IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ශ්‍රී ලාංකික අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් මස 12 වැනිදා ඩුබායි හි සබීල් පාක්හිදී

 

2019 වර්ෂය සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ශ්‍රී ලාංකීය අලුත් අවුරුදු උත්සවයක් ඩුබායි හි සබීල් පාක් උද්‍යානයේ (මෙගා බෝල්) හි පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සූදානම් කර ඇත.   


මෙම සුවිශේෂී උත්සවය සංවිධානය කරනු ලබන්නේ ඩුබායි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ප්‍රමුඛ ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවයි.   


සියලු දෙනා තුළ ශ්‍රී ලාංකිකත්වය සමග සබැඳුණු සහෝදරත්වය, ශ්‍රී ලාංකික සංස්කෘතිය මෙන්ම අවුුුරුදු උත්සවශ්‍රීයෙන් සමන්විත සන්තුෂ්ටිය ඇති කිරීම අභිමතාර්ථව පවත්වනු ලබන මෙම උත්සවයේ සුවිශේෂීභාවය වෙන්නේ ශ්‍රී ලාංකික සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා වන කණා මුට්ටිය බිඳීම, කොට්ටා පොර, අලියාට ඇහැ තැබීම සහ සැඟවුණු අමුත්තා සෙවීම වැනි තරග ඉසව් සඳහා ශ්‍රී ලාංකික නොවන විදේශිකයන්ට ද සහභාගී වීමට අවස්ථාව හිමි වීමයි.   


මෙකී ක්‍රීඩා ඉසව්වලට අමතරව ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික කැවිලි පෙවිලි, නොමිලේ පවත්වනු ලබන වෛද්‍ය සායන, දන්ත වෛද්‍ය සහ ලේ දන්දීමේ කඳවුරු, නොමිලේ ඇස් කණ්ණාඩි බෙදාදීම සහ ශ්‍රී ලංකාවේ දේපළ මිලදී ගැනීම සම්බන්ධයෙන් ලබා දෙන උප​ෙදස් වැනි අංග රැසකින් මෙම උත්සවය විචිත්‍රවත් කෙරෙනු ඇත.   


තවද, මෙම උත්සව භූමියේ ස්ථාපිත කිරීමට නියමිත ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කෙරෙන සුවිශේෂී සංචාරක කලාපය මගින් ඊට ඇතුළත්වන විදේශිකයන්ට සෙල්ෆි (Selfie) ආකාරයට සිය ඡායාරූප රැගෙන ඒවා සමාජ මාධ්‍ය ජාලාවන්හි පළකොට ශ්‍රී ලංකාවට යෑම සඳහා ගුවන් ටිකට් පත් ඇතුළු අගනා තෑගි බෝග රැසක් දිනා ගැනීමට අවස්ථාවන් ද හිමිවනු ඇත.   


අලුත් අවුරුදු ප්‍රීතිය සියලු ජාතීන් සමග එක්ව බෙදා ගැනීම සංකේතවත් කරමින් ඩුබායිහි ස්ථාපිත සියලු කොන්සල් ජනරාල් කාර්යාලයන්හි කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට පමණක් සුවිශේෂී කඹ ඇදීමේ තරගයක් ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් මෙම උත්සවයට සමගාමීව සංවිධානය කර ඇති අතර එය මෙම උත්සවයේ එක් සුවිශේෂී අංගයක් වනු ඇත.   


තවද, මෙම උත්සවය අවසානයේදී ඊට සහභාගීවන්නන්ට ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ජන ගායනා මෙන්ම සංස්කෘතික සංදර්ශනයක් සුවිශේෂී ආකාරයෙන් ඉදිරිපත් කිරීම සඳහා සහන් රන්වල ප්‍රමුඛ 18 දෙනකුගෙන් යුක්ත ‘‘රන්වල බළකාය’’ සහ ශ්‍රී ලංකාවේ ජන ගී සම්බන්ධයෙන් සුප්‍රසිද්ධ සමන් ලෙනින් සහ නිලක්ෂි හැලපිටිය ඇතුළු ජන ගී කණ්ඩායම ද වි​ෙශ්ෂයෙන්ම ශ්‍රී ලංකාවේ සිට පැමිණීමට නියමිතය.   


තවද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකත්වය විසින් 2019 වර්ෂය Year of Tolerance හෙවත් ‘සහජීවනයේ වර්ෂය’ ලෙස නම් කිරීමට සමගාමීව මෙම උත්සවයේ ප්‍රධාන අංගයක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය - ශ්‍රී ලංකා සහජීවන මැරතන් ධාවනය (UAE - Sri Lanka run of Tolerance) පැවැත්වීමට ද මේ වෙනවිට සියලු කටයුතු යොදා අවසන්ය.   


පසුගිය වර්ෂයේ පෙබරවාරි මාසයේදී මෙම සබීල් උද්‍යානය තුළදීම ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සංවත්සරයට සහ ඩුබාහි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ස්ථාපනය කර 25 වසරේ සංවත්සරයට සමගාමීව 2018 ශ්‍රී ලාංකික දිනය පැවැත්වුණු අතර ඊට සහභාගී වූ ශ්‍රී ලාංකිකයන් පිරිස 25,000ක් ඉක්මවීය.   


මෙම වසරේද, පසුගිය වසරේදී මෙන් විවිධ ජාතීන්ට මෙන්ම විවිධ ආගම්වලට ද අයත් ශ්‍රී ලාංකිකයන් රැසක් මෙම උත්සවය විචිත්‍රවත් කරනු ඇත.   


මොබිටෙල් ශ්‍රී ලංකා සමාගම මෙහි ප්‍රධානතම අනුග්‍රාහකයා වන අතර (ප්ලැටිනම් කාණ්ඩයෙන්), ඩුබායි හි පිහිටි ප්‍රමුඛ කාර්ගෝ සමාගමක් වන ෆුයිකෝ සමාගම ද (ගෝල්ඩ් කාණ්ඩයෙන්) මීට අනුග්‍රාහකත්වය සැපයීමට නියමිතය. ඊට අමතරව ඩුබායිහි ස්ථාපිත රක් බැංකුව (RAK Bank), ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ඩුබායි ඩියුටි ෆ්‍රී (Dubai Duty free), ලුලු ගෘෘප් ඉන්ටර්නැෂනල් (Lulu Group International), අල් හාලියා එක්ස්චේන්ජ් සහ අල් අන්සාරි එක්ස්චේන්ජ් මෙහි සම අනුග්‍රාහකත්වය දරනු ලබයි. මීට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙම උත්සවයට නිල ගුවන් ගමන් සහකරු වශයෙන් සම්බන්ධ වෙන අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මෙහි සුවිශේෂී ඉලෙක්ට්‍රොනික මාධ්‍ය සහකරු වශයෙන් උත්සවය ආවරණය කිරීමට නියමිතය.   

 

 

 


සුරංගි අතුකෝරල   
සාජා සිට.



අදහස් (0)

ශ්‍රී ලාංකික අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් මස 12 වැනිදා ඩුබායි හි සබීල් පාක්හිදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 10 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site