IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ඇඹිලිපිටිය ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරියත් :පොලීසියේ 7කුත් නිරෝධායනයේ

අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර

ඇඹිලිපිටිය ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය සිය නිල නිවාසයේ සිට දින දාහතරක කාලයක් නිරෝධායනයට ලක්වීමට පියවර ගෙන ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය.

ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරියගේ සැමියා වැලිසර නාවික හමුදා කදවුරේ නිලධාරියෙක් නිසා ඇගේ සැමියා පසුගිය 12දා සිට 20දා දක්වා නිවාඩුවට ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් නිල නිවසේ ගතකර ඇති නිසාත් ඇය සිය නිල නිවාසයේම ස්වයං නිරෝධායකට ලක්ව සිටින බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා සදහන් කලේය.

මහේස්ත‍්‍රාත්වරියගේ සැමියාට කෝවිඞ් 19 ආසාදිත වී ඇති බවක් මෙතෙක් අතහවුරු වී නැති බවද ඵලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා පැවසීය.

පසුගිය  20දා ඔහු ආපසු නාවික හමුදා කදවුරුට සේවයට ගොස් ඇත. පසුගිය 22දා වැලිසර නාවික හමුදා කදවුරෙන් කෝවිඞ් 19 වෛරස් ශරීරගතවූ නාවික නිලධාරීන් හමුවීමත් සමගම එම කදවුරේ සියලූ දෙනාම පීසීආර් පරීක්‍ෂණවලට භාජනය කර තිබේ.

පසුගිය 22දා මහෙස්ත‍්‍රාත්වරිය අධිකරණයේ සේවයට ගොස් ඇති අතර එදින සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් නඩු කිහිපයක් විභාගයට ගෙන කල් දමා තිබේ.

මහේස්ත‍්‍රාත්වරියගේ සැමියාද සේවය කරන වැලිසර නාවික හමුදා කදවුරේ නිලධාරින් පීසීආර් පරීක්‍ෂණ වලට භාජනය කර ඇති නිසා මහේස්ත‍්‍රාත්වරියද සිය කැමැත්තෙන්ම නිල නිවාසයේ නිරෝධායනට ලක්ව ඇති බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා පැවසුවේය.

අධිකරණ සේවා කොමිසමද ඇයට නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් දී ඇති බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා සදහන් කළේය.

ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ප‍්‍රමුඛ කාර්ය මණ්ඩලයේ උපදෙස් මත මහෙස්ත‍්‍රාත්වරියගේ සැමියා නිල නිවසට පැමිණ සිටි දිනවල රාජකාරියේ නිරතව සිටි ඇඹිලිපිටිය පොලීසියේ නිලධාරීන් හත් දෙදෙනක් ද ඔවුන්ගේ නිවෙස් වලට යවා  නිරෝධායනයට ලක්කර සිටි.

අධිකරණයේ සේවය කළ එක් නිලධාරියෙක් නිරෝධායනයට ලක් කර නැතත් ඔහුට වෙනත් පාර්ශවයන් සමග ඇසුරු නොකර හුදකලාවීමට උපදෙස් දි ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා පැවසීය.



අදහස් (0)

ඇඹිලිපිටිය ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරියත් :පොලීසියේ 7කුත් නිරෝධායනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 314 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 419 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 395 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site