IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


අති උත්කර්ෂවත් අන්දමින් සිදුකළ සයිප්‍රසයේ කඨින පිංකම

 

 

ශ්‍රී ගෞතම බුද්ධ රාජ්‍ය​ෙය් මනුසත් භවයක උපදින්නට ලැබුණ අප බෙහෙවින්ම වාසනා වන්තයෝ වෙමු. එබැවින් ​ෙමසසර ගමන කෙටිකර ගැනීමට කුසල් රැස්කර ගැනීමට පිං දහම්වල යෙදී කටයුතු කිරීමට යුහුසුලු වෙමු. විශේෂයෙන් මෙම කාලය එනම් වස් කාලය බෞද්ධ ප්‍රජාවගේ අති මහත් ගෞරවයට පාත්‍ර වූ කඨින චීවර පිංකම සිදුවන බැවින් සියලු බෞද්ධ ජනතාව ඒ ගැන උනන්දුවක් දක්වනු පෙනේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥප්තියට අනුව සිදු කරනු ලබන කඨින පිංකම අටමහ කුසල් වලින්ද පළමු වැන්න ලෙස හැඳින්වේ. ඇසළ පුර පොහොයෙන් වස් සීලය සමාදන් වෙන භික්ෂූන් වහන්සේලා තෙමසක් පුුරා එම ආරාම තුළ වැ​ඩ හිඳිමින් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව්පසයෙන් පිදුම් ලබමින් ගිහියනට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා ලබා දෙමින් වස් කාලය නිම කර වප් පොහොය උදාවීමත් සමග මෙම කඨින චීවර පිංකම සිදු කරනු ලබයි.  


අප මව් රට තුළ ගම් නියම්ගම් නෑරම සහ නගර වලද උතුම් වූ මෙම පිංකම සිද්ධ කරන අතර බෞද්ධයින් වෙසෙන විදෙස් රටවලද එම පින්වතුන් කඨින මහා පිංකම කිරීමට උනන්දුවක් දක්වන්නේ එහි සැබෑ අගය වටිනාකම දන්නා නිසාවෙනි. සැබැවින්ම මෙය රජ පිංකමකි.  


 බුදු දහමින් පෝෂණය වූ අප ලංකාදීපයේ ඉපිද සත්සමුදුරෙන් එහා අෑත රටක එනම් දෙවියන් ගේ රටක තම සේවය කරන්නට සිදුව තනිවන අයට මෙවැනි පිංකම් කිරීමට ලැබේනම් එය කෙතරම් භාග්‍යයක්ද.  


දෙවියන්ගේ රටක් වන සයිප්‍රස් රාජ්‍යයට එවන් වාසනාවක් උදා වූයේ දැනට වසර 14කට පෙරය. සසරේ අනාථවූවන්ට එකම පිළිසරණ නම් සනාථ වූ නිර්මල බුදුදහම ක්‍රිස්තියානුවන්ගෙන් ගහන වූ මෙම සයිප්‍රස් දේශයට එම බුදුදහමේ පණිවිඩය රැගෙන ආ අපේ ගෞරවණීය බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නම් කැලණිය වේවැල්දූව නාගරුක්ඛාරාමය සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාම යන උභය විහාරාධිපති සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක කාව්‍ය විභූෂණ ශ්‍රී මොරවක සෝරත නායක ස්වාමීන් වහස්සේයි. 2005 වර්ෂයෙන් ආරම්භ වූ සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාමය එදා මෙදාතුර සෑම වසරක් පාසාම කඨික පිංකම ඉතාම උත්සවශ්‍රීයෙන් පවත්වන අතර ඊට අමතරව අප ශ්‍රී ලංකාරාම විහාරස්ථානයෙන් මෙහි වෙසෙන බෞද්ධ අබෞද්ධ සෑම ලාංකිකයෙකුගේම යහපත පිණීස අනුපමේය මෙහෙවරක් ඉටු කරනු ලබයි.  


මෙවර සයිප්‍රසයේ කඨින පිංකම සිදු කරනු ලැබුවේ 2018 නොවැම්බර් මස 17 සහ 18 යන දෙදින තුළයි. 17 වැනි සෙනසුරාදා රාත්‍රීයේ නගර හතර නියෝජනය කරමින් පැමිණි සැදැහැවතුන්ගන් නිකෝසියා සඳහම් සෙවන පිරී ඉතිරී ගියේය. ප්‍රථමයෙන් සම්බුද්ධ පූජාව. ඉන් අනතුරුව ගරුතර මොරවක සෝරත නායක ස්වාමීන් වහන්සේ සහ ගම්පහ යාගොඩ සෙත්සෙවන විහාරාධිපති කාව්‍ය ශිරෝමණී ආචාර්ය පූජ්‍ය සන්නස්ගම සිරි බුද්ධප්‍රිය යන ස්වාමීන් වහන්සේ දෙනමගේ සුමධුර වූ යුගාසන කවි බණ දේශනයක් පැවැත්වූහ. ඉන්පසු එදින පහන්වනතුරු පිරිත් දේශනාවකි. පසු දින එනම් 18 වැනි ඉරු දින ද කඨීන චීවර පූජා කිරීමේ උතුම් වූ ආගමික උත්සවයට විශාල පිරිසකගේ පැමිණීමක් දක්නට ලැබිණි. විශේෂයෙන් විදේශිකයන්ද මෙම අවස්ථාව දැකබලා ගැනීමට පැමිණ සිටියහ. මෙවර ශ්‍රී ලංකාරාමයේ වස් වසා වැඩ සිටි නිට්ටඹුව සාරිපුත්‍ර විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති රන්මුතුගල විහාරවාසි ශාස්ත්‍රපති අමුණුපුරේ ශීලවංස ස්වාමින් වහන්සේට කඨින චීවරය පූජා කිරීම, දහවල දානය, ඉන් අනතුරුව කඨිනානිසංස දේශනාවද සිදු කරනු ලැබීය. මෙම අවස්ථාවට මහමෙව්නා භාවනා අසපුවේ ස්වාමීන් වහන්සේ නමක්ද වැඩම කරන්නට යෙදින. තවද නව කොන්සාල් ජනරල්තුමා වන රෝහන අඹගොල්ල මහතා සහ එම මහත්මියද මෙම උත්සවයට සහභාගි වූහ. පැමිණි සියලුම දෙනාට දහවල් ආහාරය පිණිස මහා බත් දන්සැලක් ද බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් පැවැත්විය. මව්බිමෙන් එහා ඈත රටක හිඳිමින් ජීවිතය සරිකරගන්න​ට වෙහෙ​ෙසන ඔබගේ සිත් සතන් තුළට මව්බිමේ අසිරිය මව්බිමේ සුවඳ සිහි ගන්වා සතුට සැනසුම සහ අධ්‍යාත්මික සුවය ළඟා කර දෙන්නට වෙර දරන ශ්‍රී ලංකාරාමයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුලු වරින්වර මෙරටට වඩිනා ස්වාමීන් වහස්සේලාට ආශිර්වාද වේවා. මෙම පිංකම සාර්ථක කර ගැනීමට වෙහෙස මහන්සි වූ ලංකා දේවී කුලඟන සමිතියේ සියලුදෙනාටත් අතහිත දුන් ආධාර උපකාර කළ සියලුම දෙනාටත් පිං අත්වේවා. ආශිර්වාද වේවා.   
විමලා යාපා 
සයිප්‍රස් සිට.   



අදහස් (0)

අති උත්කර්ෂවත් අන්දමින් සිදුකළ සයිප්‍රසයේ කඨින පිංකම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 241 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 737 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site