(මනෝප්‍රිය ගුණසේකර)
රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයින්ගේත් පාසල්, විශ්ව විද්‍යාල වල සියලු සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ද පියවර ගනු ලැබු බවත් ආණ්ඩුවේ අභියෝගය වන්නේ වසංගතය හැකි උපරිමයෙන් මැඩපැවැත්වීම බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ජනාධිපතිතුමන්, අගමැතිතුමන් ඇතු`ඵ ආරක්ෂක අංශයත්, සෞඛ්‍ය අංශයත් මැදිහත්වීමෙන් මේ තත්වය මැඩපැවැත්වීමේ අති දැවැන්ත මෙහෙයුමක නියැලිමෙන් කටයුතු කිරීම අගය කළයුතු බවත් මෙම යාන්ත්‍රණයේ සියලු දෙනාටම ස්තූතිය පුදකරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ම්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.
අද වනවිට විදෙස්ගත වී සිටින ශිෂ්‍යයින්, ශ්‍රමිකයින්, විවිධ පුහුණුවීම් වලට පැමිණි අය, පදිංචිව සිටින අය තම මව් රටට පැමිණීමට සුදානමින් පසුවෙනවා. මේ සඳහා පැය 24 පුරා වැඩසටහන් ක්‍රියාත්මකයි. රෝගීන් හදුනා ගැනීම පළමු වළල්ල, දෙවන වළල්ල, තුන්වන වළල්ල යටතේ රෝගීන් වර්ගීකරණය කරමින් නිරෝධායනය සඳහා යොමු කිරීමේ අතිදැවැන්ත වැඩ පිළිවෙලක් දියත් කර තිබෙනවා. අපේ රටේ රෝගීන් සොයා ගෙන රෝගීන් රෝහල් වෙත යොමු කරද්දී වෙනත් රටවල් රෝගීන් රෝහල් කරා ඒම වළක්වා නිවසේ සිටම නිරෝධායනය වන ලෙස දැනුම්දී තිබෙනවා.
මෙම රැස්වීමේදී අදහස් දැක්වු හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා මෙසේද පැවසීය.
මාධ්‍ය විසින්මේ සිදුකරනු ලබන සමාජ මෙහෙවර වෙනුවෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ගෞරවය, ස්තූතිය පුද කර සිටිනවා. ඕස්ටේ්‍රලියානු ආයතනයක් විසින් කරනු ලැබු සමීක්ෂණයකට අනුව රටවල් 195 අතර ශ්‍රී ලංකාව මෙම ප්‍රවාණතාවයට ඉහළින්ම මුහුණදෙන රටවල් 9 අතරට පත්ව සිටිනවා. ජනාධිපතිතුමාගේ ක්‍රියාකලාපයට, අගමැතිතුමාගේ මෙහෙයවීම, විශේෂ කාර්යය සාධක බලකායටත්, විවිධ අංශ වල පුද්ගලයින් විසින් ලබාදුන් සහයෝගයත් ඉතා අගය කොට සැළකිය යුතුයි.
මැතිවරණය සම්බන්ධයෙන් බියක් ගත යුතු නැහැ. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින ්ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබයි.
COMMENTS
දැනට සාර්ථකයි... ඒත් වැඩපිළිවෙළක් නැත...
කොහෙද අප්පෙ මෙච්චර කලක් ගිහින් හිටියේ...?
කොරෝනා ඉවරයි..., අපි මැතිවරණය පවත්වමු නේද? රොටිය පුච්චගමු...
ගොඩාක් හොදයි . ඉතාලියට වෙච්ච දේ වෙයි ළගදීම... තව කල් ඉන්න තියෙන්නෙ එක්කෙනෙක් හරි ඇවිත් ගියොත් ඒ පැත්තට ඔක්කොම ඉවරයි කවදාවත් ඉවර කරන්න බැරිවෙයි... මෙහෙ ඉන්න අය මුලින්ම කරපු නැතිදේට දැන් දුක්විඳිනවා... අපේ මිනිස්සු පස්සට දුක් විදී වගේ. තව සමහරක් අය හරි ආසාවෙන් හිටියේ බැන්නේ මේක අරින්න ඇදිරිනීතිය අයින් කරන්න කියලා මේකට ලියපු අයත් සතුටු ඇති දැන්... රටේ ඉන්න මිනිසුන් දුක්විඳින එකට පව් මගේ රටේ මිනිස්සු මන් මෙහෙදි අත් දුටුවා... ඒකයි කියන්නේ...
මේ රටේ ඇති ලොකුම වසංගතය තියෙන්නේ දියවන්නාවේ.
2/3 ගන්න එක නෙවෙයිද?
බලුකුඩුවේ දොරගුළු විවෘත කල නිසාවෙන් මෙතරමින් හරි කොරෝනා පාලනය කරගන්න හැකි වුණා. විද්වතුන් කරන්න ඕනා ක්‍රමවේදය සකසාවි. කුඩුවේ හිටිය කට්ටියයි... කටු සුප්පපු කට්ටිය උඩු බුරන්නේ නැතිව හිටියොත් ඉතිරි වැඩ කොටසත් කරගත හැකිවේවි.... !!!
කාලෙකට පස්සේ දැක්කේ.
කොරෝනා වසන්ගතය විතරක්ද?, පවුල් පාලනේ උන්ගේ බලය තහවුරු කරගන්ඩ චන්දෙ තියෙන එකත් අබියෝගයක්නේ.. කොරෝනා වසන්ගතය ආධාරත් වැහි වැහැලා තියෙන්නේ....