සංගණනය දීම සඳහා නාසරෙත්හි වෙසෙන දනා
යා යුතුමය බෙත්ලෙහෙමට රජ ඝෝෂය එලෙස වුණා
මරිය තුමිගෙ රැකවරණෙට ජුසේ තුමා එහි යන්නා
දෙදහස් වසරකට පෙරදී මේ අයුරෙන් සිද්ධ වුණා
කුසඔත් දෙවි පුතු සමගින් යා යුත්තේ බොහෝ දුරකි
දුෂ්‍කරවූ ගමන නිසා ගෙන දුන්නේ දැඩි වෙහෙසකි
රෑ බෝවීම නිසා ඉඩ ලද්දේ ගව ගාලකි
දිවැස්වරුන් ලියූ වදන් එලෙසට ඉටු වුණේය සකි
පුළුන් පුළුන් වී ඉහිරුණු වළාකුළු අතරින් සුරංගනා එබී බලන්නේ
නිල්වන් පළසට මැණික් ඔබ්බවා දිදුළන මිණිකැට අහසෙ දිලෙන්නේ
ගවගල ඉහළින් වල්ගා තරුවකි දිප්තිමත්වී බැබලෙන්නේ
දෙව් පුතු මලොවට බිහිවූ ෙමාහොතයි ලෝ වැසියන් හට පවසන්නේ
පාර කියු වල්ග තරුව පසු පස එන රජුන් තිදෙන
සුරන් ගීතිකාවන් මැද ගව ඔරුවක සුවයේ නිදන
කුමාරාගේ තෙදවන් බව දුටු සැණෙකින් වැඳ වැටෙමින
පඬුරු පුදා බැහැ දුටුවේ දෙව් පුතුණුන් ලෙසින් හැඳින
වික්ටරින් කොළඹගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd