(අජන්ත කුමාර අගලකඩ)
අලුත් අවුරුදු සමයේදී සහල් මෝල්වල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි රජය සහල් මෝල් හිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
ඇදිරි නිතිය පැනවීමත් සමඟ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඉල්ලූම වැඩිවී ඇති තත්ත්වයක් තුළ අලූත් අවුරුද්ද යැයි කියමින් සහල් මෝල් වසා තැබුවහොත් සහල් හිඟයක් ඇතිවයි හැකි බව රජය පෙන්වා දී ඇත.
එබැවින් අලූත් අවුරුදු සමයේ සහල් මෝල් නොවසා ඒවායේ කටයුතු පවත්වාගෙන යන්නැයි රජය සහල් මෝල් හිමියන්ට දැනුම් දී ඇත.
COMMENTS
අරලිය, නිපුන තමයි වී හංගගෙන.., හාල් එළියට දාන්නේ නැත්තේ...
පාලිත තෙවරප්පෙරුම මහත්තයා, රන්ජන් සහ මර්වින් එක්ක එකතුවෙලා මෝල් හිමියන්ට කරුණාවෙන් , ජාති ආලය ඇතිවන විදිහට කතා කරලා මේ වැඩේට උදව්වෙන්න. ඔය ගොල්ල සමහර වෙලාවලට ටිකක් රතු ඉර පැන්නත් ඇතුල හොඳ මිනිස්සු. පොඩි උත්සාහයක් කරන්න. ජනාධිපතිතුමාත් මෙයට සහයෝගය දේවි.
අපේ රටේ බොහෝ දෙනෙක් තවම දේශීය ධනපතියෙක් බිහිවෙනවට අකමැතියි . තමන්ගේ නොහැකියාව හින්ද. විදේශිකයෙක් මෙහි ඇවිත් මොන ව්‍යාපාරය කලත් ඔවුන්ව මහා ලොකුවට වර්ණනා කරන නිවටයින් ඕන තරම් ඉන්නවා. රටක පැවැත්මට සහ මෙවැනි කරදර ආවම රටේ කටයුතු අඛණ්ඩව කරගෙන යන්න දේශීය ව්‍යවසායකයින් මිස විදෙස් ධනපතීන් ඉදිරිපත් වෙන්නේ නැහැ. නිපුන, අරලිය කියන්නේ කවරු වුනත් අපේ මිනිස්සු. හංගනවා කියන්නේ ගබඩා කරන එකට නම් ඊට වඩා මෝඩයින් තව මොකටද? ගබඩා කොට ටික ටික වෙළඳ පොලට දමනවා වෙනුවට ඔක්කොම එක සැරේ දැම්මොත්? මෙහෙමත් මිනිස්සුත් රටේ ඉන්නවා!
ඉල්ලුමට සරිලන පරිදි සහල් සැපයීම මෝල් හිමියන්ගේ වගකීමක්...
මෙකට එකම විසදුම රජයේ වී මෝල් පටන් අරගෙන තරගයක් දෙන එක. වහාම පටන් ගන්න. දෙතුන් දෙනකු එ්කාධිකාරය නතර කරන්න.
රටේ මෝල් හිමියෝ සහල් හන්ගනවා නම් සහල් පිටරටින් ගෙන්වන්න වෙනවා... නැතිනම් මිනිස්සු කන්නේ මොනවද ?