IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


සම අයිතිවාසිකම් වරප්‍රසාදය කාන්තාවට සිහිනයක් පමණද ?

 

 

කාන්තාවට සම අයිතිවාසිකම් වරප්‍රසාදය 2030 වසර වෙන විට පූර්ණව හිමිකර දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් විසින් 2015 වසරේදී ගන්නා ලද සාමූහික තීරණය නියමිත කාලය තුළ ඉලක්කය කරා ළඟා නොවෙන බව ඒ පිළිබඳව මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළිවී ඇත. ජගත් කාන්තා ජනගහණයෙන් 95% ක් නියෝජනය වෙන පරිදි රටවල් 129ක සහභාගීත්වයෙන්, බිල් ගේට්ස් පදනම විසින් පවත්වාගෙන යනු ලබන EQUAL MEASURES ආයතනය විසින් මෙම අධ්‍යයනය කර ඇත.   


කාන්තාවගේ දේශපාලන සහ සමාජ නිදහස, දෛනික ජීවිතය, සෞඛ්‍ය තත්ත්වය, පවුලේ වගකීම, ඇඳුම් පැළඳුම්, පානීය ජල පහසුකම්, සමබර ආහාර වේල, අන්තර්ජාල පහසුකම් ආදී බොහෝ කාරණා සම අයිතිවාසිකම් තක්සේරුවේදී සැලකිල්ලට ගෙන ඇත. මේ අනුව එකේ සිට සියය දක්වා වූ ලකුණු ක්‍රමයක් යටතේ කාන්තාවට සම අයිතිවාසිකම් ලබාදී ඇති රටවල් වර්ගීකරණය කර, ලයිස්තුගත කර ඇත. ආසියාවේ මැදපෙරදිග සහ අප්‍රිකාවේ කාන්තා සම අයිතිවාසිකම් පිළිබඳව මොරදෙන බටහිර සහ අනෙකුත් බලගතු රටවල් කීපයක්, මෙම වර්ගීකරණ ලයිස්තුවේ පළමු දහය අතරටවත් නොපැමිණ තිබීම කෙරෙහි විශේෂ අවධානය යොමුකළ යුතුව ඇත. 


කාන්තා සම අයිතිවාසිකම් වරප්‍රසාදය දඩමීමා කරගෙන ආසියාවේ මැදපෙරදිග සහ අප්‍රිකාවේ සංස්කෘතික සංහාරයක යෙදී සිටින ඇමෙරිකාවට මෙම වර්ගීකරණ ලයිස්තුවේ හිමිව ඇත්තේ විසිඅට වැනි ස්ථානයයි. එංගලන්තය ඇත්තේ දාහත් වැනි ස්ථානයේය. ලයිස්තුවේ අවසන් ස්ථානයට (129) පැමිණ සිටින්නේ චාඩ් රාජ්‍යයයි. 


කාන්තා සම අයිතිවාසිකම් වරප්‍රසාදය අඩුවෙන්ම භුක්ති විඳිනු ලබන රටවල් ලෙස පසුපෙළ ලයිස්තුගතව ඇති රටවල් විසිඑකක්ම, වර්ගීකරණ අධ්‍යයනයේදී ලකුණු පනහට අඩුවෙන් ලබාගත් රටවල්ය. 


කාන්තා සම අයිතිවාසිකම් වරප්‍රසාදය වැඩියෙන්ම මුදාහැර ඇති රට ලෙස මෙම ලයිස්තුවේ මුලින්ම සිටින්නේ ඩෙන්මාර්කයයි. ඩෙන්මාර්කය ලබා ඇති මුළු ලකුණු සංඛ්‍යාව 89.3කි. එහෙත් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඩෙන්මාර්ක කාන්තාව ලබා ඇති අයිතිවාසිකම් ජෝර්ජියානු ලිට්වේනියානු සහ කසකස්තාන් කාන්තාව ලබා ඇති වරප්‍රසාදයන්ට වඩා අඩුය. ඩෙන්මාර්ක පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය රුවන්ඩා සහ සෙනගල් පාර්ලිමේන්තුවල කාන්තා නියෝජනයට වඩා අඩු අගයක් ගනී. 


ලොව පුරා විසිර සිටින මිලියන එක්දහස් හාරසීයක් වෙන කාන්තා පිරිසකට සම අයිතිවාසිකම් වරප්‍රසාදය තවමත් සිහිනයක් පමණි. 


චාපි කෝසලා. 
මියුනිච්, ජර්මනිය.



අදහස් (0)

සම අයිතිවාසිකම් වරප්‍රසාදය කාන්තාවට සිහිනයක් පමණද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 167 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1019 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site