
මනාලියක මේ ඉරියව්වෙන් සිටිය යුත්තේ දේවස්ථානයක පූජාසනය ඉදිරිපිට ය. එහෙත් ඇය සිටින්නේ එතැන නොවේ. මේ ඡායාරූපයෙන් කියන්නේ එක් අනුවේදනීය කතාවකි.
ඇමෙරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ මොන්ට්ගෝමරි නගරයේ වෙසෙන ජෙසිකා පැජෙට් තම සිහින කුමරුගේ අත ගැනීමට තිබුණේ තවත් දින කීපයක් පමණි. විවාහ මංගල්‍ය සඳහා සියල්ල සූදානම්ව තිබුණි. ඔවුන් දෙදෙනාගේ ඊළඟ හමුවීම නියමිතව තිබුණේ දේවස්ථානයේ පූජාසනය ඉදිරිපිට ය.
විවාහ මංගල්‍යට නියමිත දින ජෙසිකා තම මංගල ඇඳුමෙන් සැරසුනා ය. සැලසුම් කළ පරිදි ඔහු දේවස්ථානයේ පූජාසනය ඉදිරිපිටදී හමුනොවෙන බව දත් ඇය ඔහු සොයා ගියාය. මේ ඡායාරූපය ගෙන ඇත්තේ එතැනදී ය. විවාහ මංගල්‍යට දින කීපයකට පෙර බීමත් රියදුරෙකු විසින් ඔහුගේ ජීවිතය සොරාගෙන තිබුණි.
රසීකලා - රෝමය, ඉතාලිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd