රාත්‍රී කාලයේ සුව නින්ද මිනිසාගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයට ඉතා වැදගත් බවත් ලෙඩ රෝග ඇතිකරන විස බීජවලින් ආරක්ෂාවීමට හේතුවක් බවත් ජර්මනියේ ටියුබින්ජන් සරසවිය කළ නව අධ්‍යයනයකින් සොයා ගෙන ඇත.
එහි පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ විවිධ රෝග වලට එරෙහිව අප සිරුරේ ආරක්ෂාව නින්දේදී වඩාත් තහවුරු වන බවයි. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ අනාගතයේදී නැවත වතාවක් සිරුර ආක්‍රමණය කළහොත් ඒවාට එරෙහිව ක්‍රියාත්මක වීමට රාත්‍රියේ නිදාගෙන සිටිද්දී ශරීරයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියට නැවත මතක් කිරීමක් සිදුවන බව ඔවුහු පෙන්වා දෙති.
අපගේ මතක ශක්තිය හා ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය කෙටි කාලීන තොරතුරු ගබඩාකර ගැනීම සිදුකරන අතර නින්දේදී එය දිගුකාලීනව සිදුකරගැනීමේ හැකියාවක් ඇතැයි එම අධ්‍යයනයෙන් පෙන්වා දෙයි.
මනෝවිද්‍යාත්මකව සුව නින්දක් ලැබීම හේතුවෙන් අදාළ තොරතුරු සන්නිවේදනය ශක්තිමත් හා දිගු කිරීමට හැකියාව ලබාදෙන බව කියති. නිදා ගැනීමේ කාලය දිගු වීම එම මතකය රඳවා තබා ගැනීමේ කාලයද දිගු කරන බව එයින් පෙන්වා දේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පණ්ඩිතයන්ට ඒදණ්ඩේ යන්න බැරුවා වගේම පණ්ඩිතයන්ට තව කෙනෙක් කියන දෙයක් තේරුම් ගන්නත් බැහැ. මොකද මොළේ වැඩියි. අවශ්‍ය දේවල් වලට වඩා හිතන්නේ බහුබූත දේවල්. එකනේ බුදුන්ගේ කාලෙත් වැඩියෙන්ම සුනීත, සෝපාක, අංගුලිමාල, අම්රපාලි වගේ අය නිවන් අවබෝධ කලේ. එයාල අසරණ වෙලා හිටියට මොළේ අනවශ්‍ය කුණු පිරිලා තිබුනේ නැහැ අද ඉන්න මිනිසුන්ගේ වගේ. කියනදේ තේරිලා ඒක විදර්ශන කරලා එතෙර වුණා. එක තැනක කියන දෙයක් විතරක් අරන් කෑ ගහනවා, කියල තියන සමස්තයේ සම්පිණ්ඩනයක් ලෙස ගන්නේ නැතිව. ඒකයි කොපමණ වටිනවා උනත් ධර්මය එතෙර වෙන්න බැරි සහ අවබෝධ කරන්න බැරි... දහම ඕනෑම තැනක හෑල්ලුවට ලක්වෙනවානම් එය දහමේ ප්‍රශ්නයක් නොව, ඒ මිනිසුන් දහම දන්නේ නැති නිසා හා අවබෝධ කර නොමැති නිසා මිස අන් කිසිවක් නිසා නොවෙයි. "සුව නින්දක්" කියන තැනදී හරි තමන්ට කමටහනක් ලැබෙනවානම් ජීවිතය නිසිමගට ගන්න අයේ තව වෙන මොනවද? කවදානම් මේ මිනිසුන් ''ප්‍රඥා උදපධී '', ''ආලෝකෝ උදපාධි'' වේවිද......? (රේ)
පොඩි කරුණකට අපේ කට්ටිය ගිහින් තිබෙන දුර දැක්ම පුදුම හිතෙනවා.මෙතරම් දහම හඳුනන ජනතාවක් ඉන්න රටක සිදුවන අපරාධ වංචා,දුෂණ දකින විට ඔක්කොම කරන්නේ බොරුවක් බව කෙනෙකුට කියන්නට පුළුවන. (අ)
මේක නම් හොඳ ආරංචියක් (නි)
