ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සතියේ දින කීපයක්ම ගතකළේ පොළොන්නරුවේය. පොසොන් උත්සවය වෙනුවෙන් පින්කම් හා වැඩසටහන් කිහිපයක්ම යොදාගෙන තිබීම ඊට හේතු විය. අඟහරුවාදා උදේ කැබිනට් රැස්වීම හමාරවී, එදිනම හවස පොළොන්නරුව බලා ගිය ජනාධිපතිවරයා පොසොන් පොහෝ දින දවස පුරාම උත්සව හා පින්කම්වලට සහභාගි විය. ඉන් ප්‍රධාන තැනක් ගත්තේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පිරිවෙන් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමය. මෛත්‍රී ජනාධිපති වීමෙන් පසුව පොළොන්නරුව සංවර්ධනය සඳහා ‘පිබිදෙමු පොළොන්නරුව’ නමින් අලුත් වැඩසටහනක් ආරම්භ කළේ පොළොන්නරුවේ සංවර්ධනය වේගවත් කිරීමේ අපේක්ෂාවෙන් පාරවල්, පාසල්, රෝහල්, සංවර්ධනය මෙන්ම, දිස්ත්‍රික්කයේ ඓතිහාසික හා පූජනීය ස්ථාන සංවර්ධනය ද එහි එක් අංගයකි. කෝටි ගණනක් වැය කර, දිඹුලාගල ආරණ‍්‍ය සේනාසනය සංවර්ධනයට මුල පිරුවේද පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේය.
දිඹුලාගල උත්සවයට ජනාධිපතිවරයා ගියේ විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් ද සමගය. එදින එහි තවත් විශේෂ කටයුත්තක් සූදානම් කර තිබිණි. ඒ සෑම පොහොය දිනකම ජනාධිපතිවරයා සහභාගි වන ධර්ම දේශනා වැඩසටහනය, මෙවර එය දිඹුලාගල පැවැති අතර එහි දේශකයාණන් වහන්සේ වූයේ තිරිකුණාමලේ ආනන්ද නාහිමියන්ය. දිඹුලාගල උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා ගියේ පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය අසල පැවැත්වෙන පොසොන් බත් දන්සල විවෘත කිරීමටය. එය මෛත්‍රී ජනාධිපතිවීමටත් පෙර, මන්ත්‍රී කාලයේ ආරම්භ කළ පොසොන් බත් දන්සලය. මෛත්‍රීගේ මූලිකත්වයෙන් එය පවත්වනු ලබන්නේ පොළොන්නරුවේ බෞද්ධ සංගමයෙනි.
වකුගඩු රෝගීන් වෙනුවෙන් පොළොන්නරුවේ ඉදිකෙරෙන වකුගඩු රෝහල මෛත්‍රීගේ තවත් සිහිනයකි. එය මෛත්‍රී චීනයේ කළ සංචාරයේදී චීන ජනාධිපතිවරයාගෙන් ලැබුණු ත්‍යාගයකි. ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා උදේ එම රෝහලේ ඉදිකිරීම් කටයුතු බලන්නට ගියේ එය කඩිනමින් නිම කිරීමේ අපේක්ෂාවෙනි.
2025 දෙසැම්බර් මස 18
253
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති පොළොන්නරුවේ