(නිමන්ති රණසිංහ)
ගෝලීය වසංගතයක් වශයෙන් ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා වයිරසය හමුවේ ඉදිරියේදී ඇතිවන ආහාර හිඟයට පිළියමක් වශයෙන් රටේ ජනතාවට රටතුළම ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීමේ වැඩ පිළිවෙලක් ලෙසින් ‘‘සෞභාග්‍යා ගෙවත්ත’’ නමින් ගෙවතු දස ලක්ෂයක් වගාකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
ඊට සමගාමීව සමගාමීව www.saubagya.lk නමින් විශේෂිත වෙබ් අඩවියක් මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතින් අද (02) විවෘත කෙරිණි.
නාගරික සහ අර්ධ නාගරික ජනතාව ඇතුලූ සමස්ත ජනතාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේදී බීජ වර්ග 5 කින් යුත් බීජ පැකැට්ටුවක් සහ ඊට අවශ්‍ය උපදෙස් පත්‍රිකාවක් රුපියල් 20ක් වැනි ඉතා සහන මිලකට ලබා දෙන අතර, තවත් වර්ග 3කින් යුත් එළවලූ පැල සහිත බදුනක් රුපියල් 20 ක සහන මිලකට කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් මගින් ජනතාවට ලබාදීමට සුදානම් කර ඇතැයි ද එම අමාත්‍යාංශය සදහන් කරයි.
මෙම සියලූ විස්තර www.saubagya.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවද මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය සදහන් කරයි.



COMMENTS
තමන්ගේ වත්තේ ඉඩ තියෙන අයට ඉතා පහසුවෙන් මෙය සුලුවෙන් හෝ කරන්න පුලුවන්! මේ වෙලාව හැකි සැම කෙනෙක්ම මේ වැඩේ පටන් ගමු. ඉදිරියේ දි ඇති විය හැකි ඕනැම තත්වයට මුලික විසඳුම වන්නේ ආහාර හිඟය වලක්වා ගැනීමයි. ගෙදර ඉන්න නිසා මේ වැඩේට ඕනතරම් කාලය තියෙනවා.
බෝග අවශ්‍යයි...
ඉදිරියේ ඇති වි ඇති තත්ත්වය මත හොද වැඩසටහනක්..., මාද මේ සදහා එකතු වීමට බලාපොරොත්තු වේ. ගෙන්වා ගැනිම් කරන්නේ කෙසේද?
මට නම් මුන්ගේ බොරු ෂෝ එපා වෙලා. ගොවියෝ පොහොර බීජ ගන්න විදියක් නැතුව දස අතේ කල්පනා කරනවා. අද කොමඩු කිලෝ එක රු. 10 ටවත් දී ගන්න බැහැ. එළවලු අක්කර ගන්නන් අතැරලා දාල විකුණගන්න විදිහක් නැහැ. මිලක් නැහැ. මුන් ඉන්ටනෙට් එකෙන් බතල හිටවන්න යනවා.
දුරකථන අංකය ලබාදෙන්න...
ඇත්තෙන්ම මෙය හොද වැඩසටහනක්. මෙගින් අපට හොදක් වෙනවා හැර නරකක් නොවෙනු ඇත.
ඔය කියන දේවල් කරන්න නම් දැනට ඉන්න ගොවිජනසේවා නිලධාරියෝ ඔක්කොම ගෙදර යවල , මැලේසියාවෙන් , ඉන්දුනීසියාවෙන් , යුරෝපයෙන් කෘෂිකර්ම නිලධාරියෝ ගෙන්වන්න ඕනේ.. ජනපතිතුමාට පුරවැසියන්ට යමක් කරන්න ඕන බව පෙනෙනවා.. නමුත් රටේ ත්‍රිවිධ හමුදාව හැරුනවිට , පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ, ආගමන විගමන, මෝටර් රථවාහන, සෞඛ්‍ය, කනිජතෙල්, භූවිද්‍යා සහ පතල් කාර්යාංශය, ධිවර යන මෙකි නොකී රජයේ සියලු දෙපාර්තමේන්තු ෆේල් සහ දූෂිතයන්ගෙන් පිරි ඇති බව අනිවාර්යයෙන්ම කියන්න ඕනේ...
කෘෂිකාර්මික රට, පෙරදිග ධාන්‍යාගාරය මේ දේශපාලුවන් විනාශ කරලා දැන් ඉන්ටර්නෙට් එකෙන් බතල හිටවන්න යනවා. පම වෙලා හරි නෙට් එකෙන් බතල හිටවන්නේ නැතුව ගොවියට පොහොර ටික දෙන්න. වගාවට මිලක් දෙන්න. මනින් මර්කෙට් හොරු පන්නන්න.
පළමුව ඉහල තැන්වලින් පටන්ගතයුතුයි. අපි රජවරු නුඹලා ගොවියො සංකල්පය නම් හරියන්නෙ නෑ...
වැඩේ ඉතා හොදයි. පහුගිය රාජපක්ෂ ආණ්ඩුව කාලෙත් මේ් වැඩේ පටන් ගෙන හොදින් ගියා. පෝරත් අඩු මිලට දුන්නා මතකයි. මෙවර කාබනික පොහොර ලබා දීමට ත් වැඩ පිලිවෙලක් සැකසුවොත් හොදයි. මමත් දැනටමත් ගෙදර පෝච්චිවල වගා කටයුතු කරනවා. නමුත් කාබනික පොහොර ලබා ගැනීමේ ගැටලුවක් තිබෙනවා.
