අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
ඇඹිලිපිටිය ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය සිය නිල නිවාසයේ සිට දින දාහතරක කාලයක් නිරෝධායනයට ලක්වීමට පියවර ගෙන ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය.
ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරියගේ සැමියා වැලිසර නාවික හමුදා කදවුරේ නිලධාරියෙක් නිසා ඇගේ සැමියා පසුගිය 12දා සිට 20දා දක්වා නිවාඩුවට ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් නිල නිවසේ ගතකර ඇති නිසාත් ඇය සිය නිල නිවාසයේම ස්වයං නිරෝධායකට ලක්ව සිටින බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා සදහන් කලේය.
මහේස්ත‍්‍රාත්වරියගේ සැමියාට කෝවිඞ් 19 ආසාදිත වී ඇති බවක් මෙතෙක් අතහවුරු වී නැති බවද ඵලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා පැවසීය.
පසුගිය 20දා ඔහු ආපසු නාවික හමුදා කදවුරුට සේවයට ගොස් ඇත. පසුගිය 22දා වැලිසර නාවික හමුදා කදවුරෙන් කෝවිඞ් 19 වෛරස් ශරීරගතවූ නාවික නිලධාරීන් හමුවීමත් සමගම එම කදවුරේ සියලූ දෙනාම පීසීආර් පරීක්‍ෂණවලට භාජනය කර තිබේ.
පසුගිය 22දා මහෙස්ත‍්‍රාත්වරිය අධිකරණයේ සේවයට ගොස් ඇති අතර එදින සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් නඩු කිහිපයක් විභාගයට ගෙන කල් දමා තිබේ.
මහේස්ත‍්‍රාත්වරියගේ සැමියාද සේවය කරන වැලිසර නාවික හමුදා කදවුරේ නිලධාරින් පීසීආර් පරීක්‍ෂණ වලට භාජනය කර ඇති නිසා මහේස්ත‍්‍රාත්වරියද සිය කැමැත්තෙන්ම නිල නිවාසයේ නිරෝධායනට ලක්ව ඇති බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා පැවසුවේය.
අධිකරණ සේවා කොමිසමද ඇයට නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් දී ඇති බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා සදහන් කළේය.
ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ප‍්‍රමුඛ කාර්ය මණ්ඩලයේ උපදෙස් මත මහෙස්ත‍්‍රාත්වරියගේ සැමියා නිල නිවසට පැමිණ සිටි දිනවල රාජකාරියේ නිරතව සිටි ඇඹිලිපිටිය පොලීසියේ නිලධාරීන් හත් දෙදෙනක් ද ඔවුන්ගේ නිවෙස් වලට යවා නිරෝධායනයට ලක්කර සිටි.
අධිකරණයේ සේවය කළ එක් නිලධාරියෙක් නිරෝධායනයට ලක් කර නැතත් ඔහුට වෙනත් පාර්ශවයන් සමග ඇසුරු නොකර හුදකලාවීමට උපදෙස් දි ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
84
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
939
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇඹිලිපිටිය ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරියත් :පොලීසියේ 7කුත් නිරෝධායනයේ