IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


පැරණි පොම්පේ නටබුන් අතර අපූරු නිවාස පෙළක් සොයා ගනී

වසර 270 කට පසුවත් පුරාවිද්‍යා කැණීම් ඉවර නැහැ   

ඉතාලියේ නාපෝලි නගර මස්ථකයේ ඇති විසුවියස් ගිනි කන්ද ක්‍රි. ව. 79 දී පුපුරා යාමෙන් විනාශ වූ පොම්පේ සහ එර්කොලානෝ දෙනුවර පුරාවිද්‍යාත්මක කැණීම් අරඹා වසර 270 ක් ගතවී ඇතුවද, තවමත් අවසානයක් කරා පැමිණ නැත. මෙම දෙනුවර මුල්ම පුරාවිද්‍යාත්මක කැණීම්ලෙස වාර්තා වෙන්නේ 1748 දී කරන ලද කැණීම් ය. මෙහි විවිධ ස්ථානවල විවිධ ගනකමකින් ගණ බවට පත්ව ඇති ලාවා තට්ටු ඉවත් කිරීම පුරාවිද්‍යා කැණීම්වලදී ප්‍රධාන බාධකය වී ඇත. ක්‍රි. ව. 79 දී විසුවියස් ගිනිකන්ද පුපුරා යාමේදී ආවාටයෙන් මුලින්ම නිකුත්වූ ගල් කැබලි සහ අළුවලින් පොම්පේ සහ එර්කොලානෝ නගර දෙක මුළුමනින්ම වැසී යාමෙන් පසුව ගලා ආ ලාවා ඒ මත ගණ බවට පත්වීම හේතුවෙන්, ලාවා තට්ටුව යට මෙම දෙනුවර වසර දෙදහසකට ආසන්න කාලයකට පසුව වුවද තවමත් සැලකිය යුතු පමණකින් ආරක්ෂාවී පවතී.   


කාබන් කාල නීර්ණයට අනුව පොම්පේ සහ එර්කොලානෝ දෙනුවර ආරම්භය ක්‍රිස්තු පූර්ව දොළොස්වැනි සියවස දක්වා දිවයයි. ගන බවට පත්ව ඇති ලාවා තට්ටු ඉවත්කරගත් පසුව මෙම ශිෂ්ඨාචාරයේ පුරාවිද්‍යාත්මක කැණීම් තරමක් පහසු ය.   


පොම්පේ නගරයේ කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම්වලදී පසුගිය මැයි මාසයේදී මීටර් 1400 ක වපසරියක් තුළ රදළයන් වාසය කරන්නට ඇතැයි සිතිය හැකි සඳළුතල සහිත, එකිනෙකට යාබදව පිහිටි මන්දිර හතරක් මතුකරගෙන ඇත. මෙම සඳළුතල ප්‍රධාන මාවතකට මුහුණලා සිටින අයුරින් නිර්මාණය කර ඇති අතර, මෙම මන්දිර තුළ සිවිලිම සහ බිත්ති මත සිතුවම් රාශියක් ද ඇත. ඉදිරි පුරාවිද්‍යා කැණීම්වලදී මෙම මාවත සහ එයට මුහුණලා ඇති තවත් මන්දිර සොයාගත හැකිවේ යයි ඉතාලි පුරාවිද්‍යාඥයෝ කියති.   


උළු සෙවිලි කළ පියසිවලින් යුත් මෙම මන්දිර සඳළුතලවල, වයින් බහාලන මැටි ගුජම් සෝදා අව්වේ වේලාගැනීම පිණිස එදා තැන්පත් කර තිබූ ආකාරයෙන්ම තවමත් පවතී. මන්දිර තුළ ඇති බිතුසිතුවම් පොම්පේ සභ්‍යත්වයට ආවේනික වර්ණයන්ගෙන් නිමාකර ඇත. රතු පැහැ වයින්වල වර්ණය පොම්පේ වර්ණ අතර ප්‍රියතම වර්ණය වී තිබූ බව පුරාවිද්‍යාඥයින්ගේ මතයයි. නව සොයාගැනීමට ලක්වූ එක් මන්දිරයක මුළුතැන්ගෙයට යාබදව ජල පහසුකම් සහිත වැසිකිළියක් සොයාගෙන ඇති අතර, එහි බිත්ති පුරා සිතුවම් ඇඳ ඇත. මෙම නිවාස ඉදිරිපිට මනාව නඩත්තු කරන ලද උද්‍යාන සළකුණු ද හමුවී ඇති අතර, මෙම උද්‍යාන තුළ පළතුරු ගස් වගාකර තිබෙන්නට ඇති බව විශ්වාස කෙරේ. මන්දිරවල විශාලත්වය ගෘහ නිර්මාණය සහ අභ්‍යන්තර අලංකාරය අධ්‍යයනය කරන විද්වතුන් කියන්නේ, මෙම ප්‍රදේශය එදා ධනවතුන් වාසය කළ ප්‍රදේශයක් වියහැකි බව ය.   
මෙම කළාපය තවමත් සංචාරකයින්ට විවෘත නැත. පුරාවිද්‍යා කැණීම් නිමවූ පසුව සංරක්ෂණ වැඩකටයුතු ආරම්භ කළ යුතුව ඇත. මෙම මන්දිර සහ ඒ තුළ ඇති සිතුවම් සංරක්ෂණයේදී පොම්පේ ශිෂ්ඨාචාරය පිළිබඳව තව තවත් කරුණු හෙළිදරව් කරගැනීමට හැකි වෙතැයි විශ්වාස කෙරේ. මෙම කැණීම් සඳහා නවීනතම තාක්ෂණය උපයෝගී කරගනිමින් පුරාවිද්‍යාඥයින් සහ ක්ෂේත්‍රයේ ඉහළම සුදුසුකම් ඇති හතළිස් දෙනෙකු පමණ සහය වෙති. සමහරවිට සුළු නව සොයාගැනීමකින් මෙතෙක් ලියැවී ඇති මුළු පොම්පේ ඉතිහාසයම වෙනස් වීමට ද බැරි නැත.   


ඉතාලි සංචාරක ආකර්ෂණය අතර පොම්පේ සහ එර්කොලානෝ දෙනුවරට ද හිමිවෙන්නේ ප්‍රධාන ස්ථානයකි. වතිකානයට සහ කොලෝසියමට පසුව 2017 වසරේදී වැඩිම සංචාරක පිරිසක් විසින් නරඹා ඇත්තේ පොම්පේ සහ එර්කොලානෝ නටබුන් නගර දෙකය. පසුගිය වසරේ සංචාරකයෝ හතළිස් ලක්ෂ විසිතුන්දහස් නමසීයක් පොම්පේ නගරය නරඹා ඇති බව ඉතාලි සංචාරක දෙපාර්තමේන්තුව කියයි.   


පොම්පේ නගරයේ අලුතින් සොයාගන්නා ලද මන්දිරයක ඇතුළත හා ඒ තුළ ඇති බිතුසිතුවම් කීපයක් ද ඡායාරූපයන්ගෙන් දැක්වේ.   

 

 

 

යටියන 
ක්ලැරන්ස් කොස්තා   
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.  

 



අදහස් (0)

පැරණි පොම්පේ නටබුන් අතර අපූරු නිවාස පෙළක් සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31076 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13213 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 33 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site