මිනිසාට තාවකාලික නින්දට යම් යම් පිළිතුරු සොයන්නට පුළුවන් වනු ඇත. නමුත් සදාකාලික නින්දට යන්නට පෙර මිනිසුන් ළගට මාරයා විත් ''නුඹට ලබාදුන් මිනිස් ජීවිතයෙන් කුමක් නුඹ ලබාගත්තේද යැයි'' අසනවිට රැකියා කළා, දෙමාපිය දරුවන් පෝෂණය කළා, පින්දහම් කළා දැන් මට මැරුණට ප්‍රශ්නයක් නැත. කියන පිළිතුර කිසිවිට ප්‍රමාණවත් නොවේ. මම කාමයටද, භවයටද, විභවයටද ඇති සියලු තණ්හාව නැතිකළා. මම මිනිසෙකුට කරන්නට තිබෙන සියලු කෘත්‍ය කර නිමකළා, කර්මක්ෂය කළා මගේ නම අහෝසිකර ගතිමී. යයි පැවසීමට මේ ලොව කීයෙන් කීදෙනෙකුට නම් හැකිවේද? ලොවට බුදුවරු පහළවී, අනන්ත අප්‍රමාණ නින්දා, අපහාස ලබා මිනිසුන්ට දම් දෙසා, ගැළවීමට හැකි අය ගළවා දමා නික්මී යයි.ඒ දහම අවබෝධ කරනොගත් අනෙකුත් සියලු දෙනා මහා ශාපයකට හසුවී දුක්විඳ අවසන අපාගාමී වෙයි. නුවණ ඇත්තෝ සොයත්වා.....! (නි)
අම්මෝ කට්ටිය ගිහිපු දුර. (ර)
මාතෘකාව නින්ද, අවසන් වෙන්නේ ආගම තුලින්. සියලු දෙනාම අග්‍ර පණ්ඩිත වරු. (ර)
භාවනාවට තැනක් නැත. නින්දට මොහොටකට පෙර වුවත් කළ හැකිය. ඕනෑම විදියකට කළ හැකිය. ඵලයන් නම් වෙනස් වේ. නින්දට පෙර කිරීම වරදක් නොවේ. ආගමට හානි වන්නේ නැත. භාවනාවේ අරමුණ නිවනම නොවේ. සිට එක්ලස් කර ගැනීම, සුවසේ නිදියම වැනි ද . ඔබට වෙනත් අරමුණක් නම් බන්දුල මාහට කියන පරිදි වෙලාවක් ගෙන සමත හෝ විපස්සන භාවනවා නිසියාකාරව කරන්න. භාවනවා යනු බොහෝ ආගම වල මුලයකි. (බ)
කොච්චර හොදද ඒක...අාගම නොවෙයි ''දර්ශණයක්'' නොමැතිවූ නිසා තමයි මෙතරම් දක්ෂ, නිර්මාණශීලී ජාතියන් අද නින්දට යට වෙලා ඉන්නේ. ඔවුන්ගේ දාර්ශනිකව සිතීමේ ශක්තිය අද මොට්ටවෙලා, මොට්ට කරලා. හැමදාම ලෝකය ශුද්ධ කලේ නිමුණු හා බුද්ධිය අවධි කළ පණ්ඩිතවරු තමයි... (බ)
අනික ඉතින් නිවනට යන්න කලින් සාමාන්‍ය භාවනාවෙන් සිත එක්ලස් කර ගන්න එපැයි බුදු හාමුදුරුවොත් එ්ක කළා නේ නිවන ගැන හිතන්න එපා එ්කත් බැදීමක් දිව්‍යලෝකය වගේ පුළුවන් තරම් වර්තමානේ ධාර්මිකව කල් ගෙවන්න (බ)
බන්දුල, ඔබ ආගම ගැන තේරුම් අරගෙන තියනවා නම් බොහොම වැරදියි. 1) බුදු හාමුදුරුවන්ගේ ධර්මය තාර්කිකව බැලිය යුතුයි. වෙන ආගම වල ඇති දේ එසේම පිළිගන්න යැයි කිවුවත් බුදු දහමේ එහෙම බැහැ. පොඩි දෙයක් වුණත් තාර්කිකව හිතන්න ඕනෑ. රාහුල හාමුදුරුවන්ගේ කතාව දන්නවනේ.. වර්තමානයේ තත්වය බොහොම වෙනස්.අන්ධ භක්තිය නිසා ආගම විනාශ වෙලා. 2) භාවනාව කියන දේට ආගම ගාවාගන්න එපා. ඒක වෙනම කතාවක්. බුදු දහමේ අපි භාවනා කරන්නේ හිත එකඟ කර ගැනීමට හා බැදීම් අවම කිරීමට. පැවිද්දන් බැඳීම් අතහැරීමට දැන් මෙතැන යන කතාව හිත එකලස් කිරීම. 3)ජාතියි ආගමයි කියන්නේ අහස පොලව වගේ. ඊටත් වඩා වෙනස් ගොඩක්. අපේ ජාතිය මෙහෙම වෙලා තියෙන්නේ බුදු දහමේ වැරැද්දක් නිසා නෙමෙයි. වර්තමානයේ එය තව දේවල් සමග මිශ්‍රකර වෙනස්ම වූ ආගමක් සැදීම නිසයි. දැන් තියෙන්නේ නියම නිරවුල් බුදු දහම නොවේ. (නි)
