
පසුගිය අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් අසරණ භාවයට පත්වූ සහෝදර ජනතාවට උදව් කිරීමට ඉතාලියේ පාදුවා නගරයේ ෆ්‍රැන්සිස්කානු නිකායේ පියතුමන්ලා භාරගත් බව, ඉතාලියේ ශ්‍රම සම්බන්ධීකරණ අතිගරු නෙවිල් ජෝ පෙරේරා පියතුමා පැවසීය. ඒ අතරට නිවාස 25ක්, බෝම්බ ප්‍රහාරයෙන් අසරණ වූ දරුවන්ට අධ්‍යාපන පහසුකම් , තවමත් අසනීප තත්ත්වයෙන් පසුවන අයට උදව් උපකාර ඇතුළත් වේ.
මෙම උතුම් කර්තව්‍යයට ගරු නෙවිල් ජෝ පෙරේරා මා හිමිපාණන්ගේ සහ කොළඹ අගරදගුරු ගරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ පූර්ණ සහයෝගය ලැබේ.
පසුගිය දා බෝම්බ ප්‍රහාරයට හසුවූ එම ස්ථාන දැක බලා ගැනීමට ගිය එම පිරිසගේ ඡායාරූප කිහිපයකි මේ දැක්වෙන්නේ.
කාන්ති රතුගම - කතානියා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd