
ශාක්‍යමුනි විහාරයේ සෑම මසකම පවත්වාගෙන යන ශීල භාවනා වැඩසටහන නවම් පොහොය මූලික කරගනිමින් මෙම තුන්වැනි ඉරුදින දවස පුරා ශාක්‍යමුනි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කටුවන සිද්දත්ථ ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදුකළහ.
එදින දහවල් සම්බුදු රජාණන් වහන්සේට මහා සංඝරත්නයට සිල්සමාදන්ව සිටි උපාසක උපාසිකාවන්ට දහවල් දානය පිරිනමන ලද්දේ රෝම ශාක්‍යමුනි විහාරයේ දායක පවුලක් වූ චන්ද්‍රා මහත්මිය සහ කුමුදු රම්මුතු ඇතුළු පවුලේ අය විසිනි. මෙයට වසර හතරකට පෙර මියගිය අනුර වසන්ත මහත්මාට පින් අනුමෝදන් කිරීම සඳහා මෙම දානමය පිංකම සිදුකළහ. ඒ අනුව අටපිරිකර පූජා කර පැන් වඩා අනුර මහත්මාට සසර දුකින් මිදී නිවන් මග අවබෝධ කරගන්නට ප්‍රාර්ථනා කළහ. සුජීවත්ව සිටින තම මෑණියන්ටද නිරෝගී සුවය ප්‍රාර්ථනා කළහ.
අප ශාක්‍ය මුණි විහාරාධිපති ස්වාමීන් වහන්සේ සිල් සමාදන් වුනු අප හැමෝටම ඉතා වටිනා දහම් කරුණු බණ භාවනා සූත්‍ර පිටකයේ කතා පාලිගාථා බොහොම සරලව සිංහල බසින් අපට දහම් අවබෝධය ලබාදුන්හ. අපි ඒ වෙනුවෙන් උන්වහන්සේට පිං දෙමු.
ලොවුතුරා බුදුපියාණන් වහන්සේ සැරියුත් මුගලන් දෙනම අගසවු තනතුරට පත්කළ නවම් පොහොය දින වැදගත් බව අපි කවුරුත් දනිමු. එම උතුම් පින්බර පොහොය සිහිපත් කරමින් ශාක්‍යමුණි විහාරයට නව සැරියුත් මුගලන් අගසවු පිළිම වහන්සේලා දෙනමක් පූජා කිරීමද මෙදින විශේෂිත වූ උතුම් පින්කමකි. රෝමයේ ශාක්‍යමුණි විහාරයේ දායක පින්වතුන් දෙපලක් වූ සංසලා-මේනක දෙපල මෙම උතුම් පින්කමට දායකත්වය ලබාදුන්හ. සංසලා නිශාදිගේ පියාවූ අභාවප්‍රාප්ත ඒ වත්තුහේවා මහත්මාට පින් පිණිස සහ මේනක සුරේන්ද්‍ර ගේ මියගිය පියාණන්වූ සෛරස් සුරේන්ද්‍ර මහත්මාට පිං පිණිස මෙම සැරියුත් මුගලන් පිළිම වහන්සේ දෙනම ශ්‍රී ලංකාවෙන් වැඩම කරවා ශාක්‍යමුණි විහාරයට පූජා කළහ.
සැන්දෑ භාගයේ ඉතා අලංකාර මල් පහන් ගිලන්පස බුද්ධ පූජාව පූජාකර ශාක්‍ය මුණි විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඉතා සුමධුර වූ බෝධි පූජාවක් පවත්වා නවම් පොහොයට සමගාමීව සිදුකළ උතුම් පිංකම නිමා කළහ.

ප්‍රේමා කංකානම්ගේ
ඡායාරූප චමින්ද පුෂ්පකුමාර
රෝමය, ඉතාලිය
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නවම් පොහොය සංකේතවත් කරමින් ශාක්‍යමුනි විහාරයේ පිංකම් රැසක්