ගුණසිරි මහතාගේ දීර්ඝ අදහස මම දැන්නේ දැක්කේ. ඔබ විශුද්ධි මාර්ගය බලලාද නැත්නම් වෙනත් ගුරුවරයෙක්ගෙන් මාර්ගය අසාගෙනද මගඵල නිවන් දැක්කේ? ඔබ කුමන මාර්ග ඵලයක මේ වනවිට සිටිනවද? එය කළ ආකාරය විස්තර සහිතව කියන්න. (නි)
එතකොට පොඩි උන්ට නින්ද යන්නේ භාවනා කරලද?එහෙම නැත්නම්, දෙවියන් අදහලාද? මනස පිරිසිදුයි, බඩ පිරුනා නම්, ලෙඩ නැත්නම්, හොඳට නින්ද යනවා. මානසික හා ශාරීරික ලෙඩුන්ට නින්ද නොයන රෝගයට ආගම දහම ගාවාගන්න එපා. (නි)
කාගේ අදහස් පිළිගන්නද,කාගේ අදහස් නොපිළිගන්නද කියා තේරෙන්නේනේ නැහැ මෙහි දමා තිබෙන අදහස් දිහා බැලුවාම.මේවා කියවන, සබැ ධර්මය සොයන අන්‍ය ආගමික අයවලුන් මොනවා සිතනවා ඇද්ද?මෙතනදීත් අපේ කට්ටිය එකිනෙකා කුළල්කා ගන්නවා. (බ)
ඔය හරි තුෂාරි. ඔක්කොම බක පණ්ඩිතයෝ. (ර)
"සුව නින්දක්" කියන සරල මාතෘකාවට මහා දර්ශනයකින් හිතන්නවත්, ලියන්නවත් අවශ්‍ය නැහැ. අනික සුව නින්දක් ලබාගන්න අමුතුවෙන් පාඨමාලා හදාරන්න ඕනත් නැහැ. මනුෂ්‍යයෝ, මනුස්සයෝ වගේ හිතල සරලව හා සැහැල්ලුවෙන් ජිවත් වෙලා නින්දට වැටුනම හොඳට නින්ද යනවා. අනික ආගම් හා දර්ශන තියෙන්නේ, මිනිස්සුන්ව නිදි කරවන්න නෙමෙයි. අවදි කරවන්න,ජිවත්කරවන්න. ශ්‍රද්ධාව වැඩිකමට ද මන්දා,අනවශ්‍ය තැනටත්, පණ්ඩිත කතා කියන්න ගියාම කතාකරන පුද්ගලයා විතරක් නෙමේ , වටිනා ධර්මයක් වුනත් හෑල්ලුවට ලක්වෙනවා. (බ)
බද්රනිට මගෙන් මල් මිටක්....!(රේ)
මම හිතුවා දැන් මෙ බන්දුල මහත්තයා හොදට බැනුම් අහන්න හදන්නේ කියලා. වදින්නම් මේකට භාගයවතුන් වහන්සේව ගාවගන්න එපා. බන්දුල මහත්තයා ඇතුළු සකල සත්වයින්ටම මෙත් සිත වඩන්න. එය ඒ අයට කෙසේ වෙතත් අපට යහපතට පවතිනවා. (ර)
මටනම් දැන් නිදිමත්කකුත් ආවා.. (ර)
සිල්වී, එහෙනම් දැන් නිදාගන්න. (නි)
අන්තිමේ ඉතින් ගහපු පදේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ වගෙයි නේද බන්දුල මහත්තයෝ? මටත් පොඩි නිදිමතක් ආවා. දොයිය බබා සින්දුව කියාගෙනම මම යනවා පොඩි ඇලට් එකක් දාන්න.(රේ)ප
සියලු දෙනාගේම දැනගැනීම පිණිස , මේ මගේ විද්‍යුත් ලිපිනයට ලියන්න දහම් කරුණු සම්බන්ධයෙන් පමණක් පිළිතුරු දෙන්න සුදානම් [email protected] ස්තුතියි (බ)
ආරක්ෂක අංශයේ සේවය කරන අපිටනම් මොන නින්දක්ද. (ර)
සයනයෙදී හෝ කය නොවෙහස වන්නට මතක තබා ගනු. (ර)
අපි නම් හොඳට නිදාගන්නවා (නි)
බන්දුල මහත්තයාගේ බණ අහලා වික්ෂිප්ත වුණ චමිලයි, එංගලන්තේ ඉනෝකටයි දැන් හොඳට නින්ද යනවද? බලාගෙන නිදිමත වැඩිකමට දවල් රෑ මාරුවෙලා නින්දම යයි. (නි)