බෝග වර්ග ලබා දෙනවානම් අගය කරමි. කෘමි උවදුරු සහ ලෙඩරෝග සදහා උපදෙස් අවශ්‍ය වේ.
ගොඩක් හොඳ වැඩ සටහනක් ..අපිත් කැමති ඔබ සමග වැඩ කරන්න
මට මතකයි පලවන රාජපක්ෂ පාලන කාලෙ අපි වවමු රට නගමු කියලා එකක් පටන් ගත්ත මේ වගේම ෂෝ එකක් දාලා.
මටත් ඕන
මෙක හොද වැඩසටහනක්... අපි බොග වගාවට බොහොම ලැදියි. මමත් මෙකට එකතු වීමට කැමතියි.
මේක හොඳ වැඩසටහනක්. අපි බෝග වගාවට බොහොම ලැදී.
ගමටම බීජ අවශ්‍යයි.
මමත් වගා කරන්න කැමතියි. බීජ ලබා ගැනීමට හැකි ද? මීට අමතරව වගා මලු ලබාදීමට හැකි ද ? පොච්චි ලබා ගැනීමට හැකියාවක් නොමැත ඇදිරි නිතිය නිසා.
ගෙවතු වගාව සඳහා පැල හා බීජ ලබා දෙන්න කාරුණිකව ඉල්ලා සිටිමි.
කාලෝචිත වැඩසටහනක්.
කෙනෙක් කරන දේ විවෙචනය කරනවට වැඩිය හොද නැද්ද තමන්ගේ මහන්සියෙන් තමන්ට කෑමට වුවමනා එළවලු ටික හදාගන්නඑක.. ආණ්ඩුවවත්, දේශපාලකයෝවත් නෙමෙයි මෙවා කන්නෙ තමන්මයි. හැම දේටම ආණ්ඩුව පලි නැහැ. අපි වවමු. බඩත් පිරෙයි... හිතත් පිරෙයි ඒකෙන්...
මොනව උනත් මේ වැඩපිලිවෙල අගය කරන්න ඔනි... ඉදිරි කාලය ගැන කව්ද දන්නේ...?
මෙම සෞබාග්‍ය වැඩ පිළිවෙල ඉතාමත් කාලෝචිත දෙයක්... ආහාර පමණක් නොව සියලු නිෂ්පාදන ශ්‍රී ලංකා නාමය ලොව පුරා බැබලවීමට ආරම්භ කෙරීමට අවශ්‍ය පියවර ගන්න. නැගිටිමු ශ්‍රී ලංකා මේ අපේ අවසන් අවස්ථාවයි...
මෙම සෞබාග්‍ය වැඩ පිළිවෙල ඉතාමත් කාලෝචිත දෙයක්.මේ වැඩපිලිවෙල අගය කරන්න ඔනි...
අනේ දෙරනියගලටත් බිජ ගෙනත් දෙන්න...
බීජ අවශ්‍යයයි.
කලින් ඒවා කරන්න ඔනෙවෙලා තිබුණා මල්ලි...පරක්කු වුණත් මෙ වැඩසටහන පටන් ගන්න හිතලා ලැබෙනවා නම් අපි හැමෝම මෙකත් එකතු වුණොත් ...හැමෝම වවමු. සතුටින් දිනමු.
රටට ඔනෙම වෙලාවක තිබුණු දෙයක්...ජනාධිපතිතුමා කරන්න පටන් ගත්ත තවත් හොද වැඩක්...අපිත් එකතු වෙමු. හැමෝම දිනමු..
මුලින්ම මේ ගැන සුභවාදීව හිතා අදහස් දාපු අයට ස්තූතියි. අපේ රටේ ඉන්නේ බහුතරයක් ෘන ආකල්ප ඇති මිනිස්සු. මොනවා කිවත් බහුතරය ඒකට නෑ බෑ කියන උන්. දැන් ඇගිල්ල දික් කර කර ඉදලා හරියන්නේ නැ. තමන්ගේ දරු පැටව් පුල ගැන හිතා මොනවා හරි අල බතලයක් හිටව ගන්න වෙනවමයි. බීජ නැත්තම් ගෙදර මිරිස් කරලේ ඇට ටික ගන්න පුළුවන්. උයන්න ගන්න වට්ටක්කා ඇට ටික ගන්න පුළුවන්. උවමනාව තියෙනවා නම් කරන්න ඕනේ තරම් දේවල් හොයා ගන්න පුළුවන්. මම රජයේ හෙන්චයියෙක් නෙවෙයි. සතේක දෙයක් ගත්තු කෙනෙක් නෙවෙයි. ඒත් මේ වෙලාවේ හිතන්න මොකුත්ම නැත්තම් තමන්ගේ පව්ල ජිවත් කරවන විදිය. මේ දේට අපි කාටත් මුණ දෙන්න වෙනවමයි. තව මාස 4ක් 5ක් මේ විදියට ගියොත් අපි ඉන්නේ කාට හරි බැන බැන නම් වන්දි ගෙවන්න වෙන්නේ අපේ දරුවන්ටයි. ඒක තම තමන්ට බාරයි..........