
(ඔගස්ටින් ප්‍රනාන්දු)
නවගත්තේගම පොලිස් ස්ථානාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැන වදිමින් ඔහුගේ රාජකාරියට බාධා කළ ශ්‍රී ලංකා පොදුජන පක්ෂ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂකයා සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියකු කීය.
මැතිවරණ නිතී රිතී උල්ලංඝනය කරමින් නවගත්තේගම ප්‍රදේශයේ අතුරු මාර්ගයන් හි රථ පෙළපාළියක නිරතව සිටියදී නීතිය ක්‍රියාත්මක කිරිමට ගිය පොලිස් ස්ථානාධිපතිට බැන තිබේ.
මෙම අපේක්ෂකයා අද (2) රථවාහන හතරක මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරමින් තමාගේ නම අංකය හා පක්ෂයේ නම දක්වමින් ස්ටිකර් අලවා ගෙන වාහන නවගත්තේගම ප්‍රදේශය පුරා පෙළපාළියකින් සංචාරය කරමින් සිට ඇත.
පසුව ස්ථානාධිපතිවරයා මෙම සිද්ධිය සිය දින සටහන් පොතේ සදහන් කරමින් සිය උසස් නිලධාරින්ට දන්වා තිබේ.
මෙම පැමිණිල්ල අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියකු කීය.
COMMENTS
පොදු ජන පක්ෂයේ නොව මොන පක්ෂයක වුවත් මෙය නම් තිරිසන් වැඩකි. එබැවින් මොහු කූඩු කළ යුතුමයි.
කව්ද ඒ පුත්තලමේ බූරුවා..?
රට රකින විරුවා දැනගන්න ඕනේ මේ වගේ අයට කණට දෙකක් ගහලා හදන්න.
බලමු ව්‍යවස්ථාව වෙනස් නොකර මේ තියෙන දෙයින් හරි රාජකාරිය කරනවද කියලා..
අනේ පුත්තලම් ජනතාවනි, නීතිය කඩන අය නීතිය කඩන තැනට එවන්න එපා මොවුන්ව නැවත පාර්ලිමේන්තුවට ආවොත් ඔබලා නැවත පුත්තලම් බූරුවන් වෙනවා.
මෙවැනි අයට නාමයෝජනා දුන් අය ඉස්සෙලාම ගෙදර යවන්න.
"ලොකු රාලහාමි " ,ඔයගොල්ලොත් අතේ හිරි ඇරගන්න, චන්ඩි පාට් දමන්නේ දුප්පත් , යමක් කමක් කර කියා ගන්න බැරි අහිංසකයින්ට බව කවුරුත් දන්නවා.