ඉතිහාසයේ මෙවන් සතියක.....
යානයේ ගමන්ගත් පිරිස
සමස්ථ ලෝකයේ ම දෑස් ඇමෙරිකාව දෙසට යොමු වී තිබිණි. දිනය අදින් වසර 34කට පෙරාතුව මෙවන් සතියක ජනවාරි 28 වැනිදා ය. ඇමෙරිකාවේ ෆ්ලොරීඩාහි කැනැවරල් තුඩුවේ පිහිටි කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ඓතිහාසික අභ්‍යාවකාශ ගමනකට සියලු පිඹුරුපත් සකසා තිබිණි. ඒ ලෝක ඉතිහාසයේ ප්‍රථමවතාවට සාමාන්‍ය සිවිල් පුරවැසියකු ද සහිතව අභ්‍යාවකාශ යානයක් යැවීමයි.
සියල්ල සූදානම්ය. එදින උදෑසන 11.39ට ගණනය කිරීම් ආරම්භ කෙරිණි. කෙනඩි තුඩුවට රැස්වී ලක්ෂ සංඛ්‍යාත පිරිසක් උඩුගුවන දෙස දෑස් දල්වා බලා සිටිය දී ඒ දසුන ලෝකය පුරා කෝටි සංඛ්‍යාත මිනිසුන්ට සජීවී විකාශ මගින් රූපවාහිනියෙන් නැරඹීමට අවස්ථාව ලබා දී තිබිණි.
අවසන් තත්ත්පරයේ දී ද සියල්ල නිවැරදිව සිදුවන බව තහවුරුකරගැනීමෙන් පසු අභ්‍යාවකාශ යානය ගමන් ඇරඹීය. පෘථිවියෙන් මිදී අහසට නැගුණු යානය දෙස දෑස් දල්වා බලා සිටින අය මෙන්ම රූපවාහිනී තිරයේ මෙය නරඹන සියලු දෙනා වික්ෂිප්ත කරමින් මොහොතකින් යානය පුපුරා ගියේය.
ලෝකයේ අභ්‍යාවකාශ ඉතිහාසයේ දරුණුතම විනාශය එය ලෙස අදට ද පිළිගැනේ.
මේ චාරිකාව සඳහා එක්ව සිටි සාමාන්‍ය පුරවැසියකු වූ ක්‍රිස්ටා මැකෝලිෆ් මහත්මිය සමග ගගනගාමීන් වන රිචඞ් ස්කොබී, මයිකල් ජේ. ස්මිත්, ජුඩිත් රෙස්නික්, එලිසන් ඔනිසුකා, රොනල්ඞ් මැක්නයර් සහ ග්‍රෙග් ජාවිස් ක්ෂණයින් මරු වැළඳ ගත්හ. යානයේ කොටස් ගිනිගෙන පුපුරා ඒ මේ අත විසිරී ගියේය.
කාගේත් කතා බහට ලක්වූයේ මේ ගමනට එක්ව සිටි ක්‍රිස්ටා මැකෝලිෆ් ය. ඇය ගුරුවරියකි. තාරකා විද්‍යාවට දැඩි සේ ඇලුම්කළ ඇයේ සිහිනය වූයේ අභ්‍යාවකාශ තරණයයි. 1984 දී නාසා ආයතනය අභ්‍යාවකාශ චාරිකාවක් සඳහා විද්‍යාඥයකු හෝ ගගනගාමියකු නොවන සිවිල් පුරවැසියකුට අවස්ථාවක් දෙන බවට නිවේදනය කිරමින් අයදුම් පත් කැඳවා තිබිණි. ලොව පුරා පුද්ගලයන් 10,000කට වැඩි පිපරිසකගෙන් මේ සඳහා අයදුම්පත් ලැබුණු අතර ටික දිනකින් ක්‍රිස්ටා දැනගත්තේ තමන්ට ඒ අද්විතීය අවස්ථාව ලැබී ඇති බවයි. ඇයගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පරීක්ෂා කළ නාසා ආයතනය ඇය අවශ්‍ය පුහුණුවීම් සඳහා යොමු කෙරිණි. ඉන් අනතුරුව ගගනගාමීන් සමග අදාල පුහුණුව ලැබූ ක්‍රිස්ටා ලෝක ඉතිහාසයේ අභ්‍යාවකාශයට ගිය පළමු පුරවැසියා වීමේ සිහිනය දකිමින් පසු වූවාය. ඇගේ බලාපොරොත්තුව වූයේ අභ්‍යාවකාශයට ගොස් පැමිණ ලබාගන්නා අත්දැකීම් සම්බන්ධයෙන් ලෝකය පුරා දේශන පැවැත්වීමයි.
නාසා ආයතනය මේ චාරිකාව සඳහා යොදාගන්නා ලද්දේ 1983 අප්‍රේල් මස 04 වැනිදා මුල්වරට ගුවන්ගත කළ චැලෙන්ජර් නම් අභ්‍යාවකාශ ෂටලයයි. මෙම චාරිකාවට පෙර එය නම වතාවක් අභ්‍යාවකාශ ගත වී සාර්ථකව ගමන නිමාකර තිබිණි.
මේ චාරිකාව සඳහා ඔවුන් යොදාගෙන තිබූ දිනය වූයේ ජනවරි 20 වැනි දිනය වුව ද එදින කැනැවරල් තුඩුව අවට කාලගුණය අයහපත් වීම හේතුවෙන් ගමන දින කිහිපයකට කල් දැමිණි. මේ සඳහා තාක්ෂණ දෝෂ කිහිපයක් ද බලපෑ බව පසුව අනාවරණය විය.
ජනවාරි මස 27 වැනි දා වනවිට කාලගුණ තත්ත්වය යහපත් වූ හෙයින් 28 වැනි දා උදේ 11.39 ට චාරිකාව ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කෙරිණි. එදින උදෑසන ද ෆ්ලොරිඩාවේ තරමක ශීත දේශගුණයක් පැවතිණි.
නාසා බලධාරීන් සියල්ල පරීක්ෂා කර යානයේ සියලු දෑ නිසි පරිදි සිදුවන්නේ දැයි සොයා බැලීය. සියල්ල හොඳ තත්ත්වයේ පවතින බවට වාර්තා විය. නමුත් කාර්මික ශිල්පීන් බලධාරීන්ට කියා සිටියේ යානයේ රොකට් බලගන්වන ස්ථානයන්හි ඇති රවුම් හැඩැති මුදු පිළිබඳ වඩාත් සැළකිලිමත් විය යුතු බවයි. මේවා ශීතල දේශගුණය හමුවේ දුර්වල වී ක්‍රියා විරහිත විය හැකි බව දන්නා නිලධාරීන් යළි ඒවා පරීක්ෂා කර හොඳ තත්ත්වයේ පවතින බව තහවුරු කරන ලදී.
නියමිත වේලාව එළැඹ තිබිණි. උදෑසන 11.39ට චැලෙන්ජර් යානය අභ්‍යාවකාශය දක්වා යන ගමන ආරම්භ කළේ රැස්ව සිටි ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ඔල්වරසන් මධ්‍යයේය. ගුවන්ගත වී තත්ත්පරයෙන් තත්ත්පරය ගත වන්නට විය. යානය වේගයෙන් ඉහළ අහසට ඇදී යයි නමුත් 73 වැනි තත්පරයේ දී යානය වෙලාගෙන ගිනි ජාලාවක් පැතිර ගිය අතර ක්ෂණයකින් එය පුපුරා ගිනි ගන්නා කොටස් අහස් තලයේ ඒ මේ අත විසිර ගියේය.
චැලෙන්ජර් යානය පුපුරා යාම
ක්‍රිස්ටාගේ සැමියා ස්ටීවන් ජේම්ස් මැක්ලිෆ් සහ ඇගේ ස්කොට් හා කැරලින් දරු දෙදෙනා සිදුවූ විනාශය අදහාගත නොහැකිව හඬා වැළපිණි.
එවකට ඇමෙරිකාවේ ජනාධපති රොනල්ඞ් රේගන් මේ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වහාම කොමිසමක් පත්කරන ලද අතර සඳ මත පා තැබූ මුල්ම මිනිසා වූ නීල් ආම්ස්ට්‍රෝං ද එයට ඇතුළත් කෙරිණි.
කොමිසමේ වාර්තාවේ දැක්වූයේ කාර්මික ශිල්පීන් අනතුරු ඇඟවූ රොකට් බලගන්වනයේ රවුම් ම්‍රදාව අකර්මණ්‍ය වීමෙන් ගිනිදළු ඒවායෙන් පිටතට පැමිණ යානයේ බාහිර තෙල් ටැංකියට හානි වීමෙන් පිපිරීම සිදුව ඇති බවයි.
එදා බලධාරීන් මේ පිළිබඳ අවධානය යොමු කළා නම් මේ අනතුර සිදු නොවනු ඇත. අභ්‍යාවකාශයට යාමට සුදුසුකම් ලබා සිටි පළමු සිවිල් වැසියාගේ ජීවිතය එසේ අවසන් නොවනු ඇත.
අනතුරින් පසු නාසා ආයතනය මිනිසුන් සහිත යානා අභ්‍යාවකාශ ගතකිරීම කෙටිකාලකට නවතා දැමීය. ඉන් පසු අභ්‍යාවකාශ ශටලවල වෙනස්කම් කිහිපයක්ම සිදුකළ නාසා ආයතනය යළි මිනිසකු අභ්‍යාවකාශයට යවන ලද්දේ 1988 වර්ෂයේ දී ය.
සජීව විජේවීර
ඡායාරූප අන්තර්ජාලයෙනි
මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනත
මිනිසා බැබළිය යුත්තේ තම ජීවන ඇත්දැකීම් තුළින්. ඒ දැනුම කිසිම උගත්කමට දෙවැනි වෙන්නේ නෑ. මිනිසා බුදධිමතකු හෝ දේශපාලනයකු වන්නේ ගිරවකු වගේ ජනතාව ඇමතීමෙන්
එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ
එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ
කාන්තා දින කොතරම් පසු වුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රට
රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ඇමෙරිකාව තිගැස්සූ අභ්‍යාවකාශ අනතුර