

ඉතාලියේ කතානියා හි ජීවත්වන ශ්‍රී ලාංකික කතෝලික කිතුණු සංඝයා විසින් වසරක් පාසා සංවිධානය කරනු ලබන එළිමහන් මහා පාද නමස්කාරය මෙම වසරේද, එනම් 18.03.18 වැනි දින බෙල්පාස්සෝ (Belpasso) නම් කතානියා නගරයට අයත් සුන්දර ගම්මානයේ පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට කතානියා කතෝලික සැදැහැවතුන් සහභාගි වූ අතර, කතානියා අධ්‍යාත්මික පියතුමා වන ගරු මයිකල් කැණීෂියුස් පියතුමා ප්‍රමුඛ දේවස්ථාන සේවක මණ්ඩලය විසින් මෙම අවස්ථාව සංවිධානය කරනු ලැබීය.
මෙම අවස්ථාවට සහභාගි වූ සියලුම දෙනාට පියතුමා සහ සේවක මණ්ඩලයේ ස්තුතිය පුද කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.
කාන්ති රතුගම,
කතානියා, ඉතාලිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd