IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


අහිමි සතුට

 

නැටුම් සංදර්ශනයේ සියලු පාර්ශවකරුවන් මෙන්ම, නැටුම් හා සංගීත කණ්ඩායමේ සාමාජිකයින් හැම කෙනෙක්ම පාහේ ඒ වනවිටත් අපි හඳුනාගෙන සිටියෙමු. මාවෝ යම් තැනකට යනවිට ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයින් මෙන්ම ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා සහ ඔහුගේ ලේකම්වරු සියලු දෙනාම පාහේ පැමිණෙති. කලින් දැන හැදුනුම්කම් වගා දිගාකරගෙන සිටි අප පැරණි මිතුරන් මෙන් එකිනෙකාට සුබ පැතුවේ තවත් ප්‍රීතිමත් සැන්දෑවක් සනිටුහන් කරමිනි.


නමුත් මේ විනෝදකාමී නිදහස් වාතාවරණය උපන්ගෙයිම අතුරුදන් විය. නැටුම් ශාලාව එක්වරම අසහනකාරි නිහැඬියාවකට ඇද වැටුණි. වෙනදා මෙන් මාවෝ සමග දොඩමලු වන්නට බලාසිටි තරුණ පිරිස් මාවෝ පිවිසෙනවිට දෙපසට වී බැරෑරුම් ස්වරූපයෙන් යුතුව සිටගෙන අත්පොළසන් දුන්නේ යාන්ත්‍රික විලසිනි. ආරූඪකරගත් උදාරම් ලීලාවෙන් යුතුව මාවෝ පසුපස සිටගෙන සිටියේ ජියැන්ග් කුයින්ය. ඇය වතින් දිස්වුවේ මාන්නාධික උඩඟු පෙනුමකි. ඇගේ දර්ශනයෙන් හැමකෙනෙක් තුළම කැලඹුණු සුලු ගතියක් මතුවුණු අතර ඇගෙන් ඈත්ව සිටින්නට උත්සාහ දැරූහ. පිරිසේ අසහනකාරි තත්ත්වය අවබෝධකරගත් මාවෝ එය මගහැරවිමට විහි`එ තහ`එ කළ ද ඉන් ප්‍රයෝජනයක් නොවිණි. මාවෝ බලාපොරොත්තුව සිටි තහංචි නොමැති නිදහස්කාමී වාතාවරණය අහිමිවිය. මාවෝ මේ සියල්ල නිරික්ෂණය කළේ දෘශ්‍යමාන අසතුටකිනි. සුවපහසු අසුනක වාඩිගෙන සිටි ඔහු මට හෙමිහිට කෙඳිරුවේය. “එයා සේරම කාලා දැම්මා.”


වාදක කණ්ඩායම වාදනය ඇරඹූ අතර නැටුම් ශිල්පියෝ වාදනයට අනුව නටන්නට වේදිකාවට පැමිණීයහ. තවත් මොහොතකින් මහ හඬින් කරන කෑ ගැසීමක් ඇසුණි.


“ඔය සංගීතය නවත්වන්න. ඒක මහා කන් කරච්චලයක්. වෙනත් එකක් වාදනය කරන්න.” ඒ ජියැන්ග්ය. ඇය තමාගේ තෘප්තිය වෙනුවෙන් නිතරම කරන්නාක් මෙන් පිළිගැනීමේ නිළධාරිනියක් සමග සංගිත කණ්ඩායම සිටින වේදිකාව මතට ගමන් කළේ සියලු දෙනාගේම අවධානය ඇයවෙත ඇදගනිමිනි. වාදනය කිරීම සඳහා ඇයට කැමති තනුවක් තෝරා ගැනීමට වාදක කණ්ඩායමේ නායකයා තනු ගණනාවක් ඇයට ලබා දුන්නේය. ඒ එකක්වත් සුදුසු නැතිබව පවසමින් ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කළේ පළපුරුදු සංගීතඥයෙකු විලසිනි. ජියැන්ගේ මේ සංගීත දැනුම පිළිබඳ අප මෙන්ම සංගීත කණ්ඩායමේ සාමාජිකයෝද පුදුමයෙන් බලාසිටියහ. මාවෝ තරහින් තදින් හුස්ම ගන්නට විය. ටික වේලාවකට පසු ඇය තනු කිහිපයක් වාදනය කරන්නට අවසර දුන් පසු නැටුම නැවත ආරම්භ කෙරිණි.