පුෂ්පකුමාර,ඔබවැනි අයට කාවහරි අවුස්සගෙනම ඉන්න ඕනේ නේද....?නැත්නම් නින්ද යන්නේ නතුවාවත්ද.....?(ම)
අනේ නැහැ , එංගලන්තේ පදිංචි ඉනෝකා, මොන ක්‍රමයකට හරි වීසා එකක් ගහගෙන එංගලන්තෙට ගියාට, වීසා එක දික්කරගන්න ගියාම තමයි නින්ද නොයන්නේ කියලා මම අහලා තියනවා. එංගලන්තේ තියන ශීතලටත් සැපට නින්ද යන්නේ නැත්නම්, මදුරුවෝ තල තලා ලංකාවේ නිදාගන්න අපිටද සැපට නින්ද යන්නේ? (නි)
පුෂ්ප කුමාර,අවරුදු 25කට ඉස්සෙල්ලා මෙහාට අපු මට මොන වීසාද...?අපි මෙහෙ පුරවැසියෝ වෙලා ඉවරයි.ලංකාවේ මදුරුවෝ තල,තල,පැදුරේ නිදාගත් අපිට මෙහෙ සීතල නින්දට වඩා ඒ දුප්පත් නින්ද දහස් වාරයක් වටී. (ස)
මොනවා කියනවාද කියලා මට තේරෙන්නේ නැහැ. කොහොම සැප නින්දක් නිදාගන්නද, මදුරු කරදරෙන්? ලංකාවෙන් මදුරු කරදරේ ඉවත් කරන්න කිසිම කෙනෙක් කිසිම ස්ථිර පිළියමක් කරන්නේ නැහැනේ. (නි)
හේවාවිතාරණ මහතා සහ පුෂ්පකුමාර,භද්‍රානි, ඔබ තුන්දෙනාම හරි. මේ බන්දුල කියා අන්වර්ත නාමයකින් ලියන කෙනා , හොඳට මදුරුවෝ තලනවා. ඒ විතරක්ද? මිත්‍යාදෘෂ්ටික අදහසුත් දරනවා. මදුරුවා කියන්නෙත් සත්වයෙක් අපට කරදර කළත්. (නි)
සියලු සත්වයෝ සුවපත් වෙත්වා! (නි)
අපි සියලු දෙනාටම මෛත්‍රියෙන් ඉන්නවනම් අපිට කුසල් සිත් ඇති වෙනවා. ඒ සිත් නිසා අපිට හොදට නින්ද යනවා, සුවපත් වෙනවා.වෙන අය අපරාද කරන එක ගැන හිතලා සිත වික්ෂිප්ත කර ගත යුතු නැහැ. තමාගේ සිත තමා සකසා ගත යුත්තේ. (අ)
මෙයාලා අද එකක් කියනවා, හෙට ඊට පරස්පර එකක් කියනවා. වරක් මේ වගේ පර්යේෂකයින් කට්ටියක් කිව්වා වැඩිපුර නිදාගත්තාම මතක ශක්තිය අඩුවෙනවා කියලා. දැන් කියනවා වැඩිවෙනවා කියලා. අපිත් ඔහේ ඉතින් කියවනවා. (හේ)
ඒක හරි.(හේ)
මෛත්‍රි භාවනාවේ ආනිසංස හෙවත් ප්‍රතිඵල දන්නවා නම් මිනිස්සු සුවනින්දට යනවා. මෛත්‍රී භාවනාව හෙවත් මෙත් සිත පැතිරවීම නිසා, මේ ලෝකයේදී සහ පරලොවදී ආනිසංස එකොළහක් ලැබෙනවා (නි)
මෛත්‍රී භාවනාව කරන්නේ කොහොමද? ඇස් වහගෙන හුස්ම ගැන අවධානයෙන් හිටියත් තත්පරයකින් හිතට වෙන වෙන දේවල් එනවා. නොහිතපු දේවල් මතක් වෙනවා. හිත එකඟව තියාගන්නේ කොහොමද? (අ)
මෛත්‍රී භාවනාව කරන පහසු නිවැරදි ක්‍රමදෙකක් කතුවරයාට ලියා යැවුවා; අෑන් සදහන් කරන්නේ වෙනත් ක්‍රමයක් , මෛත්‍රී භාවනාවට ඕව අවශ්‍ය නැහැ , හරි පහසුයි , නැවතත් ලියා දන්වන්න පුළුවන් ,පොදු ක්‍රමවේදයක් දෙන්න . (අ)
නිදා ගන්න අයට හොද මාර්තු කවක් (ම)
ඇන්, ගුණසිරි, ඔබ ගැන මට ලොකු කණගාටුවක් ඇතිවුණා. කොතරම් බෞද්ධයෝ හිත නිවෙන, හිත ශුන්යවෙන නියම දහම දන්නේ නැතුව මං මුලාවෙලාද කියලා..... ඔබ මෛත්‍රී භාවනාව කරන්නේ නිදා ගැනීමට නම්, හොඳට නිදිමත එනතුරු ඉඳලා නිදාගන්න. ඒකට මොකටද භාවනාවක්? නැත්නම් ඔබ එය කරන්නේ දෙව්ලොව හරි බඹලොව හරි යන්න නම් මොකටද ලෝකෙට බුදුවරු පහළවෙන්නේ? ඔබේ ඔය මනුස්ස ජීවිතේ හොඳටම ප්‍රමාණවත් ඒ බුදු පණිවිඩය අවබෝධ කරන්න. ඒකයි බුදු හිමියන් දේශනා කළේ නිවන තියෙන්නේ බාහිර කොහෙවත් නෙමෙයි මේ බඹයක් විතර වුන ශරීරය තුළයි කියලා. (නි)
ඔය කතාව අපේ මුතුන් මිත්තන් කියලා හුඟක් කල් (නි)
පින්වත් බන්දුල මහත්තයා, අපි මේ ප්‍රතිචාර දැක්වූයේ සුව නින්ද සම්බන්ධවයි . නිවන හෝ එහි හැඩතල ගැන නෙවෙයි ,එනිසා යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියන්න එපා .බුදුන්වන්සේ පැවසුවා. මෛත්‍රී භාවනාව හෙවත් මෙත් සිත පැතිරවිම සුව නින්දට ඍජුවම බලපාන බව ,එහි පළමු ආනිසංස තුන මෙසේයි , සුකන් සුපති (සුවසේ නිදනවා )සුකන් පටිබුජ්ජති (සුවසේ අවදි වෙනවා ,)න පපකනම් සුකිනම්පස්සති (නපුරු සිහින නොදකියි) හරි පුදුමයි ඔබ දන්නා බව කියන,හගවන හිත නිවන , හිත ශුන්යවෙන , ක්‍රම සතරක් ,තිබෙනවා මොකක්ද ඒ ක්‍රම සතර? මට කියා දෙන්න පින්වත් මහත්තයා (අ)
ගුණසිරි මහත්මා, ස්තුතියි අදහස් දැක්වීමට. මම දන්නා කිසිවක් මම ඔබට කිව්වේ නැත. මා ප්රත්යක්ෂ කළ දහම ගැන මම කියමි. ඔබ කුමන පිළිතුරු හොයාගත්තද, එය ඔබේ නිවීම සදහා හේතුනොවන බව මතක තියාගන්න. ඔබ මෛත්‍රී භාවනාව වඩනවා නම් ඒක යථාර්ථයක් කරගන්න කියලයි මම කිව්වේ. සියලු සත්වයන්ට මෛත්‍රීය වැඩු පමණකින් එය නියම මෛත්‍රී භාවනාව වෙන්නේ නැහැ. චේතනා විරහිත තත්වයකට ඔබේ හිත පත්වුණු දවසක (චේතෝ විමුක්තියට) ඔබට එය වැටහෙනු ඇත. නමුත් ඔබට මෛත්‍රී භාවනාව කිරීමෙන් කිසි දිනක නිවන් දැකීමට නොහැකි බව වටහා ගන්න. කාමයෙන් පිරුණු, රාගයෙන් පිරුණු, ද්වේශයෙන් පිරුණු අවිද්‍යා අන්ධකාරයෙන් වැසුණු දිව්‍ය, මනුෂ්‍ය, තිරිසන්, රූපී හා අරූපී සියලු සත්වයන් මේ ඝෝර සසර සැපයක් යැයි සිතා එහිම සුවපත් වෙන්න, නිදුක් වෙන්න කියාද ඔබ කියන්නේ. ඔබට වැටහුනාද මෙතන තිබෙන අවුල? මම කැමතියි ඔබ වැනි ධර්මය හොයන අයට උදව් කරන්න. (නි)
හොඳ පුවතක් (නි)
හොද නිව්ස් එකක්. (ර)
බන්දුල මහතාණෙනි,ඔබගේ ඉහත සටහන බලා මා ටිකක් වික්ෂිප්ත වුනා.මා අන්‍ය ආගමික වුනත් මට බුදු දහම ගැන ඇත්තේ ඉතා පැහැදීමකි. අප විඳිනා අනත්ත දුක් දෝමනස්සයන්ගෙන් සිත මදකට හෝ මුදවා ගැනීමට බුදු දහමෙන් මනා පිටුවහලක් ලැබෙන බව දනිමි.නමුත් මාතුල පැන නැගෙන පැනයකි.අප මෛත්‍රී බාවනාව වඩනා කල එයට "සියලුම සත්වයෝ"අන්තර්ගත වෙති.අහස පොළොව නුහුලන අපරාද කාරයොත් මෙයට ඇතුල් වෙනවා නොවේද....? ඔවුන්ටත් අප මයිත්‍රී කල යුතුද.....?මෛත්‍රී භාවනාව කරන විට මේ නිසා මගේ සිත මහත් වික්ෂිප්ත බාවයට පත් වේ.ප්‍රිය මහතාණෙනි,මා කුමක් කළ යුතුද.....?පහදා දෙනු මැනවි.! (බ)
