා හිටිය. දැන් කිඹුල් කඳුළු හෙලනවා. ඇමරිකාවේ රෝහල් වල පහසුකම් නැහැ කියල දොස්තරලම කියනා. ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන් 3ක් දාන්න සල්ලි තිබ්බ ඇමරිකන් ජනාධිපතිට සෞඛ්‍යය වෙනුවෙන් එයින් 5%ක් වියදම් කරන්න බැරි වුනා කියල මිනිස්සු චෝදනා කරනවා.
කාට හෝ කෙලවෙනවා බලන් ඉඳන් එපා.. එදා මේ නැතිවෙන්නේ මනුස්ස ජීවිත යනු මතක තබාගන්න.. ඇමරිකානුවන්ට පමණක් නොව මෙය මුළු ලෝවැසියන්ටත් ඉතාමත් දුෂ්කර සහ වේදනාකාරී කාලයක්..
ඔලුව ඉදිමුණු පාලකයෙකුන්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද ? ඒ අතින් මේ පිං බිමේ ඉපදුන අපි කොච්චරනම් පිංවන්තද ?
වෙලාවට ජනපතිවරණය ලංකාවේ නොවැම්බරයේ තිබුනේ. නැත්නම් අපිටත් මේ වගේ මාධ්‍ය සාකච්චා අහල ඉවරයක් නැතිවෙයි . ජයරත්න මුදලාලි ගේ මල්ල කරේ වැටෙන්න තිබුණු එක නැතිවුණා .
ලෝකයේ අහිංසක දුප්පත් රටවල මිනිසුන්ගේ සම්පත් සුරකිමින් භේද බින්න කර අවි ආයුධ වලින් මෙන් නව තාක්ෂණයෙන් දිව්‍යලෝකේ යන්න හැදුව බෝක්කුව උඩ ඉගෙන ට්‍රම්පට් ගහන ඩොනල් අයියටත් සතර පෙරනිමිති මතක් වේගෙන එන හදයි... කෙසේවෙතත් ලෝකයේ සිටින සියලුම මනුස්‍යන්ට යහපතක්ම වේවා !! ඉක්මනින් අප සැමට මෙම උවදුරෙන් ගැලවීමට හැකි වේවා !!!
ව්‍යාපාරිකයෙක් රටක පාලකයා වීම මෙයට හේතුවයි. පාලකයකු මානව හිතවාදියෙකු විය යුතුය.
ලෝකෙටම - විශේෂයෙන් අපටත් මානව හිමිකම් පාට් පෙන්නපු මෙයා මෙතරම් අසරණ වේවි කියල කව්ද හිතුවේ...?
ඔහුගේ වාර්ෂික වැටුප ඩොලර් 400,000 / -; ඔහු වාර්ෂිකව ගන්නේ ඩොලර් 1 / - ක් පමණි. ඔහු වංචනිකයෙක් නොවේ.
හොදයි....
චීනෙ මේ වසංගතය වලක්වා ගත්තනම් ඇමෙරිකාවට බැරි වෙන්න හේතුවක් නැහැ. මේ ගැන ජනපතිට උපදෙස් දෙන ඩොක්ට ගේ කතා ඇහුවම ඒවා ලංකාවේ පේන කියන මිනිස්සු කියන දේවල් වගේ.