IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකාව කොරෝනා මරණ 44,000 ඉක්මවයි

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසවසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ ගණන 44,000 ඉක්මවා ගොස් ඇත.
 
එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන අද (22) පස්වරු 4.30 වනවිට44,673ක් ලෙස දැක්විණි. එරටින් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 813,000 ඉක්මවා ගොස් ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් ඇති වනු ඇතැයි ද එය දැන් පවතින තත්ත්වයට වඩා දරුණු වනු ඇතැයි ද එරට රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රොබට් රෙඩ්ෆීල්ඩ් අනතුරු ඇඟවීය.
 
‘‘මීළඟ සීත ඍතුවේදී නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් ඇති වෙන්න පුළුවන්. එය මීට වඩා දරුණුයි. මම මේක අනිත් අයට කිව්වාම මං කිව්වේ මොකකද් කියලා ඔවුන්ට තේරුණේ’’ නැහැ යැයි ‘ද වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රොබට් රෙඩ්ෆීල්ඩ් පැවැසීය.

‘‘අපිට එකවර උණ වසංගතයටත් කොරෝනා වසංගතයටත් මුහුණ දෙන්න වෙනවා’’ යැයි ද හෙතෙම කීය.
 
ස්වසන වයිරස දෙකකට එකවර මුහුණ දීමට සිදු වූ විට සෞධ්‍ය පද්ධතියට සිතා ගත නොහැකි මෙන්ම දරාගත නොහැකි පීඩනයකට මුහුණ දීමට සිදුවන බව ද ඔහු පෙන්වාදුන්නේය.
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝහල් කොරෝනා ආසාදිතයන්ගේ පිරී ඉතිරි ගොස් ඇති අතර පරීක්ෂණ කට්ටල, ස්වසන සංවාතන උපකරණ (වෙන්ටිලේටර්ස්) සහ සෞඛ්‍ය හා සුව සේවා සේවකයන්ට අවශ්‍ය ආරක්ෂිත උපකරණවල දැඩි හිඟයක් මතුව ඇත. පෞද්ගලික ආරක්ෂණ උපකරණ කට්ටලවල මතුව තිබෙන දැඩි හිඟය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය අංශවල සේවය කරන පිරිස්වල ජීවිත ද අවදානමට පත්ව ඇත.
 
ද වොෂින්ටන් පෝස්ට්
 
055



අදහස් (0)

ඇමෙරිකාව කොරෝනා මරණ 44,000 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site