අපි ආරක්ෂක අංශවල ඉන්න අය අපි ගොඩක් නිදිමරනවා. අපිවගේ අයට මේ ආයතනවල කිසිම රැකවරණයක්, ආරක්ෂාවක් නැ. අපේ රටේ මේ වගේ කරුණු පිලිබදව සොයා බලලා නව නීති ගෙන්න ඕනේ. (ර) ඕනේ
ජාතියක් විදියට නිදා සිටින අපිට සුබ ආරංචියක්ද (ම)
බන්දුල , මමත් ඉනෝකා වගේම කතෝලික කෙනෙක් . ඉතා සරලව කියනවා නම් සමහර පුද්ගලයන්ට නිදා ගන්න බැරි හේතුව මනස නිරවුල් නොවීම . ලෝකේ තියන ඔක්කොම ප්‍රශ්න මනසට ඒම.(මමත් ඇතුලත්ව ) මේකට හොදම දේ මනස පාලනය කිරීම . එකට තමයි භාවනවා කියන්නේ මම දන්නා විදිහට . මම නම් කරන්නේ මගේ ආගමේ විදිහට මෙය කිරීම .(අ)
ගුණසිරි සහ බන්දුල පොතේ හැටියට ජීවත්වෙන දෙන්නෙක් වගේ (නි)
ගයානි සහ චමිලා සහෝදරියන්ට ස්තුතිවන්ත වෙමි. (නි)
හේවාවිතාරණ ,බන්දුල ධර්මය හොයන අයට උදව් කරන්න කැමතියි කියලා පුරසාරම් ගැහැව්වාට ඉනෝකාට උත්තරය ලැබිලා තියෙන්නේ අපේ පාඨක මහත්මියන්ගෙන් නේ.(ම)
ඉනෝකා මහත්මිය. ඔබ අන්‍ය ආගමික වුවත් මෙම ප්රශ්නය ටිකක් තේරුම් අරගෙන ඇති බව පෙනෙයි. බුදුන් වහන්සේ බණ දේශනා කලේ බෞද්ධයන්ට නොවේ. අන්‍ය ආගමිකයන්ට. ඔවුන් ඒවා අසා ඒ සත්‍යය වටහා ගත් පසුයි බෞද්ධයන් වුනේ... ඔබ ඒ කළ මෛත්‍රී භාවනාව නවත්වන්න එපා. දිගටම කරගෙන යන්න. අප වැඩියෙන්ම මෛත්‍රී කලයුත්තේ එවන් පාපී ජීවිත ගත කරන මිනිසුන්ටයි. මොකද ඒ මිනිසුන් තව කල්ප ගණන් නිරයේ ඉපදී අනන්ත දුක් විදින නිසා. නමුත් ප්රශ්නය වනුයේ ඔබ/අප කරන ඒ මෛත්‍රී භාවනාවෙන් අපරාද කාරයන්, නරක මිනිසුන් හෝ හොද මිනිසුන් මේ කිසිවෙක් සුවපත් වෙන්නේ නැහැ. එහෙම වෙනවනම් ලෝකයේ සියලු මිනිසුන් අඩු, වැඩි වශයෙන් කරන මෛත්‍රී භාවනාව නිසා මේ ලෝකයේ සියලු මිනිසුන් මේ වනවිට සුවපත්වී සිටිය යුතුයි, ගොඩක් තිරිසන් සතුන් ලොවෙන් වදවී ගොස් සිටිය යුතුයි. එයින් සිදුවන්නේ ඔබගේ හිතතුල ඇවිලෙන දාහය, ගින්න්න තාවකාලිකව නිවී සිත සිසිල්වීමයි. නමුත් බුදු රජාණන් වහන්සේ දේශනා කලේ එලෙස තාවකාලිකව නිවීමක් හෝ සිසිල් වීමක් නොවෙයි. එය සදාකාලික නිවීයාමක්. ලෝකයේ සිදුවන සියලුම හොද හෝ නරක (ලාභ-අලාභ,සැප-දුක, නින්ද-ප්‍රසංසා, කීර්ති-අපකීර්ති ආදී...) දේවල් හමුවේ ඔබගේ හිත නොසෙල්වේනම් එයමයි නියම මෛත්‍රීය හා විමුක්තිය වන්නේ. ඔබගේ හිසට ඔටුන්නක් ගෙනවිත් පැලදුවත්, ඔබගේ ඔලුව කඳින් වෙන් කරගෙන ගියත්, ඒ දෙකටම ඔබ සිත තුල තිබිය යුත්තේ වෙනස් නොවන එකම මෛත්රීයකි. මෙය ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. සසරේ ගොඩක් පින්කළ, මහා බුද්ධියක් තියන, මම තුල ඇති ''මම'' නැති කළ කෙනෙකුට විතරයි එය කල හැක්කේ. ඔබ ඔය මෛත්‍රී භාවනාව කරනගමන් මෙලෙස කරන්න. මේ ලෝකයේ හැම දෙයකම තියනවා ''ද්වි '' ස්වභාවයක් කියලා එකක්. ඒ කියන්නේ කදු-පල්ලම්, සීතල-උණුසුම, උස්-පහත්, ලස්සන-කැත, උස-මිටි, හොද-නරක ආදී බොහෝ ස්වභාවයන්......