IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳාම ප්‍රා.ලේකම් කාර්යාල හරහා

(නිමන්ති රණසිංහ)

දිවයිනේ වසා ඇති සියලූ ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳ කටයුතු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල , සමූපකාර දෙපාර්තමේන්තු ඇතුලූ රාජ්‍ය ආයතන මගින් සිදුකිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, ආර්ථික මධ්‍යස්ථාවල එළවලූ සහ පළතුරු එම රාජ්‍ය ආයතන මගින් දිවයිනේ විවිධ ප‍්‍රදේශ වෙත බෙදා හැරිම සිදුකිරීමට පියවර ගෙන ඇතැයි ද අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් මගින් සඳහන් කරයි.

දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙට්ටිපොළ, ඇඹිලිපිටිය යන විශේෂ ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු දුරකතන ඇතුලූ අනෙකුත් සන්නිවේදන මාධ්‍ය උපයෝගී කර ගැනිමන් පමණක් කි‍්‍රයාත්මක වන අතර වෙළෙඳුන් සදහා විවෘත නොකෙරෙන බවද එම නිවේදනයේ සඳහන් වෙයි. 

අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාව හා පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් සහ දිස්ති‍්‍රක් ලේකම්වරුන්ගේ මෙහෙයවීමෙන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, සමූපකාර දෙපාර්තමේන්තු ඇතුලූ රාජ්‍ය ආයතන මගින් විශේෂ ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු මෙහෙයවනු ලබන බවද රජය දැනුම් දෙයි.

ආර්ථික මධ්‍යස්ථාන තුළ අධික පිරිසක් ගැවසීම හේතුවෙන් කොරෝනා රෝගය පැතිරීමට වැඩි ඉඩකඩක් පවතින බැවින් මෙම තීරණය ගෙන ඇති බැවින් එළවලූ සහ පළතුරු ප‍්‍රවාහනය සඳහා මෙම නව ක‍්‍රමය කි‍්‍රයාත්මක කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

රට තුළ කි‍්‍රයාත්මක නිරෝධායන වැඩසටහන තුළ ජනතාවට අපහසුතාවයකින් තොරව අත්‍යවශ්‍ය සේවාවන් ලබාගැනීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ පිහිටුවා ඇති එළවලූ හා පළතුරු ඇතුලූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිළිබද අනු කමිටුව මෙම තීරණය ඇති බවද සඳහන් වෙයි.

ඒ අනුව, විශේෂ ආර්ථික මධ්‍යස්ථානවල පිහිටුවා ඇති සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සමග සම්බන්ධ විය හැකි බවට වෙළඳ ප‍්‍රජාවට රජය දැනුම් දෙයි.

දඹුල්ල 071 4459505, තඹුත්තේගම 070 1366818, නුවරඑළිය 0770130332, කැප්පෙටිපොල 071 4459420, ඇඹිලිපිටිය 071 7230693 එම දුරකතන අංකයන් වෙයි.

 



අදහස් (0)

ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳාම ප්‍රා.ලේකම් කාර්යාල හරහා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 115 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 960 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2568 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site