මාවෝ සමග මුලින්ම නැටුවේ ජියැන්ග්ය. ඇයට සාධාරණයක් ඉෂ්ටකරනු වස් ඇය විශිෂ්ට නැටුම් ශිල්පිනියක් බව කිය යුතුය. ඇය නටන විට සුකොමල ලාලිත්‍යයක් ඇවෙතින් දිස්විය. කෙසේ වෙතත් ඇගේ නර්තනය විධිමත් ක්‍රමානුකූල බවකින් යුතුවු නිසා උණුසුම් ප්‍රාණවත්බවක් නොවීය. 


මාවෝ මට ඇසෙන් ඉඟියක් කළ විට මම අනිකුත් ආරක්ෂකයන් පෙළ ගැස්සීමි. යළි සංගීතය ඇරඹුණු විට ලී ලියැන්ග්චෙන් ජියැන්ග් කරා ගියේය. එනිසා මාවෝ ට තම නැටුම් සගයා මාරුකිරීමේ ඉඩ ලැබුණි. 


තරුණ කොටස් නැටුමේ උච්ස්ථානයට පැමිණ නටද්දී ප්‍රීතිමත් මිනිසුන් පුදුමයට පත්කරමින් ජියැන්ග් නැවතත් මහ හඬින් කෑ ගැසුවාය. මෙවර ඇය කෑ ගැසුවේ ඇගේ අත් කන්වලට තබා ගෙනය. “සද්දෙ වැඩියි, සද්දෙ වැඩියි, මේ සද්දෙට කන් බිහිරිවෙනවා. මේ වගේ ඝෝෂාකාරි විදිහට වාදනය කරණවාට වඩා දෙයක් ඔයාලා දන්නෙ නැතිද?. මුදු විදිහට වාදනය කරන්න බැරිද?.”
මාවෝ දැඩි සිත් තැවුලට පත්කරමින් හැමදෙනෙක් මෙන්ම ඒ මුළු සන්ධ්‍යාවම ජියැන්ග් නොසන්සුන් තත්ත්වයට පත් කළාය. ආපසු සංචාරක බංගලාවට ගියවිට මාවෝ තදින් හුස්ම ගනිමින් තරහින් මෙසේ කීවේය. “සේරම සතුට නැතිකරපු හැටි!. එයා කොහෙ ගියත් සතුට සේරම විනාශ කරණවා. මට නම් ආයේ එයා දකින්නවත් ඕනැ නැහැ.”


ජියැන්ග් මේ ලෙස හැසිරුණු අවස්ථා කිහිපයකදීම මාවෝ ඇය මග හැරියේය. මාවෝ බොහෝ අවස්ථාවල මට , ටියැන්ග් යුනූට, නැතිනම් ෆෙන්ග් ට කියු දෙයක් නම් “ජියැන්ග් හැම දෙනෙකුගේම  සතුට විනාශකරණවා. එයා හැමකෙනෙකුටම දුක් දෙනවා.”යන්නයි.


මාවෝ කුමන හෝ නැවතුම්පොළක නැවතුණ විට ජියැන්ග් එතනට එනබව දැනගත්තොත් වහාම එතැනින් පිටව ගියේය. 1959 වසරේ දිනක ඔහු ගුවැන්සුහි දී මෙවන් දෙයක් කළේය. ඇය එනබැව් ආරංචිවූ ඔහු අපට මෙසේ කීවේය. “එයා මෙහෙ ආවොත් අපි නැතිකරාවි. අපි දැන්ම මෙහෙන් යමු.”

ආරියනන්ද
දොඹගහවත්ත



අදහස් (0)

අහිමි සතුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1003 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site