ඒවාට කියන්නේ අන්ත කියලයි. ''දුක'' කියන්නේ එක අන්තයක් නම් - ''සතුට'' කියන්නේ තව අන්තයක්. නමුත් ලෝකයේ මිනිසුන්ගෙන් 99.9%ක් හිතන්නේ ''සතුට'' හොදයි එහෙත් ''දුක'' නරකයි කියලා. නමුත් එය එකම කාසියේ දෙපැත්තක් වගේ කියලා හිතන්න ඔවුන්ට නුවණක් නැහැ. අපි සතුටට සතුටු වෙන තාක් කල්ම, දුකට දුක් වෙනවාමයි. සතුටට-සතුටු නොවී හිටියොත් ඔබට දුකට-දුකක් ඇති වේවිද කවදාවත්? නැත කිසි දිනක නැත. ජීවිතයේ සිදුවන සියලු දේවල් තවත් එක සිදුවීමක් ලෙස දකින්න, සිදුවන සියලු දේවල් පිළිගන්න. මෙලෙස ටිකෙන් ටික ජීවිතය දෙස ගැබුරින් බලන්න පුරුදු වන්න.වීර්යය වඩන්න. එවිට ඉහත කියූ නිවීම ඔබ කරා නිරායාසයෙන්ම ඒවි....(බ)
මට නම් පුදුම සමහර කටවල් වලින් බණයි, පචයි, දෙකම එක වගේම දෙසනවා. ඇට නැති දිවේ ස්වභාවය වෙන්න ඇති ඒ? (අ)
බොහොම හොඳ ලිපියක් (නි)
හොඳ අදහසක් (ම)
බන්දුල මහතාට ස්තුති වන්ත වෙමි. බුදු සමිඳුන් අංගුලි මාලටත් අනුකම්පා කර සසර දුකින් මුදවා ගත්තානේ. සිත එක තැනක රඳවාගෙන බාවනා කිරීම මට මදක් අපහසු උනත් උත්සාහකලොත් බැරිවෙන එකක් නැහැ. (ර)
කිව්වත් නැතත් අපේ රටේ අය හොදට නිදියනවා. එකනේ අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. හා නැද්ද? (ර)
හේවාවිතාරණ මහතා වෙත ගෞරවයෙනි, ඔබතුමා සුව නින්ද ගැන ප්‍රතිචාර දැක්වීම වෙනුවට පුද්ගලයන්ගේ සීලය සහ ප්‍රතිපදාව ගැන සැකය ගෙන හැර දක්වනවා, ගුණසිරි ඒ ගැන මෙන්න මේ අදහස් දක්වන්න කැමතියි, මෙ ලෝකයේ ජිවත් වත මිනිසුන්ගේ සිත, මන ,විඥානය යන වචන වලින් කියන දේ ගැන වඩාත් හොදින් දන්නේ ඒ ඒ පුද්ගලයාගේ චිත්ත සන්තානයමයි, හැබැයි, මිනිස්සු එහෙම හිතුවට ඒක ඒහෙම නෙමෙයි , මේ විශ්වයේ ජිවත් වෙන කෙනෙක් සියලු ආගම් පිලිගන්නා විවිධ නම් වලින් , බුදුන්වහන්සේ ඔහු හදුන්වනවා මාර දිව්‍ය පුත්‍රයා, ,මර දෙව් පුත් යන නමින් , ඔහුට මෙ විශ්වයේ ජිවත් වන සත්ත්වයින් ගේ සිත් ගැන රහසක් නැත. .තවද මේ අප ජිවත්වන ලෝකයේ අප සමගම ජිවත්වන මිනිස් ඇසින් නොදැකියහැකි එම නිසාම නොපිලිගන්තා සත්ත්ව කොඨාශයක් ඉන්නවා පරදත්දුප ජිවි ප්‍රේතයෝ, ඔවුන්ටත් මගේ පොතේ හැටියට ජිවත්විම ගැන රහසක් නැත..බොරුවට තමන් සිල්වත් බව ලෝකයට පෙන්වන්න හදන අයට මෙක හොද ප්‍රවෘතියක් ඉදින්,මහතාණේනි, ඔබ පොතේ හැටියට ජිවත්විම ලෙස හදුන්වන ධර්මයට අනුව දිවි ගෙවීම යන මෙ කරුණ, මේ ජිවිතයේදි ඔබට , මම හරියටම දන්නවා කියලා, සිවුවනක් පිරිසේ යමෙක් ප්‍රකාශ කර තිබේද? එසේනම් ,ගුණසිරි කියන මම බුදුන් වහන්සේ වදාල විශුද්ධි මග සම්පුර්ණ කරමින් මග පල නිවන සක්ෂාත් කරගෙන පිලිවෙලින් පොතේ හැටියට ජිවත්වෙන්නේ මෙන්න මෙහෙමයි කියන කාරණය සෘජු වදන් වලින් හරියටම දන්නවා කියලා ඔබට කියමි.. මෛත්‍රි භාවනාව සුව නින්දට, රෝග පිඩා දුරුවෙන්න සෘජුවම බලපාන්නේ කෙසේද යන කරුණත් හරියටම දැන ගන්න කැමතිද? මෙ බලන්න හරිපුදුමයි, ඔබට තරමක් ඇතින් සිටින පුද්ගලයෙකු ඔබ අසන්නට අකමැති රුදුරු,කටුක, පරුෂ වචනයෙන් බැන වැදුනා යැයි සිතන්න, එය ඇසුන සැනින් ඔබේ සිතේ තරහව, ද්වේෂය එ් ඔස්සේ සියලු චෛතසියන් බොහෝ ගනනක් හට ගත්තා, ඒහෙත් මෙ වචනත් ඔබත් අතර නූලකින් ගැටගැසුවා වැනි කිසිදු සම්භ්ධයක් නැත. එය ඇසට නොපෙනෙන දාතු මාත්‍ර ක්‍රියාකාරිත්වයක් පමනයි ඒහෙත් එය ඔබ තුල වෙනස් කම් ඇති කලා. මෙන්න ආකාරයටම තමයි මෙත් සිත වඩද්දි ඔබ තුලත්, පරිසරය තුලත්, අන්‍ය පුද්ගලයින් තුලත් ,මෙ දාතු මාත්‍ර විපර්‍ය්‍යාසය සිදුවෙනවා. ඉන් ඔබට සුවසේ නිදන්න පුලුවන් රෝග පිඩාත් දුරු වේනවා. නමස්කාර වේවා භාග්‍යවතුන් වහන්සේට! (ස)
කතාවේදී නම් ඉතින් හැමෝම බෝධිසත්වයෝ. ක්‍රියාවේදී බලන්න ඕනෑ කෙරුවාව?? කරන ක්‍රියා වල හැටියට, නින්ද නෙමෙයි, සමහරුන්ට මේ මහපොළවේ පය ගහන්න ලැබිලා තියෙන්නේ කොහොමද කියලයි මම මේ කල්පනාකළේ. (නි)
භද්‍රානි - කතාවෙන් විතරද ඇයි ක්‍රියාවෙන් බෝධිසත්වයෝ සිටිය නොහැකිද? එසේ නම් ලෝකෙට කෙලෙස ද බුදුවරු පහළවෙන්නේ? ඕව කුහක කමට කියන කතා. සම-හරක්ට මේවා තේරුම්ගන්න අමාරුයි. තව ගොඩක් දුර යන්න වෙනවා.(අ)
මම වර්තමාන සමාජ යථාර්තය ගැන සත්‍ය ලිව්වාම, බන්දුල මහත්තයාගේ හිත රිදිලා වගෙයි.නින්දේදී දකින සිහින වගේ බෝධිසත්ව ගුණ ගැන කටින් පම්පෝරි ගහන එක අද සමාජ විලාසිතාවක් වෙලා. පිරිත් නුල්, මල්වට්ටි, දල්වන පහන්වලින්, කිසිවෙකුගේ ශරීර කුඩුවේ ඇතුලත නම් පහන් වෙලා තියන බවක් පෙනෙන්න නැහැ. ශ්ර්ෂ්ඨ වූ දර්ශනයන් ආයුධයක් කරගෙන, තම පටු පරමාර්ථ ඉටු කරගැනීමේ අමනොඥ ක්‍රියාවන් තමයි අපිට නම් දකින්න ලැබෙන්නේ. සම-හරක්ගේ බෝධිසත්ව පම්පෝරි වලට වැඩිය කුඹුරේ නිහඬව තම කාර්යය කරන හරකා ගෙන් මහා පොළොවටත්, මිනිස් සමාජයටත්, මහඟු සේවයක් සිදුවෙන බව තමයි මගේ නම් හැඟීම. අඳුරු කුටියක් තුල නිදමින් සැප නින්දේදී බුදු බව ගැන මනරම් සිහින දකින බක පණ්ඩිතයින් එදා බුදුන් වදාළ "මාගේ මේ උතුම් දහම තිබෙන්නේ, සසරින් එතෙර වීමට විනා, කර මත තබා ගෙන යාමට නොවේ" කියන වදන අසාවත් නැතිව ඇති. (බ)