එම්බා ශාපලත් යුද්ධය. මානව සංහතිය ඉදිරිපිට තා සාපරාධී වරදකරුවෙකැයි මම තීන්දු කරමි. තා උපත ලැබූ දින සිටම ගෙන ආවේ විනාශය භීතිය හා ශෝකය පමණි. එදා වියට්නාමයේදී ද, ඇෆ්ගනිස්ථානයේදී ද, මෙදා සිරියාවේදී ද තගේ කුරිරුකම එකසේම ය. කුරිරු තා අන්ධ යයි මම කියමි. තා ජනතාව අවතැන් කළෙහි ය. ලක්ෂ ගණනින් ජනතාව සරණාගත කඳවුරු තුළ ගාල් කළේ තා ය. තා ස්වාමිවරුන්ගෙන් බිරින්දෑවන් උදුරා ගත්තේය. බිරින්දෑවරුන්ගෙන් ස්වාමිවරුන් උදුරා ගත්තේය. දරුවන්ගෙන් දෙමාපියවරුන් උදුරාගත්තේ ද තා ම ය. ආබාධිත පරම්පරාවක් තා විසින් බිහි කළ බව තට ම මතක නැත. රුධිරය ගලා යද්දී තා වියරුව සිනාසුනේය. තගෙන් වඩාත්ම පීඩාවට පත්වූවෝ දරුවෝ ය. හය හතරක් නොදන්නා දරුවෝ ය. ලොව සසල කළ සෑම ඡායාරූපයකින්ම පෙන්නුම් කළේ, තගේ වියරු බවින් විපතට පත් දරුවෝ ය.
පසුගිය දා සිරියාවේ නැගෙනහිර ඝෝටා ප්‍රදේශයේ හමොරියාහිදී තගේ කුරිරු බවින් අවතැන්ව පලායන පියෙකු අත රැඳි ගමන් මල්ලක් තුළ නිද්‍රාශීලීව සිටින දරුවාගේ ඡායාරූපය, තගේ අලුත්ම කෲරත්වයේ තවත් එක් සිහිවටනයක් පමණි. මීට වසර හතළිස් හයකට පෙර වියට්නාමයේ සයිගොන්හිදී තා විසින් එල්ල කරන ලද නාපාම් ගිනිජාලා ප්‍රහාරයෙන් දැවී නිරුවතින් මහමග දිවගිය කිම් නම්වූ දැරියගේ පිළිස්සුණු ශරීරය මුළු ලොවම දුටුවද, තා දුටුවේ නැත. ඇෆ්ගනිස්තානයේ බහ නොතේරෙන දැරිවියෝ අනාථ කඳවුරුවලදී ලිංගිකව කෙළෙසෙද්දී තා සිටියේ දෑස පියාගෙන ය. තගේ කුරිරුකම හේතුවෙන් සිරියාවෙන් පලා යද්දී මුහුදට බිලිවී තුර්කි වෙරළට ගොඩගසා තිබුණු ඇලන් නම් සිරියානු දරුවාගේ සිරුර තට පෙනුනේ නැත.
මෙදා ද තා නිසා සිරියාවෙන් පලායන පියෙකු අත රැඳි ගමන් මල්ලේ නිද්‍රාශීලීව සිටින නොදරුවා තට නොපෙනෙන බව මම දනිමි. තා අන්ධ පමණක් නොව බිහිරි යැයි ද මම කියමි. ප්‍රියයන් අහිමිවූවන්ගේ මොරගෑම ද, දෙමාපියන් අහිමිවූ දරුවෝ නගන විලාප හඬ ද, දරුවන් අහිමිවූ දෙමාපියන්ගේ අඳෝනා ද තට ඇසුනේ නැත.
මම තට ශාප කරමි. තගේ නිර්මාතෘවරුන් ද තා ඇතිදැඩි කරන්නෝ ද මිනිස් දරුවෝ නොව තිරිසනුන්මය. නැත මම එතැනදී වැරදිය. තිරිසනුන් දඩයම් කරන්නේ කුසගින්න නිවාගැනීම සඳහා ය. එහෙත් තවත් මිනිසකු මරා දැමීමට තරම් මිනිසා මිනිසාටම එරෙහි වෙන්නේ නම්, ඔවුන් තිරිසනුන්ටත් වඩා අන්ත යැයි කියමින් මම වරද නිවැරදි කරමි.
මම තට ශාප කරමි. තා දැහැට නොපෙනී යනතුරු මම තට වෛර කරමි. මනුෂ්‍ය සංහතියේ නාමයෙන් මම තට නියෝග කරමි, මේ ඡායාරූප දෙස බලන් කඩතුරා හැර දෑසේ.
චාපි කෝසලා
මියුනිච්
ලෝකය, පහත රට ශාන්තිකර්මවල යොදාගන්නා දෙකොන විලක්කුවක් සේ ගිනි ඇවිළෙමින් පවතින අවස්ථාවකි මේ. නැගෙනහිර යුරෝපයේ දෙවසරක් පුරා ඇවිළෙන, විසඳුමක සේයාවක්වත්
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වනවිට මිනිස් ජීවිත දහස් ගණනකට මරු කැඳවමින් තවත් ලක්ෂ ගණනක් අසාධ්‍ය තත්ත්වයට පත් කරමින් ලෝකයේ 150 කට අධික රටවලට ව්‍යාප්ත
ඉතාලියේ කොරෝනා වෛරසය ඇති බව පසුගිය පෙබරවාරි මස විසි වැනිදා හෙළිවීමත් සමගම උතුරු ඉතාලියේ මිලානෝ නගරය මූලික කරගත් ලොම්බාර්දියා ප්‍රදේශය ඇතුළු උතුරේ ප්
රෝම නගර සභා සීමාවට අයත් ප්‍රදේශය තුළ නේවාසික විදේශිකයන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූදෙදහස් පන්සීයකි. මෙය රෝමයේ මුළු ජනගහණයෙන් 13.4% ක ප්රතිශතයකි. රෝම නගර සභ
මේ වනවිට ලෝකයේ විවිධ රටවල සමහර ප්‍රදේශවල පැතිර යන කොරෝනා නොහොත් කෝවිඩ් 19 ලෙස හඳුන්වන මාරාන්තික වෛරසය ප්‍රංශ පාර්ලිමේන්තුවද ආක්‍රමණය කොට ඇත්තේය.
මේ වෙනවිට ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන කොරෝනා වයිරසය මැදපෙරදිග රටවලටත් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව විවිධ මාධ්‍ය සහ තොරතුරු සනාථ කරයි. චීනය මූලික
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බළවතුන්ගේ ශාපලත් යුද්ධයේ රුධිර පිපාසය සංසිඳෙන්නේ මිනිස් වර්ගයා වැනසුණු දිනේද ?